තිරිඟු පිටි රුපියල් 10 කින් ඉහළට තිරිඟු පිටි මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට ප්‍රධාන තිරිඟු පිටි ආනයනික සමාගම වන ප්‍රීමා සමාගම ඇතුළු සෙසු සමාගම් තීරණය කර ඇති බව ප්‍රීමා සමාගමේ නිලධාරියකු පැවැසීය. 11 October 2021
ලාෆ් ගෑස් රුපියල් 984කින් ඉහළට ලාෆ් ගෑස් සමාගම කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. 11 October 2021
වැරදි බදු ගණනය නිසා රේගුවේ කෝටි 12 වතුරේ ගිහින් රටේ සංවර්ධනයට යොදා ගත හැකි විශාල මුදලක් දඩ මුදල් ලෙස නම්කර ඒවා ත්‍යාග මුදල් ලෙස රේගු නිලධාරින් සීමිත පිරිසක් අතරේ බෙදා ගැනීමට කටයුතු කර ඇති බවත් මෙලෙස කටයුතු කිරීම යුක්ති සහගත නැති බවත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාවක සඳහන්වේ. 11 October 2021
ගැබිණි අම්මලාට වෛද්‍ය අංශයෙන් පණිවිඩයක් ‘කොවිඩ්’ ආසාදිත සියලුම ගර්භණී මව්වරු රෝහල් නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසන්නීය. 11 October 2021
මෝටර් රථය ලොරියේ ගැටේ:දෙකම ගිනිගෙන අළු වෙයි අති සුඛෝපභෝගී මෝටර් රථයක් සහ රුපියල් කෝටි ගණනක දේපළ ගබඩා කර තිබූ තිබු ලොරි රථයක් දෙල්කඳ හන්දියේදී ගැටීමෙන් එම වාහන දෙක ගිනිගෙන විනාශ වූ බව මිරිහාන පොලිසිය කියයි. 11 October 2021
ගැටුමක් බේරන්න ගිය පොලිසියේ දෙකකට කඩු පහර උඩප්පුව කීරියන්කල්ලිය - සින්නකොළණිය ප්‍රදේශයේදී ගැමුටක් සමථයකට පත් කිරීමට ගිය උඩප්පුව පොලීසියේ ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයකු තවත් නිලධාරීයකු ගැටුමට මැදිවූ පුද්ගලයකු කැපුම් තුවාල සහිතව හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව උඩප්පුව පොලීසය කියයි. 11 October 2021
පළාත් රැසකට ගිගුරුම් සහිත තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) විටින් විට හො ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 October 2021
රසායනික පොහොර ගැටළුව පසුපෙළ මන්ත්‍රීවරු ජනපතිට කියති කුඹුරුවලට , එළවළුවලට සහ අපනයන බෝග වගා වලට අවශ්‍ය රසායනික පොහොර නැවත ලබා දෙන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 11 October 2021
ගුවන් යානයක එකවර යා හැකි සීමාව ඉවතට කොවිඩ්-19 වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මෙරටට පැමිණෙන ගුවන් යානයක රැගෙන ආ හැකි උපරිම ගුවන් මගීන් සංඛ්‍යාව 75 ක් විය යුතු බවට පනවා තිබූ සීමාව වහාම ඉවත් කළ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ඊයේ (10) ලංකාදීපයට පැවසීය. 10 October 2021
ගෑස් රුපියල් 1,257 කින් ඉහළට ලිට්රෝ ගෑස් කිලෝ 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 1,257 කින් ඉහළ දැමීමට තීරණය කිරීමත් සමඟ එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,750 ක් බවට පත්වූ බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. 10 October 2021
අලෙවියට තහනම් මත්පෙති ජ‘පුර රෝහල් කඩයකින් මතුවෙයි ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ වෙළෙද සැලක විකිණීමට තබා තිබූ “තහනම් ඖෂධ” පෙති 173ක් නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකයේ නිලධාරීන් සහ ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් පෙරේදා (09) සොයා ගනු ලැබීය. 10 October 2021
‘‘පොහොර ගැටළුව නිසා ගමට යන්නත් බැරිවෙයි ද දන්නේ නෑ‘‘ පොහොර නොමැතිවීමෙන් ගොවියා මුහුණ පා ඇති ඛේදවාචකය හේතුවෙන් ඉදිරියේදී තමාට ද පොළොන්නරුවට යාමට නොහැකි තත්වයක් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 10 October 2021
ලොව පුරා කොරෝනා තත්ත්වය ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 10 October 2021
පොහොර නැතිව විනාශ වූ බඩ ඉරිඟු වගාවට ගිනි පොලොන්නරුව මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිසෝබණ්ඩාරයේ 1 බී යාය ප්‍රදේශයේ යළ කන්නයේ කාබනික පොහොර යොදා වගා කළ බඩඉරි වගාවක් අසාර්ථ වී ඇති බව පවසමින් එහි හිමිකරුවන් විසින් බඩඉරිඟු වගාවට ගිනි තබා විනාශ කරනු ලැබීය. 10 October 2021
කොරෝනා ආසාදිතයන් තවත් 560ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 560 දෙනකු අද (10) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 10 October 2021
සුදු වෑන් එකක් ගැන තුෂාන්ගෙන් පොලිසිය පැමිණිල්ලක් නාඳුනන පිරිසක් සුදු වෑන් රථයකින් පැමිණ තම නිවස අසල සැකකටයුතු හැසිරීම ජීවිතයට තර්ජනයක් නිසා කිරුළපන පොලිසියට පැමිණිල්ලක් කළ බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවසීය. 10 October 2021
සාදයක සීමාව ඉහළ දමන්නැයි ඉල්ලයි රටේ පැන නැගී ඇති කොවිඩ් වසංගතය හේතුවෙන් උත්සවශාලා සහ ආහාර සැලසුම් කර්මාන්තයේ නිරත ලක්ෂ 15 ක් පමණ වන පිරිස ගැන සිතා අවම වශයෙන් 150 ක සීමාව යටතේ හෝ උත්සව පැවැත්වීමට අවස්ථාව සලසා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා උත්සවශාලා හා ආහාර සැලසුම්කරුවන්ගේ සංගමයෙහි සභාපති අතුල කළුආරච්චි මහතා ඉල්ලා සිටියේය. 10 October 2021
20 අසාර්ථක බව ජනපති පිළිගත් නිසා 19 බලාත්මක කළ යුතුයි තමාට දේශපාලන පළපුරුද්ද සීමා සහිත බැවින් අගමැති සහ කැබිනට් මණ්ඩලය එකතුවී සාමූහිකව කටයුතු කරමු යැයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් විසිවන සංශෝධනය අසාර්ථක බව ජනපති පිළිගෙන ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (10) පැවසීය. 10 October 2021
විමුක්ති පුතු තාත්තාගේ උපන්දිනය දා තැබූ සටහන දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවක් නැති නමුත් තම පෞද්ගලික හැකියාවෙන් වැදගත් වෙතැයි සිතන සමාජ සේවා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ විජය කුමාරතුංග මහතාගේ පුත්, වෛද්‍ය විමුක්ති කුමාරතුංග මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත. 10 October 2021
හමුදාවෙන් පැන්න හිටපු සෙබළා ගිනි අවියක් සමග මාට්ටු විදේශීය රටක නිශ්පාදිත මයික්‍රෝ වර්ගයේ ගිණි අවියක්, පතුරම් ගැබක් සහ ගිණි අවියට යොදන උන්ඩයක් සන්තකයේ තබා ගෙන සිටි බව කියන යුධ හමුදා විශේෂ බලකායෙන් පලාගිය සෙබළකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (10) ගම්පහ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගනු ලැබීය. 10 October 2021
බන්ධනාගාර නියාමකලාට පහරදුන් දෙදෙනාට බන්ධනාගාරයේදී ප්‍රහාරයක් අඟුණකොළපෑලස්ස බන්ධනාගාරයේ නියාමකයන් දෙදෙනකුට පහර දුන් බවට චෝදනා ලැබූ ප්‍රදේශීය සභා මන්ත්‍රී අමිල කුමාරසිංහට හා දුලන්ත රාජපක්ෂට අඟුණකොළපෑලැස්ස බන්ධානාගාරය තුළදී ඉතා අමාණුෂික ලෙස පහර දී ඇතැයි ඔවුන් ගේ ඥාතීහු පවසති. 10 October 2021
කොරෝනාවෙන් අදත් මරණ 35ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 35 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය. 10 October 2021
පොලිස් උසස්වීම් ගැන පොලිසියේ අප්‍රසාදය සහකාර පොලිස් අධිකාරි උසස්වීම් පිරිනැමූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් දැඩි කළකිරීමකට පත්ව සිටින බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. 10 October 2021
වරාය නගරය දෙසැම්බරයේදී ජනතාවට විවෘත වෙයි කොළඹ වරාය නගරය ජනතාව සඳහා ලබන දෙසැම්බර් මාසයේ විවෘත කෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 10 October 2021
‘කතිරයා’ගේ වැගන් ආර් රිය නීතිවිරෝධී දේපළ කොට්ඨාසය බාරයට බිංගිරිය පොලිස් වසමේ පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් මිලදී ගත්තේ යැයි සැකකරන රුපියල් ලක්ෂ 30 කට අධික වටිනාකමින් යුත් වැගන් ආර් වර්ගයේ කාර් රථයක් නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන පොලිස් කොට්ඨාසය බාරයට ගෙන තිබේ. 10 October 2021
දේශීය කිරිපිටි මිලත් ඉහළට ආනයනික කිරිපිටි මිලට සමගාමීව දේශීය වශයෙන් නිෂ්පාදනය කරන කිරිපිටි මිළද ඉහළ දැමීමට සිදුවන බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන , කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා අද (10) වාරියපොළ දී පැවසීය. 10 October 2021
වගකීමක් නැත්තම් කොරෝනා අලුත් රැල්ලක් ලෝකයේ පුරා කොරෝනා අලුත් රැල්ලක් මතු වෙමින් තිබෙන බව පෙනෙන්නට ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 10 October 2021
පොහොරට අඬාවැටෙන මහවැලි ගොවියෝ මහවැලි සී කලාපයට අයත් දිඹුලාගල නුවරගල ගොවි සභාපතිවරුන් සහ ගොවි නියෝජිතයෝ මෙන්ම ගොවියෝ, මෙවර මහ කන්නයට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු පොහොර සහන සහනාධාරය කඩිනමින් ලබා දෙන්නැයි රජයට බලකරමින් අද පෙරවරුවේ මැදගම්පිටිය වෙල්යායේ දී උද්ඝෝෂණයක් සිදු කළහ. 10 October 2021
‘නායකයා අවංක වුණත් ගෝලයෝ කපටිනම් ගමනක් යන්න බෑ‘ රටක නායකයා කොතරම් පිරිසිඳු හා අවංක වුවත් කොතරම් හොඳ දර්ශනයක් තිබුණත්, ඔහු සාර්ථක නායකයකුවීමට නම් අවංක ඇමති මණ්ඩලයක් සිටිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 10 October 2021
අතුරුදන් පාසල් සිසුවියගේ සිරුර පාළු නිවසකින් හමු වෙයි මීට දින තුනකට පෙර අතුරුදන් වූ බව කියන 14 හැවිරිදි පාසල් සිසුවියගේ මළ සිරුර දඹුල්ල කලෝගහඇළ ප්‍රදේශයේ පාළු නිවෙසක තිබී හමු වූ බව පොලිසි කියයි. 10 October 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026