සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දූෂණ වංචා රැසක් එළියට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි දිනුම් ඇදීම් වැඩසටහන් පටිගත කිරීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් කෝටි 21 ට වැඩි මුදලක් ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් කමිටුව) එම මණ්ඩලයේ ප්‍රධානීන්ගෙන් ඊයේ (10) ප්‍රශ්න කළේය. 11 March 2022
කොවිඩ් මරණ 7ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 7 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය. 11 March 2022
හෙටත් පැය 3යි විනාඩි 45ක් විදුලිය කපයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (12) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය දෙකයි විනාඩි 15 ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (11) පස්වරුවේ පැවසීය. 11 March 2022
‘‘ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් ජනතාවට සහන දෙනවා‘‘ රටේ එක් ප්‍රශ්නයක් විසඳනවිට තවත් ප්‍රශ්නයක්. අද වනවිට යුක්රේන් රුසියානු යුද්ධයත් බලපාලා. නමුත් මෙරට ජනතාවට සහන සැලසීමට රජය හැකි සෑම උත්සාහයක්ම දරනවා යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (11) ගම්පහ දී පැවසීය. 11 March 2022
උදයදේවි කැඩූ රේල් පාර හදන්න යුද හමුදාව එක්වෙයි මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු උදයදේවි දුම්රිය පොල්ගහවෙල සහ වලකුඹුර අතර ප්‍රධාන දුම්රිය මාර්ගයේ දී ඊයේ (10) පිහිලි පැනීම හේතුවෙන් හානියට ලක්වූ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම යුද හමුදාව මගින් ආරම්භ කර ඇත. 11 March 2022
සියලු සිසුන් සඳුදා සිට පාසලට කැඳවයි සියලු පාසල් සිසුන් ලබන සඳුදා (14) සිට සාමාන්‍ය පාසල්වලට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 11 March 2022
නලින් ගෙනා පාන් කාලෙන් මැතිසභයේ උණුසුමක් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට පාන් කාලක් ගෙන ඒම නිසා එහි අද (11) පස්වරුවේ නොසන්සුන් තත්වයක් ඇතිවිය. 11 March 2022
උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාරවල මිළ තවත් ඉහළට? එළඹෙන උත්සව සමයේදී හාල්, පරිප්පු, සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. 11 March 2022
ඖෂධ මිල වැඩි කරන්න අවසර ඖෂධ මිල සියයට 29 කින් වැඩි කිරීමට මිල පාලන කමිටුව අනුමැතිය ලබාදුන් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය 11 March 2022
හංවැල්ලේ මුදල් වංචාව ගැන ඇමතිවරුන් පිළිතුරු දිය යුතුයි හංවැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සිදුව ඇති මහා පරිමාණ මුදල් වංචාව අවිස්සාවේල්ල - හේවාගම් කොරළයේ දහස් ගණන් තැන්පත්කරුවන්ගේ දැවෙන ප්‍රශ්නයක් හෙයින් ඒ සම්බන්ධයෙන් විෂය බාර අමාත්‍යවරුන් පිළිතුරු දීම වැදගත් බව, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 March 2022
බස් ගාස්තුත් ඉහළට ? ඉන්ධන මිළ ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් කිරිමට සිදුවන බව බස් සංගම් සඳහන් කරයි. 11 March 2022
රටවල් රැසකින් රුසියාවට සම්බාධක රුසියානු-යුක්රේන අර්බුදය හේතුවෙන් යුරෝපා සංගමය සහ ලෝකයේ බොහෝ රටවල් රුසියාවට එරෙහිව සම්බාධක පනවනු ලැබූහ. සම්බාධක වලට අමතරව ලෝකයේ ප්‍රසිද්ධ සමාගම් ද රුසියාවේ තම මෙහෙයුම් කටයුතු නතර කරන බවට නිවේදනය කළේය. 11 March 2022
චෙල්සි ක්‍රීඩා කණ්ඩායමට කණ කොකා හඬයි රුසියානු-යුක්රේන ගැටුම හේතුවෙන් බි්රතාන්ය සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන චෙල්සි ක්‍රීඩා සමාජයට ද කණ කොකා හඬා ඇත. 11 March 2022
හයිලන්ඩ් කිරිපිටි යලි වෙළදපොලට අප්‍රේල් මස මුල සිට සියලුම පළාත් වලට හිඟයකින් තොරව හයිලන්ඩ් කිරිපිටි නිෂ්පාදනය කර බෙදා හැරීමට කටයුතු කරන බව මිල්කෝ සමාගම ප්‍රකාශ කරයි. 11 March 2022
ඖෂධ මිලත් ඉහළට? ඩොලරයට සාපේක්ෂක රුපියලේ සිදුවූ වෙනසට අනුපාතිකව ඖෂධ මිල වැඩිකිරීමට සිදුවන නමුත්, ඖෂධ ආනයනකරුවන්ට සහ ඔසුසල් හිමියන්ට අවශ්‍ය අයුරින් ඖෂධ මිල තීරණය කිරීමට අවසර දී නැතැයි ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. 11 March 2022
මෙරට රන් පවුමක් 130,000 පනී ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉහළතම රත්තරන් මිල මේ වන විට වාර්තා වේ. 11 March 2022
ජනපති විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතව ඇත. 11 March 2022
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණය ස්ථිර වෙයි ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකම සඳහා ඉන්දීය සංචිත බැංකුවේ අනුමැතිය හිමිව තිබේ. 11 March 2022
කෑම පැකට්ටුවක මිලත් ඉහළට? කෑම පැකට්ටුවක මිල රුපියල් 20 කින් හෝ 30 කින් ඉහළ දැමීමට සිදුවන බවත් කොත්තු ඇතුළු ක්ෂණික ආහාරවල මිල රුපියල් 5 කින් හෝ 10 කින් වැඩි කළ යුතු බවත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය. 11 March 2022
මැතිසබයේ ’’IOස’’ පෝස්ටරයක් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (11) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී ඉන්දීය තෙල් සමාගමේ ලාංඡනයට සමාන ලාංඡනයක් සහිත පෝස්ටරයක් වරින් වර ප්‍රදර්ශනය කරනු දැකගත හැකිවිය. 11 March 2022
කොවිඩ්-19 ආසාදිත පළමු ලාංකිකයා හමුවී අදට දෙවසරකි කොවිඩ් - 19 වයිරසය ආසාදනය වූ පළමුවන ශ්‍රී ලාංකිකයා හමුවී අද (2022/03/11) දිනට වසරක දෙකකි. 11 March 2022
පාසලේ වතුර බිලට අමාත්‍යාංශයෙන් මුදල් නෑ මෙතෙක් කලක් භාණ්ඩාගාරය මගින් ගෙවනු ලැබූ පාසල් ජල බිල මින් ඉදිරියට පාසල විසින්ම ගෙවිය යුතුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සියලු පාසල් ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇත. 11 March 2022
වෙල්ගමට එරෙහි නඩුව ඉල්ලා අස්කරගන්නවාද? නැද්ද? ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ලංකා ගමනාග මන්ඩලයේ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33පාඩුවක් සිදු කල බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව පවරා ඇති නඩුව, ඉල්ලා අස්කරගන්නවා ද ? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය ලබන මැයි මස 6 වැනිදා දැනුම් දෙන බව අල්ලස් කොමිසම අද (11) අධිකරණයට දැනුම් දුන්නේය. 11 March 2022
විදුලියට අවශ්‍ය ගල් අඟුරු දෙසැම්බර් තෙක් තියෙනවා විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ගල් අඟුරු තොග ලබන දෙසැම්බර් මස දක්වා ශ්‍රී ලංකව තුළ ඇති බවත් ඉදිරියේදී ගල් අඟුරු නැව් අටක් ලබාගැනීමට නියමිත බවත් බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය. 11 March 2022
පාන් මිලත් නගී පාන්පිටි මිල රුපියල් 159 දක්වා මිල ඉහළ යාම හේතුවෙන් පාන් ගෙඩියක මිල රුපියල් 20 -30 අතර මිලකින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි. 11 March 2022
පාන් පිටි මිලත් ඉහළට ශ්‍රී ලංකාවට තිරිඟු පිටි (පාන් පිටි) ආනයනය කරන සමාගම් දෙකෙන් එකක් වන සෙරෙන්ඩිබ් සමාගම පාන් පිටි කිලෝවක් රුපියල් 35 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ. 11 March 2022
මිලකල නොහැකි ගජමුතු සමග දෙකක් මාට්ටු මිලකල නොහැකි ගජමුතු සමග සැකකරුවන් දෙදෙනෙකු කතරගම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය. 11 March 2022
ශෂී වීරවංශගේ නඩු දෙකේ තීන්දුව මැයි 06 ට කල්යයි ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට අදාළ නඩු දෙකෙහි තීන්දුව ලබන මැයි මස 06 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය . 11 March 2022
සමාගමෙන් ගෑස් දුන්නත් තවමත් දිග පෝලිම් ලිට්රෝ සමාගම ගෑස් සැපයුම අඛණ්ව ක්‍රියාත්මක කරන බව ලිට්රෝ සමාගම ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 11 March 2022
ගුවන් ටිකට් මිල ඉහළට ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන ගුවන් ප්‍රවේශපත් මිල අද (11) සිට සියයට 27 කින් ඉහළ දමන බව ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි. 11 March 2022
පහ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂාව: අයදුම්පත් බාර ගැනීම අදින් ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය... 07 September 2026