
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කමිටුවට ශ්‍රී ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අද දින අප කැඳවුයෙමු. තීරණය ගන්නා විට ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය මෙතරම් දරුණු තත්ත්වයකට පත්ව ඇතැයි ඔවුහු දැන නොසිටි බව කියා සිටියහ.
මුළු ක්‍රියාමාර්ගයට අත්හිටුවීමට ඔවුහු එකඟ වූහ. එහි ආරම්භයක් ලෙස සියලු කාලතීරණයන් මාස තුනකින් කල් තබන බව ඔවුහු දැනුම් දුන්හ. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා ආර්ථිකය ගැන හාංකාවිස්සියක් නොදැන සිටීම වටහා ගන්නට බැරි තරම්ය. එහි ප්‍රමුඛ සාමාජිකයන් සියලු දෙනා ඉහළ වෘත්තිතයන් ය.
එසේ වුවද එහි භාණ්ඩාගාර නියෝජනයක් සිදු නොවන බව ඔහු කීහ. (සැබෑ බරපතල කම ඔවුහු මෙතෙක් දැන නොසිටියහ.එය වරදක් බව ඔවුන් පිළිගත් බැවින් මම එයට ඉඩ දුන්නෙමි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නිකුත් කළ ටිවිටර් පණිවිඩයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ ඔයාලගේ කාලේ ඔයගොල්ලෝ කැන්සල් කරපු ගුවන්යානා ඕඩර් එකෙනුත් රටට වුනේ හොඳක් නොවෙයිනේ... එයාලා ගන්නකොට කොමිස් ගත්තත්, ඔයාලා නවත්තනකොට කොමිස් ගත්තා. වරාය නගර, හයටි බිල්ඩිම නිසා රටට වුණු පාඩුවත් හෙළි කරන්න. තමුන්ලා 226ම මේ රට කාලකන්නි වුණු එකට වගකියන්න ඕනේ...!
මේ දේශපාලන කතාවට දෙන්න තියෙන උත්තරේ තමයි , කරුණාකරලා ලංකාදීප පුවත්පතේම තියෙන " ගුවන් යානා ගැනීම කල් දාන්න-කෝප් කමිටුව " ලිපිය කියවන්න.
ශ්‍රී ලංකා ගුවන් සමාගම රටේ අර්බුදයක් ගැන දන්නෙත් නෑ. පාර්ලිමේන්තුවේ සිටින ඔබලා මේ ගැන කතා කළාද? විසඳුමක් ලබාදෙන්නෙත් නෑ. මමත්වය වෙනුවෙන් බොරුවට පාර්ලිමේන්තුවේ කෑගැසුවට රටට සිදුවන සෙතක් නැහැ.