
(යොහාන් භාසුර)
ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් වන ලෙස බලකරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාව මේ මස 28 වැනිදා ක්‍රියාත්මක කරන එක්දින වැඩවර්ජනයට තැපැල් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික සහ විධායක නිලධාරීන් සහයෝගය දක්වන බව ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය පවසයි.
මහජනතාව පක්‍ෂ, පාට, ජාති සහ ආගම් බේද පසෙකලා කුසගින්න වෙනුවෙන් ආරම්භ කර ඇති ජීවත්වීමේ අරගලයට සහය දක්වන බව ද ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චම්පික පෙරේරා මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ දේපළ හූරාකන තවත් සුදු අලියෙක්...