(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සැපයුම අද (25) නැවත ආරම්භ කරන බවට මීට පෙර නිවේදනය කර තිබුණ ද ඊයේ සැපයුම ක්‍රියාත්මක නොවීය.
ලිට්‍රෝ ගෑස් සමාගමේ කෙරවලපිටිය සහ මුතුරාජවෙල ගෑස් පර්යන්ත දෙකෙන්ම ඊයේ දිනයේ ගෑස් නිකුත් නොකළ අතර හෙට (26) දිනයේ ද ගෑස් නිකුත් කිරීම අවිනිශ්චිත යැයි ලිට්‍රෝ ආරංචි මාර්ග සඳහන් කරයි.
ගෑස් සැපයුම අද නැවත ආරම්භ කරන බවට ලිට්‍රෝ සමාගම මීට පෙර කර තිබූ නිවේදනය අනුව ජනතාව අද ගෑස් බෙදාහරින ස්ථානවල පෝලිම්වල සිටිය ද ගෑස් නොලැබීමෙන් ඔවුහූ දැඩි අපහසුතාවට පත්වූහ.
ලිට්‍රෝ ගෑස් සමාගම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මේ මස 12 වැනිදා සිට නිෂ්පාදනය අත්හිටුවූ අතර පසුව පැවසුවේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බවයි.
ලිට්‍රෝ සමාගම සතුව ගෑස් තොග නොමැති බව දැනගන්නට ඇති අතර එම සමාගම මීට පෙර පැවසුවේ අද (25) සහ අනිද්දා (27) ගෑස් මෙටි්‍රක්ටොන් 3,600 බැගින් වන නෞකාව දෙකක් ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලිට්‍රෝ සමාගම ජනතාව අන්ඳවයි