ලිට්රෝ ගෑස් රුපියල් 835 කින් ඉහළට? ලිට්රෝ ගෑස් කිලෝ 12.5 ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 835 කින් ඉහළ දැමීමට එම සමාගම අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ. 13 March 2022
සවස් කාලයේ අදත් තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල අද (13) සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 March 2022
පහරදීම් නවත්වන්න ශ්‍රීලනීපය ඉල්ලයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට පහරදීම නතර කරනැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 13 March 2022
සඳුදා සිට බස් නැතිවෙන හැඩ ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීම හෝ ඩීසල් සඳහා සහනාධාරයක් ලබාදීම හෝ හෙට (13) දිනයේ සිදු නොවුනහොත් සදුදා සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (12) පැවසීය. 12 March 2022
‘‘ජනතාවට පාරට බැසීම හැර වෙන කරන්න දෙයක් නෑ‘‘ මහ ජනතාවට පාරට බැසීම හැර වෙන කරන්න දෙයක් නෑ. ඔළුවේ ප්‍රශ්න ගොඩාක් තියගෙන කරන්න දෙයක් නැති නිසා ඉන්නවා. අද මේ රට ආහාර ඇතුලු අර්බුද රැසකට මුහුණ දෙනවා. පසුගිය වසර දෙකේදි රජය තීන්දු තීරණ ගද්දී අපි සම්බන්ධ කර ගත්තේ නෑ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බදුල්ලේදි පැවැසීය. 12 March 2022
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කොළඹදී රැළියකට සූදානමක් ඇමතිධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂ ඇතුළුව, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකතුව කොළඹ දී ජනරැලියක් පැවැත්වීමට එම පක්ෂ සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ . 12 March 2022
‘‘මේ මොහොතේ ආණ්ඩුවෙන් යන්නේ නෑ‘‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත් නොවීමේ තීරණයකට පැමිණ ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි . 12 March 2022
පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් කබ්රාල් සමග සාකච්ඡාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (11) මුණගැසුණහ. 12 March 2022
බස්-යතුරුපැදි අනතුරින් අයෙක් මරුට අම්බලන්තොට හුංගම කිවුල ප්‍රදේශයේදී යතුරු පැදියක් බස්රථයක ගැටීමෙන් අද (12) උදෑසන 08ට පමණන සිදුවූ රිය අනතුරකින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබේ. 12 March 2022
2021 - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්රියේදී? 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (12) හෝ හෙට (13) රාත්‍රියේ නිකුත් කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 12 March 2022
’’පොල් ප්‍රදර්ශන’’ පිටරට තියන්න කෝටි 13 ක් වැය කරලා පොල් සංවර්ධන අධිකාරිය විදේශයන්හි ප්‍රදර්ශන පැවැත්වීම සඳහා රුපියල් කෝටි 13 කට වැඩි මුදලක් වැය කර ඇතැයි තොරතුරු අනාවරණයවූ බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ. 12 March 2022
බාල බඩු 112 ක් ’’මාර්කට්ටුවට’’ ගිහින් ප්‍රමිතියෙන් තොර බවට තහවුරුවූ ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 112 ක් මිනිස් පරිභෝජනය සඳහා වෙළෙඳ පොළට නිකුත්වී තිබිණැයි ජාතික විගණන කාර්යාලයේ විශේෂ වාර්තාවක සඳහන් වේ. 12 March 2022
සංවර්ධන ව්‍යාපෘති වසරකට නවත්වන්න රටේ අලුතින් ආරම්භ කෙරුණු සංවර්ධන ව්‍යාපෘති වසරක පමණ කාලයකට තාවකාලිකව නවත්වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත. 12 March 2022
හෙටත් පැය තුනක් විදුලිය නෑ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (13) දිනයේ ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 15 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැයක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය. 12 March 2022
අපනයන ඉපැයුම් ගැන ගැසට්ටුවක් අපනයන ඉපැයුම් දින 180 ක් තුළ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (11) නිකුත් කර තිබේ. 12 March 2022
අද සවස බොහෝ ප්‍රදේශවලට වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (12) සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 March 2022
ඇවිදින මංතීරුවට ගෙදුරු වූ සාරවත් කුඹුරු යාය යක්කල නගරයට නුදුරු ආයුර්වේදය අසල ඉතා සාරවත් කුඹුරක් ගොඩ කර ශරීර සුවතා මංතීරුවක් ඉදිකිරීම මහා අපරාදයක් බව ප්‍රදේශවාසීහු පවසති. 12 March 2022
වැරදීමකින් පාකිස්තානයට මිසයිලයක් යවලා වැරදීමකින්, පාකිස්තානය දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය තහවුරු කර තිබේ. 12 March 2022
බස් ගාස්තු සියයට 50කින් ඉහළට? ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට සාපෙක්ෂව බස් ගාස්තු සියයට 50කින් ඉහළ දැමිමට සිදුවන බව සමස්ථ ලංකා බස් රථහිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියයි. 12 March 2022
සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසයි. 12 March 2022
ක්‍රොඒෂියාවට වැටී ඇත්තේ යුක්රේන ඩ්‍රෝන යානාවක් ක්‍රොඒෂියා රාජ්‍යයේ සැග්‍රෙබ් නුවරට කඩා වැටී ඇත්තේ යුක්රේන හමුදාවට අයත් ඩ්‍රෝන යානාවක් බව අද පස්වරුවේ ක්‍රොඒෂියා බලධාරීහු තහවුරු කළහ. 11 March 2022
ඩොලර්වලින් බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත. 11 March 2022
ශ්‍රී ලංකාව අයි.එම්.එෆ් සහය ගැනිමට යයි? වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කරන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. 11 March 2022
මහනුවර දුම්රිය පැයක් අලව්වේ කොළඹ කොටුව සිට මහනුවර බලා අද (11) 5.50 ට පිටත්වූ දුම්රිය මේ වන විට බුද්යොමුව සහ අලව්ව දුම්රිය ස්ථාන අතර පැයකට අධික කාලයක් නවතා තැබීමෙන් සති අන්තයේ නිවෙස් බලා යන ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 11 March 2022
විදුලි හදිසි මිලදී ගැනීමට අවසර දෙයි විදුලි ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බවත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව හදිසි විදුලි මිලදීගැනීමට අවසර දුන් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (11) පස්වරුවේ පැවසීය. 11 March 2022
කොවිඩ් ආසාදිතයන් 467 ක් කොවිඩ් ආසාදිතයින් තව 467 ක් අද (11) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 11 March 2022
සාම්පූර් සූර්ය බලාගාර ගිවිසුමට අත්සන් තබයි සාම්පූර් හි සූර්ය බලශක්ති බලාගාරය ආරම්භ කිරීම සඳහා වන ඒකාබද්ධ/හවුල් සංවර්ධන ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේ දී අද (11) පස්වරුවේ සිදු කෙරුණි. 11 March 2022
ඉඩම් සංවර්ධන පනත සම්මත වේ ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත විය. 11 March 2022
’’ඖෂධ පාලන මිල ඉවත් කරන්න’’ ඖෂධ සඳහා පනවා තිබෙන පාලන මිල වර්තමානයට නොගැලපෙන බැවින් එය ඉවත් කළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගල්කන්ද මහතා අද (11) පැවසීය. 11 March 2022
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දූෂණ වංචා රැසක් එළියට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි දිනුම් ඇදීම් වැඩසටහන් පටිගත කිරීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් කෝටි 21 ට වැඩි මුදලක් ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් කමිටුව) එම මණ්ඩලයේ ප්‍රධානීන්ගෙන් ඊයේ (10) ප්‍රශ්න කළේය. 11 March 2022
පහ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂාව: අයදුම්පත් බාර ගැනීම අදින් ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය... 07 September 2026