බූස්ස බන්ධනාගාර නිලධාරී-එස්.ටී.එෆ් ගැටුම සමථයකට බූස්ස අධි ආක්ෂිත බන්ධනාගාරයේ දී බන්ධනාගාර නිලධාරීන් පිරිසක් සහ විශේෂ කාර්ය බලකායේ පිරිසක් පසුගියදා අතර ඇති වු ගැටුම සමථයකට පත්කර ඇති බවත්, මෙම සිද්ධිය එහි නේවාසික සිටින සිර හා සැකකරුවන්ට කිසිදු බලපෑමක් එල්ල නොවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා අද (14) පැවැසීය. 14 March 2022
බඹර කූඩුව විදුහල්පතිගේ ඇගට වැටෙයි ඇතිමලේ ඉසුරුපාසලේ පැවැති රැස්වීමක් අතරතුර බඹර කූඩුවක් විදුහල්පතිවයාගේ ඇගට කඩා වැටී බඹරු ඇනීමෙන් සිසු සිසුවියන් හා ගුරුවරුන් ඇතුලු 65 දෙනෙකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි, 14 March 2022
රස නැති ව්‍යාංජනය පියාට මරු කැඳවයි කලහකාරී ලෙස හැසිරෙමින් තම දියණියට අමානුෂිකව පහර දුන් අවස්ථාවේ පුතා එල්ල කළ තියුණු ආයුද පහරකින් 44 හැවිරිදි පියකු මියගොස් ඇතැයි කොච්චිකඩේ පොලිසිය කියයි. 14 March 2022
ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ 39 ක් අල්ලයි වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් 39 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 14 March 2022
වගා ළිඳකට වැටී පාසල් සිසුවා මරුට අනාරක්ෂිත වගා ළිදකට වැටි පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය. 14 March 2022
යූ.එන් ආහාර සමුළුව මෙරටදී එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියානු ශාන්තිකර කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කෙරුණු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 14 March 2022
පළාත් කීපයකට අදත් ගිගුරුම් සහිත වැසි බස්නාහිර සහ සබරගමුව, පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (14) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 March 2022
බදු අනුපාත ඉහළ නංවන්නැයි අයි.එම්.එෆ්. නිර්දේශ කරයි. ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රජයට නිර්දේශ කර ඇතැයි වාර්තා වේ . 13 March 2022
ඩයමන්ඩ් නැවේ වන්දිය යට ගනුදෙනුවක් ? මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන විනාශයට පත්වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් රුපියල් කෝටි 348 ක වන්දි මුදලක් අයකර ගැනීමට ඇතත් මෙතෙක් අය කරගෙන ඇත්තේ රුපියල් කෝටි පහක පමණ මුදලක් පමණකැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) ඉකුත්11 වැනිදා තොරතුරු අනාවරණය විය. 13 March 2022
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි ඉකුත් ජනවාරි මස පැවති 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇතැයි වාර්තා වේ. මෙම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk, www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. 13 March 2022
හෙට විදුලිය කැපීමේ වෙලාව වෙනස් වෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (14) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය තුනක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (13) රාත්‍රී පැවසීය. 13 March 2022
රූපවාහිනී සංස්ථාව භාණ්ඩාගාරයෙන් කෝටි 24 ක් ඉල්ලයි ශ්‍රී ලංකා රූපවාහිනී රූපවාහිනි සංස්ථාවේ වැටුප් සහ අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මාස හයක කාලයකට රුපියල් කෝටි 24 ක මුදලක් ලබා දෙන්නැයි මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත. 13 March 2022
අද කොරෝනා අසාදිතයින් 311 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 311 දෙනකු අද (13) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 13 March 2022
‘ජාතික ආණ්ඩුවක ඇමති ධුර ගන්නේ නෑ‘ ජාතික ආණ්ඩුවකට ගොස් ඇමතිධූර භාර ගැනීමට සූදානම් නැතැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 13 March 2022
කොරෝනා මරණ තවත් 7 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 7 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය. 13 March 2022
කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරය ඩීව් ගුණසේකරට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ලෙස, එහි හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පත්කරගනු ලැබ ඇත. 13 March 2022
වේයො හදපු තුඹසට පොළඟෙක් රිංගුවා බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවට පැමිණීම හරියට වේයො හදපු තුඹසට පොළඟෙකු රිංගුවා හා සමාන ක්‍රියාවකැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය. 13 March 2022
පස් තිප්පොළක්වටලා කෝටි ගණනක දේපොළ අල්ලයි මොරගහහේන ගොඩිගමුව, මොහොට්ටිවත්ත ප්‍රදේශයේ නීති විරෝධීව මහපරිමාණයෙන් පවත්වාගෙන ගිය පස් සහ වැලි තිප්පොළක් වටලා රුපියල් කෝටියකට අධික වටිනා වාහන හා උපකරණ සමග සැකකරුවන් සිව්දෙනකු පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (13) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. 13 March 2022
බඹරු 11ක් රෝහලට යවති හපුතලේ පහළගල්කන්දේ දී ආගමික උත්සවයක් අතර තුර ඊට සහභාගි වූ පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී එකොළොස් දෙනකු රෝහල් ගත කළ බව හපුතලේ පොලිසිය කියයි. 13 March 2022
සජබෙන් මුදල් ඇමැතිට විශ්වාසභංගයක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය. 13 March 2022
නිවෙස්වලට පැන කෝටි ගණනක දේපළට විද්ද සැකකරු මාට්ටු රාජ්‍ය ආයතනයක සභාපති තනතුරක් දරන වෛද්‍යවරයකුගේ නිවස ඇතුළු නිවාස 14 බිඳ රුපියල් ලක්ෂ 50 අධික වටිනා දේපළ සොරාගත් තරුණයකු මාලඹේ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි. 13 March 2022
බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 60 කින් ඉහළට බහලුම් ප්‍රවාහන ගාස්තු අද (13) සිට සියයට 60 කින් ඉහළ දැමූ බව බහලුම් ප්‍රවාහනකරුවන්ගේ සංගමය පවසයි. 13 March 2022
‘වාහන තියෙද්දි බස් ගෙනැවිත් ලොකු නාස්තියක්‘ පාර්ලිමේන්තුවේ අවශ්‍යතා සඳහා වෙන්වුණු බස්රථ 12ක් පමණ තිබියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස්රථ නවයක් එහි ප්‍රවාහන කටයුතු සඳහා කුලියට ගැනීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවන බව වාර්තා වේ. 13 March 2022
සිමෙන්ති මිලත් යළි ඉහළ යයි සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,850 දක්වා ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් කටයුතු කර තිබේ. 13 March 2022
සෝනියා-රාහුල්-ප්‍රියංකා ඉල්ලා අස්වීමට සැරැසෙති ප්‍රාන්ත මැතිවරණ පරාජයෙන් පසු කොංග්රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි, පුතු රාහුල් ගාන්ධි සහ දියණිය ප්‍රියංකා ගාන්ධි ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. 13 March 2022
ඉන්ධන පිරවුම් හළක භූමිතෙල් භූගත ටැංකියකට සීල් අනුරාධපුර,යාපනය හන්දිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හළක භුමිතෙල් ගබඩාකර ඇති භුගත ටැංකියට හා පොම්පයට මුද්‍රා තැබු බව පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි බි.ඒ.සි.පි.පෙරේරා මහතා පැවසිය. 13 March 2022
ඉන්ධන මිලෙන් දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදාමටත් බාධා ඉන්ධන මිල ඉහළ යෑම සහ ඉන්ධන හිගය නිසාවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන්ගේ ව්‍යාපාරිකයන් ගේ පැමිණීම 50% වඩා අඩුවීම හේතුවෙන් වෙළඳාම් කටයුතු වලට දැඩි බාධා එල්ලවී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු .බී ඒකනායක මහතා පැවසීය. 13 March 2022
‘බඩ ගැන හිතපු රට ගැන හිතපු දෙගොල්ලන්ටම දැන් කන්න නෑ‘ බඩගැන හිතන්න එපා රට ගැන හිතන්න කියා යහපාලන ආණ්ඩුව පරාද කර පත් වූ පොදුජන පෙරමුණු ආණ්ඩුව යටතේ බඩ ගැන හිතපු අයටත්, රට ගැන හිතපු අයටත් දෙගොල්ලන්ටම කන්න නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා එ.ජා.ප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේදී පැවසීය. 13 March 2022
ඩීසල් ලීටරයකින් රුපියල් 120 ක පාඩුයිලු ඩීසල් ලීටරයකින් රුපියල් 120 ක අලාභයක් ලබන බවත් එහෙත් ඩීසල් ලීටරයක් රුපියල් 55 කින් පමණක් ඉහළ දැමූ බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය. 13 March 2022
අනවසර විදුලි රැහැනට දරුවන් දෙදෙනා බිලි අම්පාර සම්මන්තුරේ නෛකාඩු ප්‍රදේශයේ පොල් වත්තක් වට කොට ඇද තිබි අනවසර විදුලි රැහැනක පැටලි වයස අවුරදු 13 ක වයසැති පිරිමි ළමුන් දෙනකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 13 March 2022
පහ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂාව: අයදුම්පත් බාර ගැනීම අදින් ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය... 07 September 2026