මන්නාරමේ නිවසක කෝටි 2 ක අයිස් මන්නාරම පේසාලෙයි ජූඩ් වීදිය ප්‍රදේශයේ නිවසක ඉතා සූක්ෂමව සඟවා තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට පේසාලෙයි පොලීසිය පවසයි. 15 March 2022
වෑන් රථය ප්‍රපාතයට වැටී දෙකක් මරුට දෙල්තොට පට්ටියගමවත්ත උඩ කොටසේදී කිලෝමීටරයකට වඩා ප්‍රපාතයකට කැබ් රථයක් පෙරලීමෙන් එහි රියදුරු හා එහි ගමන් ගත් තවත් අයකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි ගලහ පොලිසිය කියයි. 15 March 2022
ආයුධ තොගයක් සමඟ ව්‍යාපාරිකයෙක් කොහුවලදී මාට්ටු තියුණු ආයුධ තොගයක්, ටි 56 ගිනි අවියක අනුරුවක් සහ මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයෙක් කොහුවල කළුබෝවිල නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි 15 March 2022
මත්තල ගුවන්තොටුපොල ආසන්නයේ තරු 4 හෝටල් 2 ක් හදන්න අවසර මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපල ආසන්නයේ තරු 4 කාණ්ඩයේ හෝටල් දෙකක් ඉදිකිරීම සඳහා ගුවන්තොටුපලේ පර්යන්ත ගොඩනැගිල්ලට දකුණු පසින් පිහිටි හෙක්ටයාර 15 බැගින් වූ බිම් කොටස් දෙකක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 15 March 2022
ඩීසල්-බොරතෙල් ගේන කොන්ත්‍රාත්තුව අරාබියේ සමාගමකට මාස අටක කාලයක් සඳහා අවශ්‍ය ඩීසල් සහ මාස හතක කාලයකට අවශ්‍ය බොරතෙල් ආනයනය කිරීමේ දිගු කාලීන කොන්ත්‍රාත්තු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කොරල් එනර්ජි ඩී.එම්.සී.සී සමාගම වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 15 March 2022
දුම්රිය ගාස්තුත් වැඩි කරන්න අනුමැතිය දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා ද ඊයේ (14) කැබිනට් මණ්ඩල පූර්ව අනුමැතිය හිමිවූ බවත් ඒ අනුව ඉදිරියේදී දුම්රිය ගාස්තු ද සුළු වශයෙන් හෝ සංශෝධනය කරන බවත් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 15 March 2022
බොරතෙල් මිල පහළට සති දෙකකට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඊයේ (14) සියයට 8කින් පහත වැටිණි. 15 March 2022
අතුරුදන් වූවන්ගේ පවුල්වලට දීමනාවක් අතුරුදන් වූවන්ගේ පවුල්වල පුනර්ජීවනය සඳහා රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 15 March 2022
මුහුදට යන කුණු ගැන කෝප් කමිටුවේ නොසතුට කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර හා වැල්ලවත්ත ස්ථානවලින් සාගරයට විශාල වශයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව කෝප් කමිටුවේ දැඩි අවධානය යොමුවී ඇත. 15 March 2022
අමාත්‍යාංශ දෙකක විෂය පථ සංශෝධනයක් අමාත්‍යාංශ දෙකක විෂය පථය සහ කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 15 March 2022
අද කාලගුණය බස්නාහිර සහ දකුණු පළාත්වලත්, කාළුතර දිස්ත්‍රික්කයේත් අද (15) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 March 2022
රෝහල් සුළු සේවා පාලක පත්වීම් 108 ක් රෝහල් 55 ක වසර කීපයක සිට පුරප්පාඩුව පැවැති සුළු සේවා පාලක පත්වීම් 108 ක් සෞඛ්‍ය අමාත්‍යංශයේ රෝහල් ඕවසියර් තුන්වැනි ශ්‍රේණියේ පත්වීම් ලෙස ප්රදානය කළේය. 15 March 2022
ආර්ථික සභාවට උපදෙස් දෙන්න විශේෂඥ කමිටුවක ජාතික ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා විශේෂඥ කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබ ඇත . 15 March 2022
‘‘රට ගොඩගන්න අයි.එම්.එෆ් සහාය ගන්න‘‘ රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නැයි ඇමතිවරුන් ඊයේ(14) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී යළිත් වරක් ඉල්ලීමක් කර ඇත . 15 March 2022
බුස්ස බන්ධනාගාරයේ එස්.ටී.එෆ් 100ක් මාරු කරයි මත්පැන් බෝතල් දෙකක් බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර තුළට රැගෙන ඒමට උත්සහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි රාජකාරියේ නිරත විශේෂ කාර්ය බළකායේ 100 දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත. 15 March 2022
ඇමෙරිකාවෙන් චීනයට අනතුරු ඇඟවීමක් ! රුසියන් යුක්රේන යුද්ධයේ දී, හමුදා උපකරණ අවශ්‍ය යැයි රුසියාව චීනයේ සහාය ඉල්ලා ඇති අතර, ඇමෙරිකාව චීනයට පවසා ඇත්තේ රුසියාවට උදව් කිරීමෙන් වැළැකී සිටින ලෙසය. 15 March 2022
ළමා නිවාසේ පාලිකාව පිරිමි දරුවාගේ රහස් පෙදෙසට මිරිස් කුඩු දාලා දිවුලපිටිය , කඩවල ප්‍ර දේශයේ ළමා නිවාසයක අධිකරණ නියමයෙන් රඳවා සිටින අවුරුදු 09 ක් වූ පිරිමි දරුවකු ගේ රහස් ප්‍ර දේශයට ළමා නිවාසයේ පාලිකාව විසින් මිරිස් කුඩු දැමීම හේතුවෙන් රෝගාතුර වූ එම දරුවා මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි දිවුලපිටිය පොලිසිය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සි ඒ සමරදිවාකර මහතා හමුවේ කරුණු ඉදිරිපත් කළේය. 14 March 2022
මියගිය මවට පෙට්ටියක් ගන්න දියණිය සම්මාදමේ ගිහින් මව මියගිය පසු ඇය භූමදානය කිරීමට පෙට්ටියක් ගැනීම මුදල් සොයා ගිය දියණියක සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල දේවාලේලම ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 14 March 2022
රට රටවල කොරෝනා ව්‍යාප්තිය ගෝලිය සහ තෝරාගත් රටවල් කීපයක වත්මන් කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යනයක් කළ කැනඩාවේ සිටින ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වගුවක් මගින් පෙන්වා දී ඇත. 14 March 2022
ආහාර විෂ වී වැලිකන්දේ පාසලක සිසුන් රෝහලට වාලච්චේන උත්තුචෙනයි කනිෂ්ඨ විද්‍යාලයේ සිසුනට ලබාදුන් ආහාර විෂ වී එම විද්‍යාලයේ සිසුන් 64 දෙනකු අසාධ්‍ය තත්වයෙන් වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වාලච්චේන පොලිසිය කියයි. 14 March 2022
ළදරු කිරි බෝතල්වල ප්‍රමිතිය සොයයි ළදරුවන්ට දියර ආහාර ලබාදීමේදී භාවිතා කරන ප්‍රමිතියෙන් තොග ප්ලාස්ටික් බෝතල් අළෙවි කරන පුද්ගලයන්ට එරෙහිව නීති පියවර ගැනීමට පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (14) නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 14 March 2022
කොවිඩ් ආසාදිතයන් තව 345 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 345 දෙනකු අද (14) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 14 March 2022
ආයෝජනයට ජනපතිගෙන් සෞදි රාජ්‍යයට ඇරයුම් මෙරට ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජනය සඳහා සවුදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ් කුමරු හමුවේ පැවසීය. 14 March 2022
බීමතින් සිටි සිසුවා කෙටවල අමුණට බිලි ගම්පහ, කෙටවල අමුණෙහි දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් අතුරින් 16 හැවිරිදි සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 14 March 2022
ඩොලර් නැතිව ගෑස් නැව් හිරවෙයි ශ්‍රී ලංකා මුහුදු සීමාවට සති දෙකකට පෙර ළගාවූ ගෑස් නෞකා දෙක නිදහස් කරගැනීමට ඩොලර් නොමැති වීමෙන් රට තුළ දැඩි ගෑස් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ලිට්රෝ සමාගමේ නිලධාරියෙක් අද (14) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 14 March 2022
යාපනයේ සිසුවෙක් ශිෂ්‍යත්වයෙන් 198 ගනී යාපනය කොක්කුවිල් හින්දු ප්‍රාථමික විද්‍යාලයේ තමිල්සෙල්වම් ගජලක්ෂන් සිසුවා මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 ක් ලබා ඉහළම සමත් වි ඇත. 14 March 2022
කෝටි 8ක ගංජා ගෙනා පස් දෙනා රඳවා ගන්න අවසර ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට රැගෙන එමින් තිබූ ‘මන්නාරමේ ශිවා’ නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සන්තකයේ තබාගෙන සිටියැයි පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනකු ලබන 20 වැනිදා තෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රදවා තබාගෙන ප්‍රශ්න කිරිමට කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (14) නියෝග කළේය. 14 March 2022
ඇමැති ප්‍රසන්න සහ බිරියට එරෙහි ඉඩම් නඩුවේ සාක්කි විභාගය අවසන් කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක පදිංචිව සිටි පවුල් විසිහතරක් එම ඉඩමින් ඉවත් කොට එම ඉඩම විකිණීමට ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් කෝටි 6 1/2 කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබා ගත් බවට චෝදනා කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ අද අවසන් විය. 14 March 2022
කොවිඩ් ගැසට්ටුවට එරෙහි පෙත්සම 31 කැඳවයි කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන්ට හැර අනෙකුත් අයට අප්‍රේල් 30 වන දිනෙන් පසු ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෘත්තිකයන් පිරිසක් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු තහවුරු කිරීම සදහා ලබන 31 වැනිදා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) නියෝග කළේය. 14 March 2022
හෙටත් පැය 3 යි විනාඩි 45 ක් විදුලය නෑ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (15) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය තුනක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම ඊයේ (13) පස්වරු පැවසීය. 14 March 2022
පහ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂාව: අයදුම්පත් බාර ගැනීම අදින් ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය... 07 September 2026