(සුමිත් පොතුපිටිය )

මනුෂ්‍ය ඝාතන 8 ට චෝදනා එල්ලවී ඇති,  වසර 19 ක් සිරගතව සිට පැමිණි අපරාධකරුවකු  මෙහයවන යතුරුපැදි සහ කාන්තාවන්ගේ ගෙලබැදි රන්මාල කොල්ලකන සිව්දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි ‍.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර,  පයාගල සහ වරකාගොඩ  ප්‍රදේශවල පදිංචි 21, 24, 40 සහ 49 හැවිරිදි  පුද්ගලයින් බව  පොලීසිය කියයි.

පොලීසියට ලද තොරතුරක් මත සැකකරුවන්  අත්අඩංගුවට ගෙන කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මහමග ගමන්ගත් කාන්තාවන් බියගන්වා කොල්ලකන ලද රන්මාල 2 ක් සහ යතුරුපැදි 3 ක් සොයාගත් බව වැටලීමට එක්වූ නිලධාරීයෙක් කීය .

පානදුර, කළුතර , හොරණ සහ මතුගම ප්‍රදේශවල කොල්ලකෑම් සිදුකර ඇති බවට හදුනාගෙන ඇති බවත්, යතුරුපැදිවල අංක තහඩු සහ චෑසි අංක ව්‍යාජ ලෙස වෙනස්කර ඇති බවත් පොලිසිය කීය.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .