(ඩයනා උදයංගනී)
නව අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
එම නව ආණ්ඩුවට අවශ්‍ය උපදෙස්දීම සඳහා ජාතික සභාවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂවල නායකයන් අතර අද (29) පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාව ඇතිවූ බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලොක්කෝ නොදන්නා නිසා අහන්නේ..? ඇත්තටම පාර්ලිමේන්තුව හා අධිකරණය තියෙන්නේ ජනාධිපති යටතේද, නැත්නම් පාර්ලිමේන්තුවට ස්වාධීන තීරණ ගත නොහැකිද? මම හිතාගෙන හිටියේ ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා.. බැලුවාම පේන්නේ එකාධිපති රජයක් කියලා වහාම විධායක ජනාධිපති තනතුර අහෝසි කළ යුතුයි...
එකම බඩු ටික අලුත් නමකින්, මිනිස්සු ඕවාට රැවටෙන්නෙ නෑ ගොබිලෝ...
අර්බුදයේ නිර්මාණකරු උඩින්ම ඉන්නවා... කිසිම වෙනසක් නෑ. ඔයාලා කාවද මේ රවටන්න හදන්නේ?
කොහොමහරි බලන්නේ ඉතුරු කාලෙත් කීයක් හරි හොයාගන්න. මේ වෙලාවේ ඡන්දෙකට ගියොත් ඇපත් නෑ කියලා දන්නවනේ.
අලුත් කෝච්චි පාරක් හදමුද අයියා, මල්ලී වගේ...!!
කාලෙ කාදමනවා විතරයි...!
ඕකටපත් වෙන්නේ කවුද? පරණ හොරුද? එකෙක් පත්කරනකොට අනිකා විරුද්ධ වෙන්නැද්ද? ඕක යතාර්ථයක් කරගන්නේ කොහොමද?.
ඔබතුමාත් එක්ක කන දීග ඉතින් රටටම අබ සරණයි තමයි...
ජනාධිපතිවරයා ඊයේ කියා තිබුණා අගමැතිවරයා අයින් කරන බවක් පැවසුවේ නැහැ කියලා. මෙයා කියනවා "නව අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක්" පිහිටුවන්න ජනාධිපතිවරයා එකඟ වුණා කියලා. මෙකද්ද මේ කතා දෙකේ ඇත්ත කතාව? අර හැට හුටාහමාරෙන් වැඩි කොටසකුත් ඇතුළුව මුළු රටේම ජනතාව කියන්නේ "මේ සියලුම දෙනා හොරාකාපු සල්ලි ආපහු දීලා ගෙදර යන්න" කියලයි. මේක පැලැස්තර දාලා බේරගන්න පුළුවන් ප්‍රශ්නයක් නොවේ. "මේ සේරම විපත් රතුනූල් බඳින සාස්තර කාරියකගේ උපදෙස් පිළිපදිමින් අනුරාධපුර ශුද්ධ භුමිය කෙලසමින් සිදුකළ වැඩ කටයුතු නිසා රටට ඇතිවූ දේවශාපයක් නිසා සිදුවන දේ " කියලයි.
රට පුරා ජනතාව 'ගෝඨා ගෝ' කියමින් වීදි බැස සිටිනා අවස්ථාවක, ගෝඨාභය හා මෛත්‍රිලාගේ අන්තර්කාලීන ආණ්ඩුවලට ජනතාව කැමැති වේදැයි කියන්නට බැහැ. ඒ වගේම, විපක්ෂය 125ක් අත්සන් යෙදූ විශ්වාස භංගය බාර දෙනවලු. කොයි දේ හරියයිද දන්නේ නැහැ. මේ මෛත්‍රිගේ සෙට් එක ගැන නම්, සත පහකට විශ්වාසය තියන්නට හොඳ නැහැ. නීති විරෝධී හොර ආණ්ඩු හදලා, එයින්ද නොනැවතී මේ අයට බලයට එන්නට පාර කැපුවේ මේ සෙට් එක තමයි. කොහොම වුණත්, තවත් ජනතාවට කොකා පෙන්නුවොත්, මේ සෙට් එකට ගෙවල් වල යනවා තියා මේ රටේ වසනවා නම් බොරු....
පස්ස දොරින් දින 52 අගමැතිකම මහින්දයාට දීලා කරපු කෙළිය ලෝකෙම දන්නවා. මේ සැරේ කාටද දන්නේ නැහැ එන්න හදන්නේ..?
අන්තර් පාලනයක් බලාපොරොත්තු වන්නේ රටෙම ජනතාව නොවෙයි . විශේෂ යෙන්ම තනතුර අහිමි වු අය ,මෙහෙම පාලනයක් ගැන මැතිවරණ ප්‍රකාශනයන් හො ආන්ඩුක්‍රම විවස්තාවතුල සඳහන්ව ඇතිදැයි පලමුවෙන්ම සොයාබැලිය යුතුයි . දින 100 සුපිරි පාලනයක් ගැනජනතාව දැනුවත් කල සිරිසෙන ජනාධිපති වරයා සහ එහි නිර්මාණ කරු විජෙදාස රාජපක්ෂ කලින් කලට කරන දියාරු ප්‍රකාශ රටෙම ජනතාව පිලිගන්නවද ? කෙසෙ වෙතත් ආන්ඩුවක් පිහිටුවන්න 113 ක , සංඛ්‍යාව ක් අව්ශ්‍ය බව ආන්ඩුව ක්‍රමවිවස්තාවෙ සඳහන්ව ඇත . මේ අතර සජිත් ප්‍රෙමදාස මහාතා එහෙම ආන්ඩුවක කොටස් කරුවන් විම්ට අකමැත්ත මේ වනවිටත් ප්‍රකාශ කර ඇත. මේ අතර තමාට 117 ක පර්ලිමෙන්තු ආසන සංඛ්‍යාවක් ඇති බව අගමැති තුමා පවසයි ඔහු ගේ ප්‍රකාශ සුලුවෙන් තැකියහැකි නොවෙයි ඒ ඔහු හොන්දට තෙරුම් පරාදුවිඇති දෙසපාලකයෙක් නිසාය .මේ තත්වය මත අන්තර් පාලන ප්‍රරයත්නය පුස්සක් බවට පත් වෙන්න බොහො ඉඩ ඇත . කෙසෙ වෙතත් උදාවිඇති තවය අනුව රටෙ ආර්තිකය සමානතාවයකට ගෙන ඒම ලෙහෙසියෙන් කටයුත්තක් නොවෙයි .
මිනිස්සුන්ගේ ඉල්ලීම 21 ව්‍යවස්ථාව, අන්තර් කාලීන ආණ්ඩුවක් නොව, කම්බ හොරු ටිකක් එකතු කරගෙන වෙනත් ආකාරයකින් පාලනය කිරීමක් නොව, ගෑස්, ඖෂධ, ආහාර, මිනිසුන්ගේ අත්‍යාවශ්‍ය ආහාර මිල අඩුකිරීම සහ වැටුප් වැඩිකිරිමයි.