(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඕනම අවස්ථාවක රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගත්තා. මේ වෙලාවෙත් රට වෙනුවෙන් තීන්දුවක් ගන්න සූදානම් කියන පණිවිඩය අපට දුන්නා. හැබැයි අගමැතිට මෙම තීන්දුව ගන්න යම් පිරිසක් ඉඩ දෙන්නෙ නැද්ද කියන අවිශ්වාසය අප කණ්ඩායම තුළ තියෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පැවැසීය.
කවුරුහරි එහෙම කරනවා නම් කරන්නේ වෙන මොකුත් නිසා නොවෙයි තමන්ගේ හොරමැරකම් ආරක්ෂා කරගන්න, තමන් ආරක්ෂා වෙන්න බලන කණ්ඩායමක් තමයි මෙම තීන්දුව ගන්න දෙන්නෙ නැත්තෙ කියන හැඟීම අපිට තියෙනවා.
මේ වෙලාව තමන් ආරක්ෂා වෙන වෙලාවක් නෙමෙයි,රට සහ රටේ ජනතාව ආරක්ෂා කළ යුතුයි,
ඒ නිසා මම ඉතා ගෞරවයෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ජනාපතිටත් අගමැතිටත් කාලෝචිත තීන්දු තීරණ අරගෙන සියලුම පක්ෂ එකතු වෙලා සර්ව සර්වපාක්ෂික ආණ්ඩුව හදලා රට ගොඩනගන්න ඉඩ දෙන්න කියලා.
එහෙම ඉඩ දෙන්නේ නැතිනම් අපි දස දෙනාට අනිවාර්යෙන්ම දැඩි තීන්දුවකට මේ වෙනුවෙන් ගන්න වෙනවා.
සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යතුමා සිය පදවියෙන් ඉවත් නොවුනොත් පසුපෙළ මන්ත්‍රීවරු දසදෙනාගේ කණ්ඩායම හැටියට අපටත් දැඩි තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,බණ්ඩාරගම ආසනයේ ප්‍රධාන සංවිධායක ලලිත් එල්ලාවල මහතා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් පුළුවන් නම් විපක්ෂයේ වාඩි වෙන්නකෝ, කාගේ තහනමක්ද? මේ කෑගහන හැමෝමත් ජනාධිපතිතුමාත් අද පුටුවල ඉන්නේ මහින්ද කියන නම නිසා බව අවුරුදු දෙකකින් අමතක වෙච්චි හැටි.
අධ්‍යාපන සුදුසුකම් නොමැති අය කතානොකර ඉන්න.
ඒක නියමයි.
බොහෝ කාලයක් තිස්සේ මන්ත්‍රී කෙනෙක් හැටියට වැඩකරපු කෙනෙක් වෙන්න ඇති මේ කතාකරන්නේ... මේ පසුපෙළේ අයගෙන් බහුතරය අද ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ මහින්ද නම නිසා ලැබුණු ඡන්දය නිසා විතරයි.
මහින්ද වටේ ඉඳන් හොරාකාපු දූෂිත දේශපාලුවන්ට වෙන දේ දන්න හින්දා ඒ අයත් බය ඇති...
වටේ ඉන්න අය විතරක් නෙවෙයි, යන්න බෑ කියන කෙනත් එහෙම කියන්නේ හොරාකාපුවා අහුවෙයි කියන බයට...
සාටකයාගේ කරේ එල්ලිලා ගොඩ ගිය අයත් ඉන්නවා කියලා රටම දන්නවා. ඒ අයට යනඑන මන් නැතිවෙනවා.
මෙයා ඡන්දෙට ආවට පස්සේ ආයෙ මම දැක්කෙම නැහැ ගමේ ඉන්නවා.