(අංජුල මහික වීරරත්න)
බඩු මිල ශීඝ්‍රයෙන් ඉහළ යද්දී ඉන්ධන ඉල්ලා පෝලිම්වල හඬ නගන තරුණයන් වෙඩි තබා ඝාතනය කරන රටක කම්කරු අයිතීන් කිසිසේත්ම සුරැකෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉවත් වූ විට සියලු ප්‍රශ්න විසඳී වත්මන් කම්කරු අරගලය ජයගනු ඇතැයි පවසන විජයවර්ධන මහතා ඒ ජන සටන දිනවීම සඳහා එක්සත් ජාතික පක්ෂය හැමවිටම කැපවී ක්‍රියා කරන බවද සදහන් කරයි.
ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අබියස ජනතාව ඒකරාශීවී ඉල්ලන්නේ සමස්ථ ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන ජීවන අරගලයට විසඳුම් බව කී විජයවර්ධන මහතා එහෙත් වත්මන් රජයට ඒ වෙනුවෙන් කිසිදු විසඳුමක්වත්, සාර්ථක ඉදිරි දැක්මක්වත් නැතැයි ද මුළු රටේම වැඩකරන ජනතාව ඊයේ (28) පාරට බැස්සේ නිදහසේ හුස්ම ගැනීමට අවස්ථාව උදාකර ගැනීම වෙනුවෙන් බව ආණ්ඩුව තේරුම් ගත යුතු යැයිද විජයවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නැති ඉන්ධන ඉල්ලන එක මොන ගොන් කමක්ද? ඉන්ධන ගෙනෙන්න ඩොලර් නැහැ. රටට ඩොලර් ගෙනාපු සංචාරකයොත් ආපසු හැරිලා ගියා. හේතුව උද්ගෝෂණ. උද්ගෝෂණ වැඩිවෙන තරමට ඩොලර් නැහැ ඩොලර් නැති වෙන්න වෙන්න උද්ගෝෂණ. මේවට උන්ඩ පාවිච්චි කරන රටට පාඩුවක් ඉන්දියන් ක්‍රමය හොඳයි.