(සුජිත් හේවාජුලිගේ )

නවසීලන්තයේ කිරි සහ සත්ව නිෂ්පාදන සහන ණය ක්‍රමය යටතේ මෙරටට ලබාදීමට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා එකඟ වූ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඔහු මෙසේ එකඟත්වය පළකළේ  තමා සමග පැවති සාකච්ඡාවකදී බවද  ඔහු සඳහන් කළේය.

දෙරට අතර ආර්ථික හා සංවර්ධන සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන්ද දෙදෙනා   එහිදී වැඩිදුරටත් සාකච්ඡා පවත්වා ඇත.