(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කතානායකවරයාට බාර දීමට බලාපොරොත්තු වන බව සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.

විශ්වාසභංග යෝජනාවට අත්සන් 125ක් පවතින බවට ප්‍රකාශ වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

පක්ෂ එකොළහේ කණ්ඩායම සහ ආණ්ඩුවේ මෑතදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් දසදෙනාගෙන්ද මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඒ අය කරන්නේ කුමක්දැයි අද රට බලා සිටින බවත් ඔහු කීවේය.

විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකරන කිසිවකුට ගමට යෑමට නොහැකි වන බවද අශෝක් අබේසිංහ මහතා පැවසීය.