
( ටී.කේ.ජී.කපිල )
රට පුරා රෝහල් වල ඖෂධ හිගයක් ඇති වී තිබෙන මෙම අවස්ථාවේ , ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ,ඉන්දුනීසියානු රජය විසින් පළමු වරට රුපියල් මිලියන 570 ක් වටිනා ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ තොගයක් අද (28) දින සවස ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක් හෙවත් රුපියල් මිලියන 570 ක් වටිනා මෙම වෛද්යු ආධාර තොගය කිලෝ ග්‍රෑම් 3100 ක් බරකින් යුතු විය .
මෙම වෛද්‍ය ආධාර තොගය තුළ විශේෂයෙන් පිළිකා රෝගීන් සදහා වූ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ද තිබුණි .
සති දෙකක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ඉන්දුනීසියානු රජය ප්‍රතිචාර දක්වා තිබීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා රජයේ සහ ජනතාවගේ කෘතවේදීත්වය ගුවන් තොටුපළේ දී පිරිනැමීය .
මෙම ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ තොගය අද (28) දින සවස 05.34 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 364 දරන ගුවන් යානයෙන් ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම වෛද්‍ය ආධාර තොගය භාර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන , සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍ය ක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන , ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ඩේවි ටොබින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත වෛද්‍ය අලාකා සිංග් මහත්මිය ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ඇතුලේ මහලොකුවට ප්‍රෞඩ ජාතියක් කියලා කයිවාරු ගැහැව්වට ලෝකෙන්ම හිඟන ජාතිය නේද මේ? "කටවල් වල නරි වාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා" ලැජ්ජා නැද්ද? ඇඟිල්ලේ තරමට ඉදිමියල්ලා අඥාණ මිනිසුනේ..
පළමුව ඖෂධ එව්වා.. දෙවනුව පෙළපාලි යන අයට බුර්කාවත් එවයි..!
ඔය වෛද්‍ය ආධාර තොගය කළු කඩයට යයිද දන්නේ නැහැ? මිනිස්සු ජීවත් වුණත් එකයි, මැරුණත් එකයි සේවයක් තමයි රට කරවන අය කරන්නේ...
කොහොම තිබුණු රටක්ද මේ තැනින් තැන හිඟා කකා යන්න වෙන තැනට දැම්මේ...? මොවුන්ව බලයට ගෙනාපු සම හරක් තවම මේ අයට ආවඩන එක තමයි වෙලා තියෙන ලොකුම සාපය...!