(යොහාන් භාසුර)

‘කොවිඩ්’ වසංගත තත්ත්වය හේතුවෙන් කල්දැමූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය (2021) ලබන මැයි මස 23 වැනිදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය.  

ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 16 වැනිදා පැවැත්වෙන බවත් අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තොම්බර් 17 වැනිදා සිට නොවැම්බර් මස 12 වැනිදා දක්වා පැවැත්වෙන බවත් ධර්මසේන මහතා කීය.