(සුජිත් හේවාජුලිගේ )

නව අගමැතිවරයකු පත් කිරීමට ජනාධිපතිවරයා සිය ලිපියෙන් යෝජනා කර ඇති බවත් නව අගමැතිවරයකු සඳහා නමක් මේ දිනවල කැරකැවෙමින් තිබෙන බවත් අපේ ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

ජනාධිපතිවරයාගේ බලතල සීමා වන සමූහයකට බලය පැවරෙන වැඩපිළිවෙළක් ජනාධිපති වරයාට යෝජනා කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.

අගමැතිවරයා ඉවත් නොවන්නේ නම් විශ්වාස භංග යෝජනා මගින් ඒ කටයුත්ත කිරීමට සිදුවන බවත් ඉවත් නොවී රට අර්බුදයක් බවට පත්කිරීමට ඔහු කටයුතු කරනු ඇතැයි නොසිතන බවත් රතන හිමියෝ පැවසුහ.

අගමැතිවරයා ඉවත් නොවුණහොත් ජන අරගලය සමග එකතුවී ඒ කටයුතු කිරීමට සිදුවන බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.