
(යොහාන් භාසුර)
භාණ්ඩවල මිල ලකුණු කිරීම සහ ලකුණු කළ මිලට අළෙවි කිරීම තහවුරු කරමින් පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීම සඳහා ඉදිරි දිනවලදී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පාරිභෝගික කටයුතු ආධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
භාණ්ඩවල මිල ලකුණු නොකිරීම, ලකුණු කළ මිලට වඩා වැඩි මිලට විකිණීම සහ ලකුණු කළ මිල වෙනස්කිරීම පිළිබඳ පැමිණිළි මේ දිනවල නිරන්තරයෙන් ලැබෙමින් පවතින බව කී පාරිභෝගික කටයුතු ආධිකාරියේ එම උසස් නිලධාරියා එම ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව අඛණ්ඩව වැටලීම් කරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය වශයෙන්ම, රටේ අස්සක්, මුල්ලක් නෑර බොහෝ කළුකඩ කාරයින් හිතු හිතූ විදිහට බඩුමිල ඉහළ දමමින් සිටිනවා. මේ තරම් රටේ දැවෙනා ප්‍රශ්න තිබියදී, දුක්විඳින ජනතාව ගසාකෑමට එරෙහිව දැඩිදඬුවම් දීමට ඉක්මණින් පියවර ගත යුතුයි...
පාරිභෝගික සේවාව හීනයක් දැකලා ඇහැරුණාද?
භාණ්ඩවල අලෙවි මිල නොපෙනෙන සේ කුඩාවට හෝ සඳහන් කිරීම දැනට සිදුවන මුත් අවශ්‍යව ඇත්තේ සෑම භාණ්ඩයක් සඳහාම පාලන මිලක් නියම කරමින් පාරිභෝගිකයාට සහන සැලසීමයි. එසේ නොවීම හේතුවෙන් සහල් ඇතුලු සියලුම භාණ්ඩවල මිල ගණන් අද පාලනය වන්නේ මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන් සහ නිෂ්පාදකයින්ට අවශ්‍ය පරිදියි... මෙවන් තත්ත්වයක් යටතේ පාරිභෝගික සේවා අධිකාරියේ අවශ්‍යතාවයක් තිබේද? යන්න ජනතාවට ප්‍රශ්ණයකි.
අනේ යන්න... වැලේ වැල් නැති ආණ්ඩුව, ඩඩ්ලි සිරිසේනට බයේ ජනපති, අගමැති, පාරිභෝගික ඇමති කට්ටියම ගැසට් රිවස් කෙරුවා... නුඹලා පිරිමිද?
භාණ්ඩ මිල ලකුණු කරලා විතරක් මදි, ලාභයත්, (%) එකත් පෙන්නන්න. හිතෙන හිතෙන ලාභ තියන්න දෙන්න එපා. වෙළෙන්දාට මාසෙන් දෙකෙන් තව කඩයක් දාන්න ඔවුන් ලාභ හොයනවා... හරියට ධම්මික පෙරේරා බිස්නස් කරනවා වගේ... ඔවුන් විතරයි හැදෙන්නේ... අනික් මිනිස්සු දුක් විඳිනවා. දුප්පත්කම ඉවරයක් වෙන්නේ නෑ. ආදායමත් එක්ක මිලදී ගන්න. හෝටල් අයිතිකාරයෝ (SLITO) තව තව හෝටල් හදලා ඔවුන්ගේ ගොඩ වැඩි කරගන්නවා... ගයිඩ්ස්ලා දුක් විඳිනවා. අපි සුද්දාට කිව්වොත් මෙයාලා කොළ දීලා කොමිස් තියාගන්නවා කියලා.. ඔක්කෝටම කෙළවෙනවා. මෙන්න මේ අසමතුලිත බවයි නැති කරන්න ඕනේ... කියන්නේ ලොකුවට අපි ජාතියට ජොබ් දුන්නා කියලා විතරයි ..
පාරිභෝගික සේවා අධිකාරිය, පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු නොකරන ආයතනයක් බව මම එහි සභාපතිතුමාට ඉතා වගකීමෙන් දන්වමි.