
(විමුක්ති එස්. රොද්‍රිගූ)
ශ්‍රී ලාංකික දෙමළ පුද්ගලයන් 18 දෙනෙක් ඊයේ (21) රාත්‍රියේ සහ අද (22) අලුයම කණ්ඩායම් දෙකකින් තමිල්නාඩුවේ රැකවරණ පතා රාමේශ්වරම් වෙත පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
රැකවරණ පතා පැමිණි කණ්ඩායමේ මාස 4ක ගැබිණියක්, අවුරුදු එක හමාරක ළදරුවෙක් සිටින බවත් එක් දවසක් තුල පැමිණි දෙවැනියට වැඩිම ශ්‍රී ලංකික සරණාගතයින් සංඛ්‍යාව මෙය බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ ඉහළ උද්ධමනය සහ විරැකියාව හේතුවෙන් විශේෂයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජනතාව කුඩා බෝට්ටුවල නැගී නීති විරෝධීව රාමේශ්වරම් බලා පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි.
13 දෙනෙකු ගෙන් යුත් පළමු කණ්ඩායම මන්නාරම ධීවර වරායෙන් ගමන් අරඹා ඇති අතර 5 දෙනෙකුගෙන් යුත් දෙවැනි කණ්ඩායම යාපනයෙන් ගමන් අරඹා ඇති බව අනාවරණය වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මෙම 18 දෙනා යාපනය සහ මන්නාරම් ප්‍රදේශය පදිංචිකරුවන් බවත් මේ දක්වා ශ්‍රී ලාංකික දෙමළ පුද්ගලයන් 60 දෙනෙකු සරණාගතයන් ලෙස තමිල්නාඩුවට පැමිණ ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම ලැජ්ජාවක් හිතට දැනෙන්නේ. මට වගේම පාලකයින්ටත් ... ලැජ්ජාව, බය තිබුණා නම්...!
ඉන්න හිතෙන රටක් හදන්න ආපු අය හින්දා සිදුවෙලා තියන දෙයක්..
අපිට තමයි පනින්න තැනක් නැත්තේ...!
ඉස්සර දමිළ ජනතාව ශ්‍රී ලංකාවට පීනාගෙන ආවා. දැන් ලංකවේ අය ඉන්දියාවට පනිනවා. අපේ රටට මොකද වුණේ? මුන් අපේ රට කෑවා...!
දැන් ඉන්දියාවේ උදවිය අපිට කල්ලතෝනි කියනවා ඇති....!
අරගල කරන්න හරි රටක් තියෙන්න එපැයි..!