
(එස්.එස්. අබේකෝන්)
කොළඹ පොල්ගහවෙල ප්‍රධාන දුම්රිය මාර්ගයේ අලව්ව, ගොරොක්ගස්දෙණිය දුම්රිය හරස් මාර්ගයේ දී ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් එහි රියදුරු සුළු තුවාල ලබා අලව්ව දිසා රෝහල්ගත කර ඇති බව අලව්ව පොලිසිය පවසයි.
විදුලි සංඥා හා විදුලි සීනුව නාද වෙමින් එම ලොරි දුම්රිය මාර්ගය හරහා ධාවනය කරවීමට යාමේදී මෙම අනතුර සිදුවඇත.
ගොරොක්ගස්දෙණිය ප්‍රදේශයේ ලොරි රථයක් වන අතර කිරි පැකට් පටවා ගත් රථයක් බවත්,රියදුරුගේ නොසැලකිල්ලෙන් දුම්රිය හරස් මාර්ගයේ ගමන් කිරීමට ගොස්
කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් දුම්රියේ හැපීමෙන් ලොරි රථයේ ඉදිරිපස කොටස ගැලවී දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී ඇත.
දුම්රිය ගමනාගමනය පැය බාගයක් පමණ අඩාල වූ බව දුම්රිය ආරංචි මාර්ග පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd