
(ටී.කේ.ජී.කපිල)
පාප් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු 56 දෙනෙකුගෙන් යුතු පිරිසක් ගුවන් යානා දෙකකින් ඉතාලියේ වතිකානුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් අද (22) උදෑසන පිටත්ව ගොස් තිබේ.
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරුතුමන් 08 දෙනෙකු අද (22) අලුයම 05.02 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 659 දරන ගුවන් යානයෙන් දෝහා බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.
මෙම පිරිස එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලියේ වතිකානුව වෙත පිටත්ව යාමට නියමිතය.
මීට අමතරව පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් 18 දෙනෙකු ද, පාස්කු ප්‍රහාරයේ දී වින්දිතයන් වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ වින්දිතයන් 04 දෙනෙකු ද, කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ 06 දෙනෙකු ද, මීගමුව කටුවපිටිය දේවස්ථානයේ 20 දෙනෙකු ද අනෙක් කණ්ඩායමට ඇතුළත් වී සිටියහ.
ඔවුන් පිරිස අද (22) උදෑසන 10.05 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී ගොස් තිබුණි .
පසුව මෙම පිරිස ද එතැන් සිට ඉතාලියේ වතිකානුව බලා වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාමට නියමිතය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සම්පූර්ණ කතාවම වෙලා මිනිස්සු රෝද පුටුවෙන් යනකම් දෙවියනි, ඔබ කොහිද හිටියේ...?
සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුවය.
අනාගත පාප්තුමා ශ්‍රී ලංකාවෙන්...!!!