
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජය ආර්ථික ප්‍රශ්නය විසඳන්නට ගන්නා මාර්ග සිතියම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රජය මූල්‍ය අරමුදල සමග කළ සාකච්ඡා වල ප්‍රගතිය ද ඉදිරිපත් කළ යුතුව තිබෙන බව කී සජිත් ප්‍රේමදාස මහතා කැබිනට් මණ්ඩලයක් සහ රාජ්‍ය ඇමතිවරුන් පත් කර තිබියදී මාර්ග සිතියම ඉදිරිපත් නොකරන්නේ ඇයි දැයි ප්‍රශ්න කළේය.
"රටේ ඩොලර් හිඟයක් තිබෙනවා කියා දැන් රටේ ඉඩම් විකුණන්න යනවා.ආණ්ඩුවේ සිතියම මේකද?අද මේ ආණ්ඩුවට කිසිම සිතියමක් නැහැ.ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිතුමා අස්විය යුතු බව කියනවා.තවත් පිරිසක් අගමැති අස්විය අස්විය යුතු බව කියනවා .ආණ්ඩුවේමාර්ග සිතියම මේකද?අද ආණ්ඩුව කරන්නේ දේශපාලන සූදුවක්.යනුවෙන්ද සජිත් පේමදාස මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳ ඉල්ලීම... එතුමාත් කියන්න ඕක කරන විදිහ. එතුමාගෙ මොලෙන් කොහොමද රටට ඩොලර් නැව් ගෙන්වන්නෙ කියලා පැහැදිලි කරලා කිව්වා නම් රටේ ජනාධිපතිකම එතුමාට දෙයි, ජනතාව ඊළඟ මැතිවරණයේදී.
සජිත්... මේ ප්‍රශ්නේ තනියෙන් රජයකට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නොවේ. රටක ප්‍රතිපත්තියක් හදලා ජනතාවට එක මතයකට පාර්ලිමේන්තුව තුළින් පණිවිඩයක් එන්න ඕනේ.. රටක් විදියට අපි කරන්නේ මොකක්ද කියලා... එහෙම නැතිව ආණ්ඩුවට පඩි වැඩි කරන්න බැරි මොහොතක පඩි වැඩි කරන්න කියන ,රට වහන්න බැරි මොහොතක රට වහන්න කියන විපක්ෂයක් රටට ඕනේ නැහැ. IMF ගියොත් කොහොමත් තෙල් වැඩිවෙනවා.. රජයේ අනවශ්‍ය වියදම් අඩුවෙනවා. නව රජයේ රැකියා (දැනටමත් අතිරික්තයක් වුණු) දෙන්න වෙන්නේ නැහැ. ඒවා තමුන්ලා සියල්ල එකතු වෙලා..
නොපෙනෙන තරමේ අර්බුදයකට මුළු රටම තල්ලුවෙලා තියෙද්දිත් දැන් දවස් ගාණක් තිස්සේ මේ ඔක්කොම එකතුවෙලා රටට නරි නාටක පෙන්වෙනවා. ඒක සාධනීය යෝජනාවක් හෝ ඉදිරිපත් කළාද මේ කවුරුවත්...? තම තමන්ගේ ඇඟ බේරාගෙන අනුන්ගේ කුණු කියවනවා... මෙයා ආණ්ඩුවේ විසඳුම් ඉල්ලනවා... මෙයාගේ යෝජනා මොනවද දන්නේ නෑ. අවුරුදු 3 නිකන් තෙල්ගේන්න ගන්න පුළුවන් කිව්ව කෙනානේ මෙයා...!
ඇත්තටම රනිල් සහ විමල් කරන්නේ දේශපාලන ඩීල් එකක්... ඔවුන් කියන්නේ ජනාධිපති අස්නොවිය යුතුයි කියලා. නමුත් බහුතර 69 ලක්ෂය ඇතුළු රටේ ජනතාව ඉල්ලන්නේ ජනාධිපති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි කියලා... විමල්ට තියෙන්නේ බැසිල් එක්ක පුද්ගලික තරහක්. ඒ හරහා ඔහුගේ පැවැත්ම... රනිල්ට තියෙන්නේ අතුරු මාර්ගයෙන් නැවත අගමැති වෙලා බලය ගන්න. නමුත් රටේ ප්‍රශ්න විසඳන්න ලකුණු නම්, පේන්න නැහැ. කොහොම හරි රනිල් සහ විමල් කරන්නේ ආණ්ඩුව ආරක්ෂා කිරීම මිස රටේ ප්‍රශ්නයෙන් ගොඩඑන්න නම් නොවේ.
ඊළඟට රට බාරගන්න ඉන්න නායකයෙක්ද මේ? බොළඳ කතා කියනඑක දැන්වත් නතර කරන්න... පුළුවන් නම් කියන්න අපි කරන්නේ මේකයි කියලා... එතකොට මිනිස්සු තීරණය කරයි. ඊළඟට මොකක්ද කළ යුත්තේ කියලා...!
ඕනම කෙනෙක් කියන දෙයක්... කිසිම හිරිකිතයක් නැතිව දෙසාබාලා ඇඟපුරාම ගාගන්නවා. මොන වෙලාවක උපන් දරුවෙක්ද මන්දා...?