(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් සම්බන්ධයෙන් කෙටුම්පත් කතානායකවරයාට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉදිරිපත් කළ බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21 )රැස්විය.
එම කෙටුම්පත්වල පිටපත් අනෙක් පක්ෂ නායකයන්ට හෙට (22) දිනයේදී ලබාදෙන බව පැවසු ගුණවර්ධන මහතා සංශෝධන කෙටුම්පත්වල මූලික හරය පක්ෂ නායකයන් රැස්වීමේදී පැහැදිලි කළ බවද සඳහන් කළේය
කතානායකවරයාට ඉදිරිපත් වන කෙටුම්පත් ගැන ඉදිරියේදීද පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරන බවත් සමගි ජන බලවේගයද පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළ බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම ජනාධිපතිවරයා පත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුවක්ද වසර එකහමාරක් තිස්සේ ක්‍රියාත්මක බව සභානායකවරයා සඳහන් කළේය.
ඉදිරිපත් කෙරුණු කෙටුම්පත්වල සම්පූර්ණ සංශෝධනයන් සහ අන්තර්ගතයන් මොනවා දැයි තවමත් නොදන්නා බවද ඔහු කීය.
ජනාධිපතිවරයා පත්කළ ආණ්ඩුක්‍රම කෙටුම්පත සැකසීමේ කමිටුවේ යෝජනාද ඕනම වෙලාවක ඉදිරිපත් විය හැකි බව දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැංගි හොරා ව්‍යවස්ථාව වෙනස් කරන්න මිනිස්සු බලේ දීලා නැහැ නේද? රටේ ඔය 225 ට වැඩිය තව කට්ටිය ඉන්නවා. ඔය 225 නැතිවුණා කියලා රට ගිලෙන්නේ නැහැ. රටේ සල්ලි හම්බ කරන්නේ සාමාන්‍ය මහජනතාව මිසක් ඔය 225 නෙවෙයි. කරුණාකරලා අයින්වෙලා, තොලොංජිවෙලා යන්න. රුසියාවේ රජ්ජුරුවෝ එළෙව්වා වගේ පන්නලා දාන්න කළින්..