(විමුක්ති එස් රුද්‍රිගු)

කටාර් රාජ්‍යයේ සිරගත කර සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙක් නිදහස් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

එරටේ සේවය කරමින් සිටියදී විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම් වල නියැලීම හේතුවෙන් මොවුන් සිර ගත කර ඇත.

ශුද්ධ වූ රාමසාන් මාසය වෙනුවෙන් එම පිරිසට නිදහස ලබාදීමට කටාර් පාලනය තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේය.