(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවා තිබුණත්  තමා එහි නොගිය බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී  ඊයේ(22) පැවසීය.

ඒ  වරද  සිදුවූයේ තමා අතින් බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් තමාට ඒ රැස්වීමේ තොරතුරු එදිනම  සවස් කාලයේදි  ලබා දුන් බව පැවසූ අගමැතිවරයා එතන කිසිදු ගැටළුවක් නැතැයිද සඳහන් කළේය.

මේ එහිදී  ඇතිවූ සංවාදයයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

රඹුක්කන සිද්ධියෙන් පස්සේ ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳෙව්වා. නමුත් ඒ රැස්වීමට අගමැති තුමා සහභාගි කරගත්තේ නෑ. ඒක තමයි ඇත්ත. අපි ඉදිරිපත් කරන සංශෝධනය ක්‍රියාත්මක කළානම් මේ වගේ තත්වයක් උදාවන්නේ නැහැ. අගමැතිතුමාට බලය ලැබෙනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා:

අගමැතිතුමා කැඳවලා තිබුණා. නමුත් එතුමට යන්න බැරි වුණා. විපක්ෂ නායකතුමා පුන පුනා කියන්නේ ටොම් පචයක්.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා:

නායකතුමා ප්‍රශ්නයක් ඇහුවා. ඔව් මම කැඳෙව්වා. නමුත් මම ගියේ නෑ . ඒ වරද මගේ. ඒත්  එතැන  තොරතුරු ඔක්කොම මට පස්සේ දැනුම් දුන්නා.