(අජන්ත කුමාර අගලකඩ)
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත
ඒ සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තු සන්කීර්ණයේ ඊයේ(21) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සම්මත වී තිබේ .
මේ අවස්ථාවේ ආණ්ඩුවේ සියලු දෙනා එකට සිටිමින්, අර්බුදයට විසඳුම් සෙවිය යුතු බවද මන්ත්‍රී වරුන් පෙන්වා දී ඇත.
කවුරුන් ස්වාධීන වුණත් මිනිසුන්ගෙන් කන්න වුණොත් කන්න වෙන්නේ එකටම බවත්, ඒ නිසා සියලු දෙනාම,මත ගැටුම් පසෙක තබා එක්ව කටයුතු කළ යුතු බවත් ,එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.
ගෑස් , විදුලිය ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ආණ්ඩුව වහාම පියවර ගත යුතු බවත්,එම ගැටලු නොවිසදා විරෝධතා නතර කළ නොහැකි බවත්, ඔවුන් පෙන්වා දී ඇත.
මතුව ඇති අර්බුදවලට එක්ව මුහුණ දදිය නොහැකි නම්, විපක්ෂයට යාම වඩාත් සුදුසු බව ද මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පෙන්වා දි ඇත .
මේ අතර,ඇමතිධුරවලින් ඉවත්ව ,වෙනත් පිරිසකට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් හිටපු ඇමතිවරුන්ට ස්තුතිය පළ කිරමේ යෝජනාවක් ද එම රැස්වීමේ දී අනුමත වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා හිතන් ඉන්නේ ගෑස්, විදුලිය දුන්නාම මේක ඉවර වෙයි කියලා.. මේ රට බංකොලොත්, බංකොලොත් වෙන්න කලින් විසඳුම් හොයන්න බැරි අයෙ, දැන් විසඳුම් හොයන්න පුළුවන්ද? මාස 6න් මේක ගොඩ යන්නේ නෑ.. එච්චරටම මේක කාලා. හපයක් කරලා තියෙන්නේ...!
රටට තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිටයි. ඉතුරුවෙලා තියෙන ජාතික ධනයටත් අර අනුරාධපුරයේ ඥාණක්කාගේම පිහිටයි.
එතකොට එයා නෙමේද මෙච්චර කල් අගමැති හිටියේ...? මාරවැඩේ නේද? ඔන්න අපි රැවටුණු ආයෙ...!
මේ යක්කු යන පාටක් නෑ. අයියාගෙන් මල්ලිට, මල්ලිගෙන් අයියට. මොන කෙන් ගෙඩියක්ද? අම්මගේ අප්පගේ බුදලේ වගේ.., ඔහේලා නටන්නේ තව ටික දවසයි...!
ඕනෑවට වඩා විහිලුවක් වුණත් අවසන් වන්නේ ඛේදවාචකයකින්...
විධායක බලය දෙන තරම් ලේසි නැහැ ගන්න එක.
නායකත්වය දෙනවා කියන්නේ මොකක්ද? මේ අවුරුදු එකහමාරටම එයා කලේ මල්වට්ටි අරන් පන්සල් යන එක විතරයි... දැන් ඒකත් බැහැ..
ගෝල්ෆේස් එකේ 225ම එපා කියන නිසා බයවෙලා වගේ..!
අලිබබා එක්ක හිටපු හොරු සෙට් එකේ සමහරුන්ට යන්න බැරුව ඇති. ජනතාව මේ දූෂිත දේශපාලුවන්ව එළවන දවසක් එනවා...!
සමන්ත, රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙක් සමග රටට ඉදිරි ගමනක් නැත. මෙතන ඇත්තේ පුද්ගල ප්‍රශ්නයක් නොව රට පිළිබඳ ප්‍රශ්නයකි. කිසිම ආධාර දෙන රටක් හෝ ආයතනයක් රාජපක්ෂලා බලයේ ඉන්න තාක් ආධාර නොදෙනු ඇත. ඒ ඇයි කියන දේ පැහැදිලියි. ඒ නිසා තවත් පව් නොදී වහාම ඉවත්ව යා යුතුයි. ජනතාව එපා කියද්දී බලය රඳවා ගැනීමට දැඟලීමෙන් සිදුවන්නේ ලිබියාවේ ගඩාෆිලාට වුණු දේ බව ඔවුන් මතක තබාගත යුතුයි...
ඉස්කෝලේ ගෝරිවලදි වුණත් ඔක්කොම එකට හිටියොත් කන්නේ එකට. විසිරිලා ගියොත් ටික දෙනෙකුට හරි බේරෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ මේ මන්ත්‍රීලා හරියට ඉස්කෝලෙටවත් ගිය අය නොවේ...
ඇයි රසායනික පොහොර? තවම කාබනික පොහොර මේනියාවද?...
තමන්ගේ තනතුරු ආරක්ෂා කිරීම පැත්තකට දාලා මේ රටේ මිනිස්සු බඩගින්නෙන් බේරගන්න පුළුවන් කට්ටියකට දෙන්න.
රට්ටු නම් මෙයා යන්නේ කොයි වෙලාවේද කියලයි බලා ඉන්නේ...!
ඥාණක්කා රටට ආදරෙයි... ඒ නිසා රටට යහපතක්ම කරයි...!
හොඳයි...!
දුම්මල ගහලාවත් මේ හොරු රැළ පන්නන්න බෑ. දන්නවා ගියොත් හිරේ තමයි යන්න වෙන්නේ කියලා..