(තරංග ගුණරත්න)

ගන්දර පොලිස් ස්ථානය අයත් කැබ් රථයට ඊයේ රාත්‍රි දෙවුන්දර නගරයේදී කිසියම් පුද්ගලයකු එල්ල කළ ගල් පහරකින් අලාභහානි කර ඇතැයි පොලිසිය කියයි.

ගන්දර පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනකු කැබ් රථයෙන් රාත්‍රි - ජංගම මුර සංචාරයේ නිරතව සිටියදී දෙවුන්දර නගරයේදී අසලදී කැබි රථයට කිසියම් පුද්ගලයකු මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

මෙම සිද්ධිය වන අවස්ථාවේදී ප්‍රදේශයේ විදුලිය විසන්ධිව තිබී ඇති අතර මෙම අපරාධය සිදුවිමට පෙර එම ස්ථානයෙන් පුද්ගලයන් දෙදෙනකු ස්කුටි වර්ගයේ යතුරු පැදියකින් කෑ කෝ ගසමින් මාර්ගයේ ගමන් කර ඇත.

මෙම සිද්ධියෙන් කිසිවකුට අනතුරක් නොමැති අතර පොලිස් රථයට පහරදිම සම්බන්ධයෙන් කිසිවකු මෙවන තෙක් හදුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලිස් ස්ථානයෙ ස්ථානාධිපති දේශබන්දු සේනානායක මහතාගේ මෙහෙයවිම මත වැඩිදුර පරික්ෂණ මෙහෙයවති.