IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රඹුක්කන සිද්ධියට පොලිසියේ තුනක් මාරු

(ඉන්දිකා  රාමනායක)

රඹුක්කන  ප්‍රදේශයේ    ඇති වු සිද්ධියෙන් පසු  කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි,  රඹුක්කන පොලිස් අධිකාරි සහ රඹුක්කන පොලිස් ස්ථාධිපතිවරයා ඇතුලු  තිදෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි   නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම සිදුවීමේ දී අගතියට පත් පාර්ශවයට සහ සාක්කිකරුවන්ට ස්වාධීනව විමර්ශන වලට , අධිකරණ කටයුතු වලට  සහභාගිවීම සදහා ස්ථාන මාරුවීම්  සිදුකළ  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා  සිටියේය.



අදහස් (13)

රඹුක්කන සිද්ධියට පොලිසියේ තුනක් මාරු

Ruwan R Thursday, 21 April 2022 05:22 PM

ස්ථාන මාරු වගේ සීනි බෝල නොදා සේවය අත්හිටුවා පරීක්ෂණ කරන්න. ඒත් ඉතින් ඔයාලාමනේ කරන්නේ... වැරැදි කාරයෙක් නැතිවෙයි.

:       5       76

සංහිද Thursday, 21 April 2022 05:51 PM

දැන් මාරු කළාම මැරුණු අයට සාධාරණයක් ලැබෙනවාද?.

:       4       53

ගොටා ගො හොම්~ඉතාලිය Thursday, 21 April 2022 05:52 PM

අර ජනාධිපති ඇමැති මණ්ඩලයක් මාරු කරනවා වගේ.., මෙයාලා මාරු කරලා හරියන්නේ නැහැ. දැන් ඉතින් අප්පුහාමිලා ⁣එල්ලුම්ගස් යන්න ලෑස්ති වෙන්න...!

:       3       51

Thalagalage saman priyantha Thursday, 21 April 2022 06:17 PM

මිනිස් ඝාතන කරලා මාරුවෙන්න පුළුවන්ද?

:       3       54

siri Thursday, 21 April 2022 07:17 PM

ගෝල්ෆේස් ගිය කෙනාගේ වැඩ තහනම්. වෙඩිතියලා අහිංසකයෙකු ඝාතනය කළ අයට ස්ථාන මාරු. මාර වැඩක් ලංකාවට වෙලා තියෙන්නේ.

:       6       71

chandima Thursday, 21 April 2022 07:26 PM

දැන් ගිය තැන මිනිස්සුන්ට වෙඩි තියයි.

:       3       47

Prabha Thursday, 21 April 2022 11:08 PM

පොලිසියේ, බන්ධනාගාරයේ, රේගුවේ ඕනෑම තැනක අකටයුත්තක් වුණොත් කරන්නේ හිරේ දාන එක නොවේ... ස්ථාන මාරු. මේක පුදුම නීතියක්...

:       0       3

චමින්ද Friday, 22 April 2022 05:41 AM

ස්වාධීන පරීක්ෂණයක් කළයුතු අවස්තාවේ වරදක් කළ පාර්ශවයේ අයම පරීක්ෂණයක් කරනවා... නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ වගේ තීන්දුව දෙනවා. ඒ නිසා පොලිසිය කරන වැරැදි විමර්ශනය සඳහා වෙනත් ආයතනයක් වහාම පිහිටුවිය යුතුයි.. පොලිස්කාරයින් මිනීමැරුමක් කළාම මාරුකරලා යවනවා. සාමාන්‍ය කෙනෙක් කළොත් රිමාන්ඩ් කරනවා. මොකක්ද මේකේ තේරුම...?

:       0       3

Balasuriya Friday, 22 April 2022 06:04 AM

පොලිස් පුහුණුවීම්වලට මනුෂ්‍යත්වයත් ඇතුළත් කරන්න.

:       0       2

Lalith Friday, 22 April 2022 06:50 AM

පොලිසියට පාරේ බැහැලා යන්න බැරි තැනට වැඩ සිද්ධ වෙලා ඉවරයි. දැනටම අපහාස උපහාස කරන්නට පටන්ගෙන. ගෙවල්වල ඉන්න අය මේවා නිසා මානසිකව වැටෙනවා. තකතීරු නිලධාරී කීප දෙනෙකුට වෘත්තීය ගරුත්වය විනාශ කරන්න ඉඩ දුන්නු පාපය...

:       0       3

APerera Friday, 22 April 2022 07:45 AM

ඔය දීලා තියෙන්නේ උපරිම දඬුවම්...

:       0       3

Asanka Friday, 22 April 2022 01:39 PM

අමු අමුවේ මිනීමරලා මදිවට බී වාර්තාව ටිපෙක්ස් කරලා වෙනස් කළා. ඒකට පොලිස්පති ඉඳන්ම අස් කරලා පෙන්ෂන් නැතිව ගෙදර අරින්න ඕනෑ.

:       0       2

රුවන් Friday, 22 April 2022 02:37 PM

නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තියපු කාරණාවට ප්‍රධානීන් මාරුකරලා හරියනවද? නීතිගරුක, විනයගරුක පොලිසියේ වැඩකෙරෙන්නේ එහෙමද? වහාම ක්‍රියාත්මක වන පරිදි අදාල නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීම පළමුව සිදුකළ යුතු අතර අනතුරුව සියල්ලන්ටම පිළිගතහැකි ආකාරයෙන් විනිවිද භාවයෙන් යුතු ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. අනතුරුව වැරැදිකරුවන්ට උපරිම දඬුවම් පැමිණවීම කළ යුතුයි. මිනිස් ජීවිතයක වටිනාකම නොහඳුනන තිරිසනුන්ගේ තරාතිරිම කෙසේවුවත් පොලීසිය තුළ නොව සිවිල් සමාජය තුළවත් රැඳීසිටීමට ඉඩ සැලැස්වීම බරපතල වරදකි. ඔවුන්ට හිමි සිපිරි ගෙදර මෙදාපාර හිමිවීම වැළැක්වීම කිසිවෙකුට නොහැකිවනු ඇත...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 315 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site