(ඉන්දිකා රාමනායක)
යුද සමයේදී හා කොවිඩ් වසංගත කාලයේදී ත්‍රිවිද හමුදාව සහ පොලිසිය වෙත ලබාදුන් විශිෂ්ඨ සහයෝගය මේ අභියෝගාත්මක අවස්ථාවේදී ද ලබාදෙන ලෙස ලක්වාසී ජනතාවගෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටින බව ආරක්ෂ්ක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අත්‍යාවශ්‍ය ප්‍රවාහන කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද ජෙනරාල් ශවේන්ද් සිල්වා මහතා මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.
ජනතාව ඉදිරියේ ඇති ආර්ථීක අභියෝගයන් හමුවේ විවිධ ප්‍රදේශවල ජනතාව ඉතාමත්ම සාමකාමී ලෙස පවත්වන උද්ඝෝෂණ සහ විරෝධතා අතරට ඉතාමත් සුළු පිරිසක් මාර්ගවල ගමන් කරන ජනතාවට අපහසු වන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව පසුගිය දින කිහිපයේදී නිරීක්ෂාණය වු බවද ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගෙන් නෙමෙයි, ආණ්ඩුවෙන් ඉල්ලන්න.
සාමාන්‍ය ජන ජීවිතයට හානි නොකර, රටේ පොදු දේපළවලට හානි නොකර කරන විරෝධයක් දැක්වීම වඩා සුදුසුයි. නැතහොත් තවතවත් ප්‍රශ්න ඇති වන්නේ රටටයි...
කොහෙද ගිහින් හිටියේ අප්පේ? මෙයාට මේ ටික කියන්න තිබ්බේ ආණ්ඩුවට. රටම කාලා විනාශ කරපු ආණ්ඩුවකට ‘‘වෙල් ඩන්‘‘ කියන්නද ඕනෑ...?
නමුත් මේ ඉල්ලීම ඉතාමත් නිවැරැදියි...!
අදාළ දේට කටදාන්නේ නැතිව ඉන්න බැරිකම, මොකක්ද එකට වඩා කියලා කියනවනේ..
කණගාටුව යුද හමුදාවට තිබුණු ගරුත්වය දැන් ඉවරයි. ජනතාද්‍රෝහී ආණ්ඩුවේ පිටිපස්ස හෝදන්න හමුදාව මොනවටද?
යුද සමයේදී සහ කෝවිඩ් වසංගත කාලයේදී, හමුදාවට ලැබුණු ගෞරවයට හානිවෙන අයුරින් සාමකාමී උද්ඝෝෂණයට එරෙහි තීන්දු හා ක්‍රියාමාර්ග ඔබතුමා නොගන්නවා ඇතැයි අපිද අපේක්ෂා කරමු. තීරණය ඔබතුමා සතුයි.
මේ ඉල්ලීම නිවැරදියි. හමුදාපති නීතියෙන්ම බැඳිලා ඉන්නවා.. "රටේ ව්‍යවස්ථාවත් ජනතාවත්" රකින්න (ආණ්ඩුව එහෙම නෙමෙයි ඉතින් කැරලි කෝලහාල කරලා, රජයේ දේපල වනසලා, කලබල කරනවා නම් ඒකට නිසි පියවර ගන්න වෙනවා.. ජීවිත කාලේ වැඩි හරියක් කැලෑවල සතුරාත් එක්ක මරණීය සටන් මෙහෙයවපු අභීත නිලධාරියෙක් විදියට ජනතාවගේ හිත් තුළ ඔබ කෙරෙහි ගෞරවයක්, පිළිගැනීමක් තිබුණා. මම නම නොකීවට තව සමහරුන්ටත් ඒකම තිබුණා. නමුත් එයාලාම විහින් ඒක නැතිකර ගත්තා.. නමුත් ඔබතුමා එහෙම කරන්න එපා... ආණ්ඩු ඒවි, යාවි... ඔබතුමා අමාරුවෙන් (ඔව් අමාරුවෙන් -දහසක් කෙනෙහිලිකම් මැද) ලබාගත් යම් වටිනාකමක් තියනවා නොවැ.. ඒක රැකගන්න ජනතාව ඔබට උදව් කරනවා සිකුරුයි..