(ටී.කේ.ජී.කපිල)

ඊශ්‍රායල ජාතික සිනමාකරුවන් විසි දෙනෙක්ගෙන් සමන්විත පිරිසක්  " ආරුගම්බේ " නැමැති සිනමා පටයක් නිෂ්පාදනය කිරීම සදහා  ශ්‍රී ලංකාවට පැමිණියහ .

මෙම සිනමා පටය , ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ ආරුගම්භේ මුල් කර ගනිමින් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි .

මෙමගින් මෙරට සෞන්දර්ය ඊශ්‍රායලය සහ යුරෝපීය රටවල ජනතාවට දැක බලා ගැනීමට සැළැස්වීම මෙම සිනමා පටය නිෂ්පාදනය කිරීමේ මූලික අරමුණ බව මෙම කණ්ඩායමේ ප්‍රකාශකවරයෙක්  පැවසීය .

විශේෂයෙන්ම ආරුගම්භේ ප්‍රදේශයේ මුහුදු වෙරළ ආශ්‍රිතව සිදු කෙරෙන රළ මත ලිස්සා යාම ( Serfin) ඊශ්‍රායල ජාතික තරුණයන් මහත් ආස්වාදයක් ලබන ක්‍රීඩාවක් බවත් , එම තත්වය යුරෝපීය ජාතිකයන් අතර ප්‍රචලිත කිරීම ඇතුළු ශ්‍රී ලංකාවේ සිනමා සංචාරක ප්‍රවර්ධනයක් ( Film Tourism Promotion ) ඇති කිරීම තුළින් ශ්‍රී ලංකාවට , එම රටවල සිනමාකරුවන් , සිනමා පට නිෂ්පාදනය සදහා මෙරටට ඇද ගැනීම තුළින් විදේශ විනිමය උපයා ගැනීම මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණ බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය .