
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මදුරන්කුලිය නගරයේ පෙට්‍ර්ල් ඉල්ලා පිරිසක් අද 21 දින විරෝධතාවයේ යෙදුණ පිරිස් මාර්ග වසා දැමිමත් සමග කෝපයට පත් වු ගම්වැසියන් පිරිසක් එයට කඩා වැදි විරෝධතාකරුවන් ඉවත් කර වාහන ගමනාගමනයට ඉඩ කඩ ලබා දුන් බව මදුරන්කුලිය පොලිසිය පවසයි.
පුත්තලම - කොළඹ මාර්ගය මදුරන්කුලිය නගරයෙන් සම්පුර්ණයෙන් වසා දමා විරෝධතාවයෙ යෙදුන පිරිස මාර්ග වලින් ඉවත් කිරීමට මදුරන්කුලිය නගරයේ 100 කට ආසන්න පිරිසක් එකවර කඩා වැදි ඉවත් කර මාර්ග ගමනා ගමනයට ඉඩ ලබා දීම පොලිසියද පුදුම කරන්නට විය.
මදුරන්කුලිය නගරයේ සමුපකාර ඉන්ධන පිරවුම් හලට දින ගනනාවක සිට පෙට්රපල් ලබා නොදිමට විරෝධය පලකරමින් යතුරු පැදි කරුවන් හා ත්රිස රෝද රථ රියදුරන් පිරිසක් අද 21 දින අලුයම මාර්ග වසා විරෝධතාවයක් ආරම්භ කර තිබුනී.
ඒ සමගම ක්රිායාත්මක වු පුත්තලම ජ්යෙ ෂඨ පොලිස් අධිකාරි ජේ.ඒ.ජයමහ මහතා හා මදුරන්කුලිය පොලිස්ථානාධිපති ගාමිණී වික්ර මසිංහ මහත්වරු ඇතුළු පිරිස 21 උදේ 6 ට ඉන්ධන ලබා දීමට වු පොරෝන්දුව මත විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත් වි තිබු බව කියයි.
පසුව ඉන්ධන නොලැබිම නිසා නැවතත් උදේ 9 ට පමන මාර්ග වසා දැමිමට කටයුතු කර තිබුනී.
එහිදිද පොලිසිය සවස 2 ට යලි ඉන්ධන ලබා දීමට වු පොරොන්දුව මත මාර්ගයෙන් ඉවත් විම සිදුව තිබේ .
නමුත් එම වේලාවෙදි ද ඉන්ධන නොලැබිම හේතුවෙන් යළි 3.00 පමණ වන විට පුත්තලම කොළඹ මාර්ගය කිසිදු වාහනයට ගමන් කිරීමට නොහැකි වන ලෙස වාහන දමා විරෝධතාවයේ නිරත වි සිටියදි එම පිරිස ඉවත් කිරීමට පොලිස් නිළධාරින් දැඩි වෙහෙසක් ගෙන තිබුන ආකාරය දැක ගත හැකි විනි.
නමුත් පෙට්‍ර්ල් ඉල්ලා විරෝධතාවයේ යෙදුණු පිරිස් පොලිසියට පවසා තිබුනේ තමන්ට පෙට්‍ර්ල් ලබා දුන් පසු මාර්ගවලින් ඉවත් වන බවයි.
මේ මොහොතේ කිසිවකුටවත් සිතා ගත නොහැකි අයුරින් කඩා වැදුන ගම්වැසියන් පිරිසක් විරෝධතාකරුවන් වෙත කඩා වැදි මාර්ගයෙන් ඉවත් වී විරෝධතා කරන ලෙසත් එසේ නොකරන්නේ නම් ඉවත් කරන බවට පැවසිමත් සමග උණුසුම් තත්වයක් හට ගන්නා ආකාරය දැක ගත හැකි විය.
කෙසේ වෙතත් අදාල විරෝධතාකරවන් බලා සිටියදීම ගම්වැසියන් මාර්ග හරස් කර තිබු වාහන ඉවත් කර සියලුම වහාන වලට ගමන් කිරීමට ඉඩ ලබා දෙන ආකාරය දැක ගත හැකි විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා, ගම්වැසියනි...!
පෙට්‍රල් එපා... එකම නැවක්වත් එන්න ඕනෑ නැහැ. ගෑසුත් එපා. එතකොට බලමුකෝ මොකද වෙන්නේ කියලා. රටවල් ආධාර දෙන්නත් එපා. එතකොට බලමුකෝ ලොකු අය මොකද කරන්නේ කියලා...
ජයවේවා...! බොරු විප්ලවකාරයෝ ගුටිකන්න ළඟයි.
හොඳ ප්‍රවණතාවයක්...!
ඒ කියන්නේ විරෝධතාව තිබ්බේ ගම්වැසියෝ නෙවෙයිද?
ඔය ගමේ ඉන්නේ රාජපක්ෂලාගේ වහල්ලු... මම දන්නවා.
මේ වගේ ප්‍රාථමික දේවල් කරන්නේ ආණ්ඩු විරෝධී රැල්ල මැඩපවත්වන්න. පාරවල් වහන්නෙත්, පාරවල් අරින්නෙත්, ප්‍රචණ්ඩත්වය ඇති කරන්නෙත් එකම පිරිසක්. බුද්ධි අංශ හෝ රහස් ඔත්තු සේවා මගින් මේ ආකාරයට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේ මොන උපක්‍රම යෙදුවත් සත්‍ය තමයි, මිනිස්සු ජීවත්වෙන්නේ ඉතාමත් පීඩනයකින්.
අර පවුල් පිටින් උගන්ඩාවට පැනලා ගිය ගජමිතුරා තමයි ඔය පාරවල් වහලා කරන කඩාකප්පල්කාරී වැඩ මෙහෙයවන්නේ...