පුරන් කුඹුරු තරුණයන් ට පවරන්න යයි දිවයින පුරා වගා නොකර අත්හැර දමා ඇති සියලුම කුඹුරු ඉඩම් ආහාර බෝග වගා කිරීම සඳහා වසර පහකට පවරා ගැනීමේ වැඩ පිළිවෙළක් අරඹන බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 12 June 2022
‘විදුලිබල මණ්ඩලයේ සභාපති පීඩනයෙන්‘ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා ‘කොප්’ කමිටුවේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් ඔහු එම කමිටුවේදී පසුගියදා කළ ප්රකාශකයකදී කළ ‘ඉන්දීය අගමැති’ යන වචනය ඉල්ලා අස්කරගන්නා බවත් එම අවස්ථාවේදී පැවැති පීඩනය හමුවේ එම වචනය ප්‍රකාශ කළ බවත් සඳහන් කර තිබේ. 12 June 2022
‘ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයටත් බාධා‘ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට මුදල් නොමැතිවීම හේතුවෙන් වියළි ඖෂධ 237 ක් සහ අමු තත්ත්වයේ ඖෂධ 136 ක් නිෂ්පාදනය කිරීමට නොහැකිව ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය අනාවරණය කළේය. 12 June 2022
දඩමස් ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට කරුවලගස්වැව රජවිගම ප්‍රදේශයේ වගාකටයුතු අතහැර දැමු ඉඩමක් තුළ දඩ මස් ජාවාරමක් පවත්වාගෙන ගිය සැකකරුවකු ගිනි අවි හා තවත් ආයුධ රැසක් සමග වනජිවි නිළධාරින් අද(12) අත් අඩංගුවට ගෙන තිබුණි. 12 June 2022
පාස්පෝට් කන්තෝරුව හෙට වැඩ රජය හෙට (13) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළ ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුලල් ප්‍රධාන කාර්යාලය සහ සෙසු ප්‍රාදේශීය කාර්යාල හෙට සාමාන්‍ය පරිදි විවෘත කරන බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය. 12 June 2022
සිත්තමෙන් ලොව ජයගත් ලක් දියණිය ලෝක සාගර දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ජාත්‍යාන්තර සාගර පත්ල පිළිබඳ ජාත්‍යාන්තර අධිකාරිය සංවිධානය කළ නිර්මාණ තරගාවලියේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නයනාංජනී මොනරවිල මෙනවියට හැකි වූවාය. 12 June 2022
‘‘සහල් ගැන ගැටළුවක් නෑ‘‘ අනවශ්‍ය විදියට සහල් සහ වී තොග රැස්කරන්න එපා.වී තොග ප්‍රමාණවත් තරම් රට තුළ තිබෙනවා. වී අළෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පත් කොට 12 දිනයේ සිට සතොස වෙළදසල්වලට සමූපකාර වෙළදසල්වලට හා සුපිරිවෙළදසල්වලට නිකුත් කරනවා. එම සහල් රුපියල් දෙසීයට අඩුවෙන් දෙන්න තීරණය කොට තිබෙනවා යැයි කෘෂිකර්ම , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 12 June 2022
හෝමාගම ප්‍රා සභාවට හානි කළ සරසවි සිසුවා ඇතුළු තුනක් මාට්ටු රට තුළ ඉකුත් මැයි 09 දා උද්ගත වූ කලහකාරී අවස්ථාවේදී හෝමාගම ප්‍රාදේශීය සභාවේ දේපළවලට පහර දී අලාභහානි කිරීම හා කොට්ටාව පිවිසුම අසල අධිවේගී මාර්ගය හරස් කොට වාහන දෙකකට පහරදී ගිනි තැබීම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ හෝමාගම හරිත සරසවියේ සිසුවකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි . 12 June 2022
ප්‍රදේශ රැසකට විටින් විට තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 June 2022
ලෝකවාසීන් වෙනුවෙන් දහම් සිසිලස ස්විස්ටර්ලන්තෙයේ සිට සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට එකවර සහභාගී විය හැකි දහම් සිසිලස වැඩ සටහනක් ජූනි මස 18 සෙනසුරා දා ස්විස්ටර්ලන්තයේ ජිනීවා ජාත්‍යාන්තර බෞද්ධ මාධ්‍යස්ථානයේදී හා ස්වීඩනයේ සමාධි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ජූනි මස 18 වැනි දා පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා විකාශනය කිරීමට කටයුතු යොදා ඇත. 11 June 2022
සහල් හිඟය ගැන ඇමතිගේ මතය පාරිභෝගිකයාට සහන සැලසීමට වී මෝල් හිමියන්ගේ බෙල්ල මිරිකුවහොත් වී මෝල් හිමියා පාරිභෝගිකයාගේ බෙල්ල හිර කරනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. 11 June 2022
‘‘මේ රජය ගෙදර යන තුරු රට හදන්න බෑ‘‘ වර්තමාන රජය වෙනස් වන තුරු මෙරට ගොඩනැගිය නොහැකි බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 11 June 2022
රුසියාව පරාජය කරන්න තව අවි ආයුධ ඕනෑ රුසියන් යුක්රේන යුද්ධය නිසා හටගත් අර්බුදය මුළු ලොවටම බලපෑමක් කර ඇති බවත්, අර්බුදය විසඳීමට නම් රුසියාව පරාජය කළ යුතු බවත් පෙන්වා දෙමින්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී විදේශවලින් තව තවත් ආයුධ ඉල්ලා සිටියේය. 11 June 2022
වී කිලෝව රුපියල් 300ට නගී වී කිලෝවක් රුපියල් 300කට අධික මිලකට රටපුරා අලෙවි වන බව වාර්තා වේ. 11 June 2022
වැටලීම් අඩුවී සුරාවේ ’’පොකට්ටුව’’ හිඳෙයි සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තනතුර තිස්හතරක් ඇතුළු තනතුරු පුරප්පාඩු 340 ක් නොපිරවීමෙන් බොහෝ වැටලීම් අඩාලවීම නිසා එහි ආදායම් උත්පාදනයට දැඩි බලපෑමක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා )පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වේ. 11 June 2022
ධීවර වරායන්ට ඉන්ධන වෙනම ගෙන්වීමට අවසර දිවයිනේ සියලුම ධීවර වරායන් සඳහා ඉන්ධන වෙනම ගෙන්වීමට රජය අවසර ලබාදී ඇත. 11 June 2022
සංස්ථාවට වඩා තෙල් ඇති තැනක් ගැන ඇමති කියයි කොලොන්නාව මුතුරාජවෙල සපුගස්කන්ද ඇතුළු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩිපෝ වල ඇති තෙල් ප්‍රමාණයට වඩා වැඩි තෙල් ප්‍රමාණයක් රටේ වෙනත් තැන්වල පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 11 June 2022
පොසොන් වන්දනාවට විශේෂ දුම්රිය පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර වන්දනාවේ යන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කරවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 11 June 2022
සුදු රතු කැකුළුවලට උපරිම සිල්ලර මිලක් දේශීය සුදු සහ රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 210 ලෙස දක්වමින් ගැසට් නිවේදනයක් රජය විසින් ඊයේ නිකුත් කරනු ලැබීය 11 June 2022
කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන් තත්වයක් දීර්ඝ සති අන්තයේ දුම් රියෙන් ගම් බිම් කරායාමට මගීන් විශාල පිරිසක් පැමිණීමෙන් දැඩි තදබදයක් ඇතිවී අද උදෑසන කොටුව දුම් රිය ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය. 11 June 2022
ගුණාත්මක රාජ්‍ය සේවයකට ජනපතිගෙන් උපදෙස් ගුණාත්මක රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදීම සඳහා විධිමත් අධ්‍යයනයක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ උපදෙස් දුන්නේය. 11 June 2022
සමූපෙ ගො.දා.සට දුන් කෝටි 12ක් බොල්වෙලා සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලබාදී ඇති ණය මුදලකින් රුපියල් කෝටි 12 කට ආසන්න මුදලක් මෙතෙක් අයකර නොගැනීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝපා ) අප්‍රසාදය පළවී ඇත. 11 June 2022
මැති ඇමැති පිරිසක් ජිනීවා යයි සිය ගේදොර ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සාධාරණය ඉල්ලා අන්තර් පාර්ලිමේන්තු සංගමයට හා ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසක් තීරණය කර ඇත. 11 June 2022
ප්‍රබල රාජපක්ෂ චරිතයක් දේශපාලනයට සමු දෙයි? රාජපක්ෂ පවුලේ තවත් මන්ත්‍රීවරයකු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 11 June 2022
සහල් වැඩි මිලට වික්ක හතකට නඩු සහල් වැඩි මිළට වික්ක බලංගොඩ, ඕපනායක හා වැලිගෙපොල යන ප්‍රදේශයන්හි වෙළද ආයතන 07 කට එරෙහිව නඩු පැවැරූ බව රත්නපුර දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 11 June 2022
පළාත් රැසකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 June 2022
ඉන්ධන ගන්නත් මුදල් අච්චුගහන්න වෙනවා ඉන්ධන මිලදීගැනීමට ඩොලර් ලබාගැනීමට මුදල් අච්චුගැසීමට සිදුවනු ඇති බවත් ඉදිරි මාස තුනට අවශ්‍ය ඉන්ධන ආනයන සඳහා මුදල් සොයාගැනීම විශාල අභියෝගයක් බවත් විදුලිබල හා බලශක්ති කාංචන විජේසේකර මහතා පැවසීය. 11 June 2022
ලෝක ආහාර සංවිධානය ලංකාවට එයි ලෝක ආහාර සංවිධානයේ (World Food Programme)නියෝජිතයින් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 11 June 2022
දින පහක් පැය 2 ක විදුලි කප්පාදුවක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මේ මස 13 වැනිදා සහ 15 වැනිදා සිට 18 දක්වා දින හතර ඇතුළු දින පහේ සියලුම කළාපවලට පැය 2 යි මිනිත්තු 15 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (10) පස්වරුවේ පැවසීය. 10 June 2022
ලිට්රෝ ගෑස් හෙටත් නෑ පෝලිම්වල ඉන්න එපා ලිට්රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට (11) දිනයේ බෙදානොහරින බව එම ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (10) පස්වරුවේ පැවසීය. 10 June 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026