(යොහාන් භාසුර)

අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරගාවලි අතරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන 54 වැනි අන්තර්ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී (2022) ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව අන්තර්ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියකදී දැක්වූ ඉහළතම දක්‍ෂතාව මෙවර ජයග්‍රහණය බව ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ සහ ශ්‍රී ලංකා රසායන විද්‍යා ඔලිම්පියාඩ් කමිටුවේ සභාපති ආචාර්ය ඉරේෂිකා ද සිල්වා මහත්මිය පැවසුවාය.

ආර්. කාවින්ද චතුරංග (කොළඹ නාලන්දා විදුහල), බෙනුල්ජිත් මින්දුල කරුණාරත්න (කොළඹ රාජකීය විදුහල), නෙලූශි විතානාච්චි (කොළඹ විශාඛා විදුහල), නිලක්නා දිසිවරී වරුසවිතාන (කොළඹ විශාඛා විදුහල) සහ වසන්ත මෝහන් සසන්ගන් (මඩකලපුව ශාන්ත මයිකල් විදුහල) යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙවර රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළහ.

ස්විට්සර්ලන්තයේ සූරිච්හිදී ලබන වසරේ (2023) පැවැත්වෙන 55 වැනි අන්තර්ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය නියෝජන කරන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම සඳහා වන ශ්‍රී ලංකා ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් මූලික තරග විභාගය ලබන පෙබරවාරි මස 19 වැනිදා පැවැත්වෙන බවත් අපොස උසස් පෙළ විභාගයට රසායන විද්‍යා විෂය හදාරණ සිසුන්ට එයට අයදුම් කළ හැකි බවත් ශ්‍රී ලංකා රසායන විද්‍යා ඔලිම්පියාඩ් කමිටුව පවසයි.

එම විභාගය සඳහා මේ මස 31 වැනිදා දක්වා අයදුම්පත් භාරගන්නා බව කියන ශ්‍රී ලංකා රසායන විද්‍යා ඔලිම්පියාඩ් කමිටුව එම විභාගයේ ප්‍රතිපළ අනුව අවසන් තරගාවලියට 30 ත් 35 ත් අතර කණ්ඩායමක් තෝරාගන්නා බව ද සඳහන් කරයි.

ලබන වසරේ ජූලි මස 1 වැනිදාට වයස අවුරුදු 20 ට අඩු හොඳම තරගකරුවන් සිවුදෙනා අන්තර්ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට ඉදිරිපත් කරන බවත් අඅඅගසජයැපජගැාමගකනරැජදික වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකි බවත් එම කමිටුව පවසයි.