අලුතින් ’’බාර් ලයිෂන්’’ 150ක් විවිධ ස්ථාන වෙනුවෙන් මත්පැන් බලපත්‍ර 150ක් අලුතින් නිකුත් කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. 12 November 2022
වැඩ 13ක් කරන්න මූල්‍ය අරමුදලෙන් සහය ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා කරුණු 13 ක් යටතේ තාක්ෂණික සහාය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හමුවේ එකඟතාවය පළ කර ඇත. 11 November 2022
කුරුණෑගල මහා කඩ මගඩියක් කුරුණෑගල මහ නගර සභාවට අයත් කඩ කාමර බදු දීමේදී පළමුව කඩ තක්සේරු කර විෂය භාර අමාත්‍යවරයාගේ ( ආණ්ඩුකාරවරයාගේ ) අනුමැතිය ලබාගෙන ටෙන්ඩර් ක්‍රමවේදය අනුගමනය කරමින් බදු දිය යුතු වුවද එසේ නොකර අවිධිමත් ලෙස ලංසුකරුවන්ට ටෙන්ඩර් අයදුම්පත් ලබා නොදී කඩ කාමර ලබා දීමේ ක්‍රමවේදයක් කුරුණෑගල මහ නගර සභාව විසින් අනුගමනය කර ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර ඇති විගණන වාර්තාවේ සඳහන්ව ඇත. 11 November 2022
ඩීසල් - භූමිතෙල් මිල ඉහළට ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 25 කින් අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. 11 November 2022
කොල්ලුපිටියේ ආහාර ප්‍රදර්ශනය ඇරඹේ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සංවිධානය කරන ‘වෙස්ටන් බී්රෂ් ෆෙස්ටිවල්’ ආහාර ප්‍රදර්ශනය කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසළ වෙරළාසන්න මාර්ගයේදී අද සහ හෙට (11 සහ 12) පස්වරුවේ පැවැත්වේ. 11 November 2022
ක්‍රීඩා අමාත්‍යවරයා-නිධාරීහූ දුම්රිය අනුරපුර යති ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කරන ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන ආරම්භ කරමින් අනුරාධපුරයේදී පැවැති වැඩසටහනට සහභාගි වීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්රමුඛ ක්‍රීඩා අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවල නිලධාරීහූ දුම්රියෙන් අනුරාධපුරයට ගියහ. 11 November 2022
විපක්ෂය මස් රාත්තලම ඉල්ලයි පාර්ලිමේන්තුවේ ආංශික අධික්ෂණ කාරක සභා දාහතේම සභාපතිධූර විපක්ෂයට ලබා දිය යුතු බවට සමගි ජන බලවේගය පක්ෂයේ නායකයන් දිගින් දිගටම ඉල්ලා සිටීම නිසා එම කාරක සභා පත් කිරීම සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් නොමැතිව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ කටයුතු අද (11) අවසන් විය. 11 November 2022
සුපිරි වෙළෙඳසල්වල අනුමත ඇසුරුමේ බිත්තර වටලන්නේ නෑ පාරිභෝගික අධිකාරියේ අනුමැතිය හිමි ඇසුරුමේ යොදා සුපිරි වෙළෙඳසල්වල අළෙවි කරන බිත්තර උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අළෙවි කළ ද වැටලීම් නොකරන බවත් එම බිත්තරයක් ද රුපියල් 65කට උපරිම මිලට පමණක් අළෙවි කළ හැකි බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 11 November 2022
ජනතාවගේ එකම බලාපොරොත්තුව ජනාධිපති ආර්ථික අර්බුදය ඇතුළු රටේ මතුව ඇති ගැටලුවලට විසඳුම් සෙවීමේ දී ජනාධිපතිවරයා ප්රමුඛ රජය කෙරෙහි ජනතාව විශාල බලාපොරොත්තුවක් තබා ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. 11 November 2022
වැඩි මිලට බිත්තර විකුණුවට ලක්ෂ 2ක දඩයක් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බිත්තර අළෙවි කළ වෙළෙඳසල් හිමියන් දෙදෙනකුට බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ දෙකක දඩයක් අද (11) පැනවූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය. 11 November 2022
’’බේරා ගත් ලාංකිකයෝ 303 අතර නැවේ කපිතාන් නෑ’’ ’’ලේඩි ආර්3’’ නෞකාවේ සිට මුදවා ගත් ශ්‍රී ලාංකිකයන් 303 දෙනා අතර එම නැවේ කපිතාන්වරයා නොමැති බව වියට්නාම මාධ්‍ය වාර්තා කළේය. 11 November 2022
පොලිස් රාජකාරියට බාධා කළායැයි නඩුවකින් ඥාණසාර හිමි නිදහස් රාජගිරිය නාවල පාරේ මාර්ග බාධකයක මත්ද්‍රව්‍ය වැටලීම් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී බියගැන්වීමක් සිදුකළැයි කියන සිද්ධියකට අදාළව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට එරෙහි නඩුවෙන් උන්වහන්සේ නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (11) නියෝග කළේය. 11 November 2022
හොරව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අසාර්ථක ව්‍යාපෘතියක් හොරව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අසාර්ථක ව්‍යාපෘතියක් බවත් ව්‍යාපෘතිය සඳහා ඉඩම ලබා ගත්තේ එවකට සිටි ඇමතිවරයාගේ වුවමනාවට බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා පැවසුවේය. 11 November 2022
ජනපති මැඳුරෙන් හමුවූ මුදල් ගැන ගෝඨාභයගෙන් ප්‍රකාශයක් ගන්න අරගලය පැවැති දිනයේදී ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) කොටුව පොලීසියට නියෝග කළේය. 11 November 2022
සති අන්තයේ විදුලි කප්පාදුව පැයයි එළඹෙන සති අන්තයේ (12 සහ 13) පැයක විදුලි කප්පාදුවක් සඳහා සහ ලබන සඳුදා (14) පැය දෙකක විදුලිය කප්පාදුවකටත් අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (11) පස්වරුවේ පැවසීය. 11 November 2022
ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන්න අනු කමිටුවක් මෙරට ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය සදහා අදාළ සියලු ආයතනවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් අනුකමිටුවක් පත්කිරීමට කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී ඊයේ (10) තීරණය විය. 11 November 2022
එතනෝල් ආනයන බද්ද යළි ඉහළට විෂබීජ නාශක දියර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එතනෝල් ආනයන බද්ද යළි ඉහළ දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 11 November 2022
වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සෞඛ්‍ය ලේකම්ට තර්ජනයක් දරුවන්ගේ මන්දපෝෂණ තත්වය පිළිබඳව රටට හෙළි කළ වෛද්‍ය චමල් සංජිව මහතාගේ වැඩ තහනම් කිරීම වහාම හකුලා නොගහොත් ඉදිරියේදී සෞඛ්‍ය ලේකම්වරයාට වෛද්‍ය වෘත්තිකයන්ගේ සහය අහිමි වනු ඇතැයි වෛද්‍ය සංගම් පවසයි. 11 November 2022
රජිව් ගාන්ධි ඝාතකයන් නිදහස් රජීව් ගාන්ධි ඝාතනය කිරීමට වරදකරුවන් වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි විත්තිකරුවන් 6 දෙනා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියෝග කළේය. 11 November 2022
ඇමති ප්‍රසන්නගෙන් රාජ්‍ය නිලධාරීන්ට දොස් ජනතාව ඉල්ලන’’ සිස්ටම්’’ වෙනසට දේශපාලඥයින් එකඟ වුවද ඇතැම් රාජ්‍ය නිලධාරීන් එම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සදහා කටයුතු කරන බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 11 November 2022
විදේශ රැකියා පිළිබඳ පැමිණිලි 570ක් විදේශ රැකියා දෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයින් සහ ආයතන 570 ක් පිළිබඳව මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් මාසය දක්වා කාලය තුළ පැමිණිලි ලැබුණු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 11 November 2022
වගා හානි වන්දි දීම ඇරැඹේ 2021/22 මහ කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් රුපියල් මිලියන 800ක මුදලක් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. 11 November 2022
පල්ලේගම හේමරතන නාහිමිපාණෝ වැඩ බාර ගනිති 11 වැනි අටමස්ථානාධිපති ලෙස රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නාහිමිපාණෝ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී අද උදෑසන වැඩ බාර ගත්හ. 11 November 2022
අර්බුදට විසැදුම් මන්ත්‍රීවරු කියති ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආරක්ෂක වියදම් අඩු කළ යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවසති. 11 November 2022
ව්‍යවස්ථා සභාව පිහිටුවීමට ගත් අලුත්ම තීරණ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් අද හෙටම පත්කිරීමට තීරණය කර ඇත. 11 November 2022
අලුත් තානාපතිවරු හතක් ලංකාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව පැමිණි නව තානාපතිවරු අට දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර බාර දුන්හ. 11 November 2022
ලූණු - අල මිල අසාමාන්‍ය ලෙස නගී ලූණු සහ අල මිල අද (11) දිනයේ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසති. 11 November 2022
ඩයනාට රට ගමන් තහනම් ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (11) නියෝගක් නිකුත් කළේය. 11 November 2022
ලංකා සතොස තවත් මත්පැන් බලපත්‍ර ඉල්ලයි ලංකා සතොස තවත් අළෙවිසල් රැසකට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ඉල්ලා ඇති බවත් රට පුරා ලංකා සතොස 27 ක මේ වන විටත් මත්පැන් අළෙවිසල් ක්‍රියාත්මක වන බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලදාරියෙක් පැවසීය. 11 November 2022
විශ්‍රාමිකයන්ට සුබ ආරංචියක් ප්‍රමාද වී ඇති විශ්‍රාම පාරිතෝෂිකය කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 11 November 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026