එ. ජා. දේශගුණ විපර්යාස සමුළුවට ශ්‍රී ලංකා නියෝජිතයෝ යති ඊජිප්තුවේ, ශාම් එල් ශේක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ 27 වැනි දේශගුණ විපර්යාස පිළිබඳ සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකාවේ පුනර්ජණනීය බලශක්ති වැඩපිළිවෙල සහ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහය ගැනීම් සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයෝ විවිධ ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ඡා කළහ. 13 November 2022
දෙවන ලෝක යුද්දයේ ගුවන් යානා දෙකක් ගැටි වැන සෙයි ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැති ඩලස් ගුවන් සංදර්ශනයේදී දෙවැනි ලෝක යුද්ධ සමයේ භාවිත කළ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී විනාශ වී තිබේ. 13 November 2022
ගරාජයේ ගින්නෙන් යතුරු පැදි 20 විනාශයි පස්යාල ගිරිඋල්ල මාර්ගයේ හිරිවල ප්‍රදේශයේ පිහිටි යතුරු පැදි අළුත්වැඩියා කරන ගරාජයක 11 වැනි දා රාත්‍රි ඇතිවූ ගින්නකින් එහි තිබූ යතුරු පැදි විස්සක් පමණ සම්පූර්ණයේම විනාශවී ඇතැයි මීරිගම පොලිසිය පවසයි. 13 November 2022
’’භගවාන්’’ අක්කර බාගෙට ලක්ෂ 64 ක් දෙයි අක්කර බාගයකින් රුපියල් ලක්ෂ 64ක ආදායමක් ලැබිය හැකි දෙළුම් වගාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ මඩකලපුවේ වගා කර තිබෙි. 13 November 2022
අද දහවල් 1.00 පසු තද වැසි දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට අද (13) දහවල් 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 November 2022
අසාධ්‍යව නිවෙසට ආ අලි පැංචා විලාප නඟයි දැඩි ලෙස අසාධ්‍ය වු අලි පැංචකු නවගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයෙ නිවසක මිදුලකට අද දින අලුයම පැමිණ අසරණව වැටි සිටියදී වනජීවි නිළධාරින්ට දන්වා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළේය. 12 November 2022
මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු රිමාන්ඩ් සරුංගල් ප්‍රශ්නයක් මුල් කරගෙන මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ දී පියකු සහ ඔහුගේ පුතුන් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුට සහ ඔහුට පලා යාම සදහා ආධාර අනුබල දුන් සැකකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 23 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් නාමල් කොළඹගේ මහත්මිය අද (12) නියම කළාය. 12 November 2022
මව නැති දරුවන්ට පොලිසියෙ නැන්දලා සුළු මව් වී අම්බලන්ගොඩ කුලීගොඩ අප්පලදූව පදේශයේ පාලු නිවසක තනිකර දමා ගොස් සිටි දෙහැවිරිදි හා තුන් හැවිරිදි දියණියන් දෙදෙනකු සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 12 November 2022
ආණ්ඩුකාරවරු පත් කිරීමේදී එකඟතාවක් පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක අතර එම තනතුරු බෙදී යන ආකාරයට පත් කිරීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 12 November 2022
මහින්දගේ යළි නැගිටීම තාවකාලිකව නවතී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රට පුරා පැවැත්වීමට සැලසුම් කළ රැස්වීම් මාලාව තාවකාලිකව අත්හිටුවා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 12 November 2022
සහල් ආනයනය ගැන ඇමැති දෙපළක් හැප්පෙති පිටරටින් සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර සහ වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් අතර බරපතළ මත ගැටුමක් ආරම්භ වී තිබෙන බව වාර්තා වේ . 12 November 2022
තිළිණි ගැන ඥානසාර හිමිගෙන් ප්‍රකාශයක් ගනී තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලී නමැත්තිය සම්බන්ධ මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියට අදාළව බොදු බල නා සංවිධානය සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) ප්‍රකාශ සටහන් කර ගෙන ඇත. 12 November 2022
නායකයින් ආර්ථිකයට වගකිව යුතු නීති රාමුවක් හදනවා රට කරවන නායකයන් නීතිමය රාමුවක් තුළ රටේ ආර්ථිකයට වගකියන පසුබිම සැකසීමට වත්මන් රජය අඩිතාලම යොදා ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. 12 November 2022
චීන මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ශ්‍රීලංකාවට විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන මහජන සංගමයේ සභාපති (CPAFFC ) ලින් සොන්ටියැන් මහතා අද (12දා) සිව් දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. 12 November 2022
පෙලපාලි ගිය කතුන් 3 ක් ඇතුළු 5 ක් පොලිස් බාරයට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ භික්ෂු බළමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුරුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස රජයට බලකරමින් විරෝධතා පා ගමනක යෙදුණු කාන්තාවන් දෙදෙනකු අද ඇතුළු පස් දෙනකු භාරයට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 12 November 2022
අපනයනය ආර්ථිකයක් හදන්න ත්‍රිවිධ හමුදා සහය ගන්නවා අපනයනය ඉලක්ක කරගත් තරඟකාරී ආර්ථිකයක් බිහිකර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක කුසලතා සහ උපාය මාර්ගික කුසලතා ප්‍රයෝජනයට ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 12 November 2022
ධනුෂ්කට ඇප ඉල්ලන්න ඩොලර් ලක්ෂ 2 ක් සොයයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් දෙවන ඇප තැන්පතුවක් සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ දෙකක් සොයා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව වාර්තා වේ. ධනුෂ්ක ගුණතිලකට නැවත වරක් ඇප ඉල්ලීම සඳහා ඔහු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඩේලි මිරර් පුවත් පත වෙත වාර්තා වේ. 12 November 2022
සුළි කුණාටුයෙන් නාසා රොකට්ටුවට හානි සඳ ගමනට සූදානම් කළ නාසා රොකට්ටුව ’නිකෝල්’ සුළි කුණාටුවට හසුවීමෙන් හානි සිදුවී ඇතැයි වාර්තා වේ. 12 November 2022
එලිසබත් රැජිනගේ පිලිරුවක් නිරාවරණය කෙරේ අභාවප්‍රාප්ත වූ දෙවැනි එලිසබත් මහ රැජිනගේ පළමු පිළිරුව, ඇගේ පුතු තෙවැනි චාල්ස් රජු අතින් පසුගිය දා නිරාවරණය කෙරුණි. 12 November 2022
භූමි කම්පාවෙන් පසු සුනාමි අනතරු ටොංගා දූපතට ඔබ්බෙන් මූදු පතුළේ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් ලෙසය. 12 November 2022
කෙර්සොන් නගරය යළි අපේ අතේ රුසියන් හමුදා යුක්රේනයේ කෙර්සොන් නගරය අතහැර යෑමත් සමග එම නගරය යළි තමන්ගේ ග්‍රහණයට නතු වුණැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 12 November 2022
දේශපාලන පක්ෂවලින් ජාති ආගම් කුල භේද ඉවතට ජාති ආගම් කුල භේද දේශපාලන පක්ෂ වලින් ඉවත් කිරීම සඳහා ඒවායේ නායකයන් සමඟ සම්මුතියක් ඇති කර ගැනීමට සාකච්ඡා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසීය. 12 November 2022
පාසල් දරුවන්ගේ ’’කඩ්ඩ’’ජනවාරියේ සිට ’’පොලිෂ්’’ වෙයි දරුවන් තුළ තුළ පළමු වසරේ සිට ඉංග්‍රීසි කථන හැකියාව ශක්තිමත් කිරීමට ලබන වසරේ සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ප්‍රේමජයන්ත මහතා පැවසීය. 12 November 2022
ඊ.පී.එෆ් කෝටි ගාණක් වතුරේ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් කෝටි 20 ක ට වැඩි මුදලක් ද ෆිනෑන්ස් සමාගමේ බලපත්‍රය පසුගිය වසරේදී අවලංගු කිරීම හේතුවෙන් අහිමිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 12 November 2022
බේබද්දා අල්ලන්න ගිය එස්.අයිට පිහි පහරක් කලවාන නගරයේ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය උප පොලිස් පරීක්ෂකවරයකු තියුණු ආයුද ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇති බව කලවාන පොලිසිය පැවසීය . 12 November 2022
වැඩි මිලට බිත්තර අලෙවි කර සිව්දෙනකුට ලක්ෂ 4ක දඩ වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ව්‍යාපාරිකයින් සිව් දෙනෙකු, එකී චෝදනාවට වරද පිළිගැනීමෙන් පසුව ඔවුනට මුදලින් රුපියල් ලක්ෂ හතරක දඩයක් අනුරාධපුර දිසා මහේස්ත්‍රාත් රුද්රිකාද සිල්වා හේවාවසම් මහත්මිය නියෝග කලාය. 12 November 2022
ගම්පහ පැත්තකට හෙට වතුර නෑ සපුගස්කන්ද විදුලි උපපොලේ හදිසි විදුලි විසන්ධි කිරීමක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයේ ජලය නිකුත් කිරීම අත්හිටුවීම මෙම ජල කප්පාදුවට හේතුවී ඇතැයි ද මණ්ඩලය පවසයි . 12 November 2022
දරුවන්ගෙන් සියයට දහයකට පාසල එපා වෙලා රටේ පාසල් දරුවන්ගෙන් සියයට දහයත් පහළොවත් අතර සංඛ්‍යාවක් ආහාර නැතිකම ඇතුළු ප්‍රධාන හේතු තුනක් හේතුවෙන් පාසල් වලට පැමිණීම අදිමදි කරන තත්වයක් සමීක්ෂණයකදී පෙනී ගිය බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවැසීය. 12 November 2022
මැති ඇමැති 92ක් නිල නිවාසවලට පොලු තියලා මැති ඇමැතිවරුන් අනූ දෙදෙනෙකු සිය නිල නිවාස වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 12 November 2022
පළාත් රැසකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 November 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026