(බුද්ධික කුමාරසිරි)

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බලපත්‍රයක් නොමැතිව පුද්ගලයන් රැකියා සඳහා විදේශ ගතකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ‘ඩුබායි සුද්දා’ රුපියල් ලක්ෂය බැඟින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් ශ්‍යාමිනී විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන ඒකකය කළ දැනුම්දීමකට අනුව අදාල පුද්ගලයා එම කාර්යංශයට අද (28) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.