(අංජුල මහික වීරරත්න)
රජයේ මාසික ආදායම රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි දීමනා ගෙවීම සඳහා පමණක් ප්‍රමාණවත් ව තිබෙන පසුබිමක් යටතේ මැතිවරණයක් තැබුවහොත් ආර්ථික අර්බුදය තවත් උග්‍ර වී රට ගොඩගත නොහැකි තත්ත්වයකට ඇද වැටෙනු ඇතැයි මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
පවතින මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ක්‍රමානුකූලව පියවර ගෙන තිබෙන බව කී මුදල් අමාත්‍යාංශ නිලධරයා ලබන වසරේ මාර්තු වන විට එහි සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවනු ඇති බව කීය.
මෙවැනි පසුබිමක මැතිවරණයක් සඳහා මුදල් වෙන් කිරීම සිදු කළ නොහැකි අතර එලෙස මුදල් වෙන් කිරීමට සිදුවුවහොත් ආර්ථිකය ගොඩගැනීම සඳහා පසුගිය මාස 06ක් ඇතුලත කළ වැඩපිළිවෙළ විනාශ වී රටේ උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය තවත් තිව්ර වනු ඇති බව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේය.
රාජ්‍ය සේවක වැටුප් සඳහා මසකට රුපියල් මිලියන 93,000ක්, විශ්‍රාම වැටුප් රුපියල් මිලියන 26,500ක්, සමෘද්ධි දීමනා සඳහා රුපියල් මිලියන 6,000ක් වෙන් කිරීම සඳහා පමණක් රාජ්‍ය ආදායම ප්‍රමාණවත් බව ද ඊට අමතරව සමාජ සුබසාධක ප්රතිලාභ සඳහා රුපියල් මිලියන 3,500ක්, ඖෂධ හා සෞඛ්‍ය සේවා සඳහා රුපියල් මිලියන 3,000ක් , හමුදා සලාක සඳහා රුපියල් මිලියන 2,000ක් ,පොහොර සඳහා රුපියල් මිලියන 2,000ක්, ඉන්ධන, විදුලිය, ජලය සහ රක්ෂණ සඳහා රුපියල් මිලියන 7,000ක් අනෙකුත් පුනරාවර්තන වියදම් සඳහා රුපියල් මිලියන 3,000ක් මෙන්ම ණය ගෙවීම් ආදී සියලු කටයුතු සඳහා ණය ගත යුතුව තිබෙන බවද මුදල් අමාත්‍යංශ නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සේවකයන්ට මාස බාගෙක පඩි දීලා මැතිවරණය තියන්න. ඊට අකමැති නම් මැතිවරණය කල් දාන්න එකඟ වෙන්න. රජයේ යෝජනාව ඕක තමයි
නමක් ගමක් නැති කෙනෙක්ගේ ප්‍රකාශයක්...
ඡන්දයක් තියන්න බැරිනම් තවත් බංකොළොත් කරපු රට විනාශ කරන්නේ නැතිව පුළුවන් කණ්ඩායමකට බාරදීලා..., පින් අයිති වෙයා 225ම ගෙදර යන්න.
අනේ ඔව්.., තව මාස 3ක් යනකොට රටක් තිබුණොත් ඇති අපිට... රනිල් රාජපක්ෂලාගේ වියදමට නම් ඕනෑතරම් සල්ලි තියෙනවනේ..!
හොර ඡන්දවලින් ඡන්ද පෙට්ටි පුරවලා හරි, මොකක් හරි ක්‍රමවේදයකින් හරි මොවුන්ට උඩින්ම ඡන්දය දිනාගන්න ක්‍රමවේදයක් නැතිනම් මොවුන් කීයකටවත් ඡන්දයක් තියන්නේ නැහැ.
මේ නිලධාරියා අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ බත් බැලයෙක්. මෝඩයෙක් නැතිනම් පට්ට කපටියෙක්. ඡන්ද තියන්න මුදල් විදේශ ආයතනවලින් ප්‍රධානයක් වශයෙන් ගන්න පුළුවනි. ඒ කාලේ හිටපු මෝඩයින් දැන් ශ්‍රී ලංකාවේ නැහැ. මේ වගේ කපටින්ව පෙන්ෂන් නැතිවම ගෙදර නැතිනම් හිරගෙට යවන්න ඕනෑ...!
ඡන්දයක් තියාගෙන මුදල් නැති තත්වයකට පත්වෙලා... මාස කීපයකට රට තවත් අන්තයට පිරිහිලා.. තව මාස කීපයක් ගියොත් මිනිස්සු බඩගින්නේ මැරේවි. දැන් ඉතින් පුළුවන් කට්ටියකට දෙන්න... ඡන්ද තියන්න බැරිනම්...
කපටි, තක්කඩි වැඩක්... රජයේ දෙපාර්තමේන්තුවල නාස්තිකාරී වියදම් විශාල ප්‍රමාණයක් ඇත. ඵම නාස්තිකාර වියදම්වලින් සියයට දහයක් වළක්වා ගතහොත් මැතිවරණ ඵකක් නොව කිහිපයක් පැවැත්විය හැකියි. රජයේ දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් වන 2021 වර්ෂයේ විගණකාධිපති වාර්තා කියවා බැලූවීට ඵය මැනවින් පෙනේ. ලංකාවේ ආර්ථිකය විනාශ කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ සිටින පරිපාලන සේවයේ නිලධාරීන්ය...
චන්දෙට බයෙ මොන්ටසෝ ලමයි කියන කතා කියනව. චන්දයක් තියල ජනතාව කැමති අයට රට බාර ගන්න ඉඩ දෙන්න
ගොඩ අරගෙන තියනවා අම්මගේ රෙද්ද.ගත්තු ණය ගෙවනවානම් බලාගන්න තිබුනා ගොඩ හරිය .තවත් මිනිස්සු රවටනවා .පර හැත්ත
මැතිවරණය සඳහා ප්‍රතිපාදන අය-වැයෙන් අනුමතයි.