(යොහාන් භාසුර)

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අයත් සංස්කෘතික නිලධාරී තනතුර අහෝසි කර ඒකාබද්ධ සේවයේ තනතුරක් බවට කිරීමේ ආණ්ඩුවේ උත්සහයට එරෙහිව සහ සංස්කෘතික දෙපාර්තමේන්තුවට අදාල පනත සකස් කිරීම කඩිනම් කරන ලෙස බලකිරීම මූලික කරගනිමින් රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය බත්තරමුල්ල, සෙත්සිරිපාය ඉදිරිපිටදී අද (28) විරෝධතාවක් පැවැත්වූහ.

එම උද්ඝෝෂණයට කලාකරුවන්, සංස්කෘතික සංවර්ධන සහකාර නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් එක්ව සිටියහ.

රටක ජාතික උරුමයන් සහ සංස්කෘතික අනන්‍යතාවයන් සංරක්‍ෂණය කරමින් අනාගත පරපුර වෙනුවෙන් දායද කිරීමේ වගකීම පැවරී ඇති සංස්කෘතික නිලධාරී තනතුර ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාකලාපය හේතුවෙන් අහෝසි වීමේ අවධානමක් ඇති බව ද එහිදී සංස්කෘතික නිලධාරීහූ පැවසූහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර)