
(නිමල කොඩිතුවක්කු)
සමගි ජනබලවේගය ප්රමුඛ විපක්ෂයට රට බාරදෙන්නේ නම් පවතින අර්බුදයට විසදුම් ලබාදී ජීවන වියදම පහත හෙළා ජනතාවට සහන ලබාදී රට ගොඩනගන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
රට බංකොළොත් කළ ආණ්ඩු පක්ෂය කිසිදු වැඩ කොටසක් සිදු නොකරමින් සිටියදී හුස්ම හා සක්වල වැඩසටහන් මගින් වෙන කිසිදු විපක්ෂයක් ඉටු නොකළ ආකාරයේ වැඩ කොටසක් මෙරට සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්රයන් වෙනුවෙන් ඉටු කළ බවත් යම් හෙයකින් රටේ බාරකාරීත්වය වත්මන් විපක්ෂයට බාර දුන්නෙත් රටේ මුදල් ගැටලුව විසඳන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කලේය.
ආණ්ඩු බලය ලැබුණු පසු ජනතාවගේ බදු මුදල් භාවිත කර විවිධ දේ කිරීම මිස බලය නොමැති අවස්ථාවේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීම රටට හුරු නොමැති බවත් සිස්ටම් චේන්ජ් ඉල්ලා සිටින අයට මෙය ඉතා සාර්ථක වෙනසක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
52වෙනි සක්වල වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස්රථයක් පිළියන්දල ධර්මරාජ මහා විද්‍යාලයට පරිත්‍යාග කරමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ ප්රශ්නය සර්... ඔය සහනාධාරය දෙන්නේ සර්ට සල්ලි දීපු කට්ටිය. සර් බලයට ආපු දවසක ඕවාට පොලිත් එක්ක ඉල්ලනවා. එතකොට සර්ටත් සිද්දවෙන්නේ මේ ආණ්ඩුවටම වෙච්චි දේම තමයි. කවුරුවත් සර්ට නිකන් සල්ලි දෙන්නේ නැහැ.
ගෝඨාභය බාරදෙන්න හදනකොට පස්ස ගහපු මිනිහනේ මේ...!
ජනතාව මොකද කියන්නේ? සජිත්ට රට බාරදෙමුද?
ගිය පාර කිව්ව නේද.. ලෝකෙන්ම ණය සමුලුවක් තියලා ණය ගන්නවා කියල. ඔය මදැයි දැනුම. දැංවත් උස නං සිකුරිටි මිටි නං කම්කරු කිය කිය මොකක් හරි කම්පැනියක් අටවං අයිං වෙනවා ඔයි පව් නොදි
ඒකද රට බාර ගන්න කිව්වහම දිව්වේ ? ඔය බස් බෙදන සල්ලි කොහෙන්ද ලැබුනේ ? ආ... මතක ඇතුව බස් වල නම ගහන්න, වෙන්න ඉන්න අතිගරු ජනාධිපතිගේ පරිත්තාගයක් කියල , එතකොට හෝ ගාල ජන්දය දෙයි . සිල් රෙදි , ටකරන් සහ සිමෙන්ති ටිකකුත් බෙදන්න
අපිත් පොඩිකාලේ සෙල්ලම් ගෙවල් හදාගෙන ඔය වගේ කතා කියල තියෙනවා. කටෙන් බතල කොළ හිටවන මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. සෙල්ලම් සජිත්ට කවදාවත් බංකොලොත් ලංකාව ගොඩගන්න බැහැ.
" සජිත් " රට බාරගත්තොත් ලොකයෙ හැම රටකින්ම උදව් උපකාර ලබාගෙන ඉදිරියට ගමන් කරන්න පුලුවන් වෙනවා නියතයි !
කබලෙන් ලිපට වැටෙන්න තරම් මෝඩයෝ ඉන්නවානම් අවුලක් නෑ .දීපු වෙලාවේ වෙට්ටු දාලා මග ඇරියා .කරන්න පුළුවන් කෙනෙකුට කරන්න දීලා ඉන්න එක තමයි හොඳම වැඩේ
කොහොමද කරන්නේ ?ඔයා ඇත්තටම ජනතාවාදියෙක් නම් කරන්න ක්‍රම කියන්න .මොකද ඒ ක්‍රමය හරි යනවා නම් කවුරු කරත් එකයි
ඔයාට බස් එකක් ඇස්පියාගෙන රිවස් කරන්න පුළුවන් ද?
අනේ සජිත් මහත්තයෝ ඔයාට පුලුවන්ද රටක් පාලනය කරන්න. නිකන් විහිළු නොකර ඉන්න. දැන් රටේ මිනිස්සුන්ට තියෙන උග්‍ර ප්‍රශ්න එකක් ගැනවත් කතාකරනවද නිකමටවත් විපක්ෂ නායක විදියට. ඔහේ කියවනවා. කොන්ද පනතියෙන විපක්ෂේ හිටියනම් මේ වෙනකොට රටේ පාලනයත් අරන්. අඬගහලා දෙන්න හැදුවත් ගත්තේ නැති කෙනා නේද මේ විකාර කියවන්නේ. ලබන චන්දෙදී ඔයත් ගෙදර තමයි.
ඔයාගේ නඩේ කැරැට්ටුවත් මේ දවස්වල එකින් එක එලියට එනවා. හක්කෙ බුදුරැස් බොක්කේ දඩමස් සෙට් එකක්.
ඉතින් හලෝ ගෝඨාභය මහතා රට බාරගන්න කිව්වේ... මොකද බාර නොගත්තේ? තමන්ට ඒක කරන්න බැරි බව තමන් දන්නවා. අපිත් දන්නවා...
රටේ කරුමයට පහළ වුණේ... රජ පවුල එකතු වී කාබාසිනියා කළ අපේ රට ගොඩදාගන්න තිබුණු අවස්ථා මඟ හැර, කරන කෙනෙකුටවත් එය හරියට කරගෙන යන්න ඉඩ නොදී අකුල් හෙලන, අද වෙනුවෙන්ම පමණක් නොව අනාගතය වෙනුවෙන් රටට අවශ්‍ය වී තිබෙන ක්‍රමවේද මඟහැර ඒ වෙනුවට මිනිසුන් මුලාකරන, රහසිගතව ඉපැයූ ධනය යොදා තමන්ගේම පටු දේශපාලන ක්‍රියාවන්ට පමණක් මුල් තැනදී සිටින කෙනෙකි..
කියලා වැඩක් නැහැ.. ආයෙත් නියමෙට හාරයි. ලංකාවේ කාටවත් නැහැ එහෙම සුදුසුකමක්...
කණගාටුයි... විකල්පය ඔබ නොවේ
පේනවනේ විකට නළුවෙකුව යුක්රේනයේ අය ජනාදිපති කරලා කරගන්න වින්නැහිය , මේ ඊට එහා ජෝකර් , එක අතකට ගිනි ගොඩක් මැද ජිවත්වෙන අපේ රටේ ජනතාවට මෙහෙමවත් විහිළු කිරීම් පොඩ්ඩකට හරි සහනයක්
කිසි අවුලක් නෑ .උස නම් සිකියුරිටි ,මිටි නම් කම්කරු .දෙකෙන් එකක් දීලා සේරම ප්‍රශ්න විසඳයි
මට තියෙන ප්‍රශ්නේ ඔයා ඔයතරම් බස් රථ බෙදන්නේ කොහොමද කියලා. ඔයා ලංකාවේ රස්සාව කළේ නෑ. ඔයාගේ අම්මා තාත්තා කළේ නෑ. තාත්තා වැවිලිකරුවකුත් නෙවෙයි. මාර ගැහිල්ලක්නේ ඵතකොට... තාත්තා හෝ මෙයා ගහලා තියෙන්නේ. අපේ රටේ සල්ලි එයාගේ නමින් දෙනවා.
කරන්න තියෙන හොඳම දේ තමයි... හොංකොංවල හිටපු ආණ්ඩුකාරයා වන ක්‍රිස් පැටර්න්ට රට බාරදෙන එක... එහෙමත් නැතිනම් ආයෙත් රට බ්‍රිතාන්‍යයට බාරදෙන එක...
ඔය 2015 සිට 2019 වෙනකම් එදා රජයෙ ලොකු කෙරුමෙක් විදියට මොනවද කලේ ? අඩුම තරමෙ තාත්තගෙ ගෙවල් හදන ව්‍යාපෘතිය 1990 තිබුනට වඩා එක අන්ගලක් ඉහලට ගන්න පුලුවන් උනාද ? අඩුම තරමෙ එදා තුබුනු තත්වයෙන්වත් නිම කලාද ? නැහැනෙ. 1990 වගෙ නෙමී දැන් ඉඩම් බහුල නැහැ. ලෝකෙ අනෙකුත් රටවල් කරන්නෙ, තට්ටු නිවාස ව්‍යාපෘති.
ජාජබ වේ පැහැදිලිව කියනවා රට හදන විදිහ, නීතියේ, ආධිපත්‍යය, මැති ඇමැති වරුන්ගේ අවුරුදු 5 පැන්ෂන්, නිල නිවාස කපා හරිනවා කියලා ඔබලාත් එහෙම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න.. අපි හම්බ කරලා වතුර, විදුලි බිලා ගෙවනවා.. ඇයි මන්ත්‍රීලා ඇමැතිලාට එය ඔවුන්ගේ පඩියෙන් ගෙවන්න බැරි? ජජබ වේගය අද රටේ ඇති එකම විකල්පයයි...
අනිවාර්යෙන්ම රට ගොඩදැමියහැකි හැකියාවක් ඇති අද සිටින එකම දේශපාලන නායකයා සජිත් පමනයි