(මුදිතා දයානන්ද)
ව්‍යාපෘති සඳහා ලබාදුන් ණය මුදල් නිසි කලට නිසි පරිදි ප්‍රයෝජනයට නොගැනීම නිසා ණය ලබාදුන් විදේශ ආයතනවලට බැඳීම් ගාස්තු ලෙස රුපියල් කෝටි 3300කට අධික මුදල් ගෙවිමට සිදුව ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.
විදේශ ණය ආධාර යටතේ 2014-16 කාලයේ ආරම්භ කරන ලද ව්‍යාපෘති වෙනුවෙන් මෙලෙස බැඳිම් ගාස්තු ගෙවීමට සිදුව ඇති අතර එය විදේස් මුදල් අනුව ඇමරිකන් ඩොලර් 93,175,883ක්ද, යුරෝ 70,213,886ක්ද, හා යුආන් 1,328,347ක්ද බවද වාර්තවේ සඳහන් වේ.
මෙම මුදල් ගෙවනු ලබන්නේ ණය වාරිකවලට අමතරව වන අතර එසේ බැඳිම් ගාස්තු ගෙවිමට සිදුවු ව්‍යාපෘති විවිධ හේතු මත 2020 වසර අවසන් වන විටද අවසන් කිරිමට අසමත්ව තිබු බවද එම වාර්තාවේ සඳහන් වේ.
විගණන වාර්තාවට අනුව මෙලෙෂ බැඳිම් ගාස්තු ගෙවිමිට සිදුව තිබෙන්නේ බෙලිඅත්ත සිට වැටිය දක්වා දක්ෂිණ අධිවේගි මාර්ගය දිර්ඝ කිරිමේ ව්‍යාපෘතියට, නාගරික සෞඛ්‍යරක්ෂන සහ සනිපාරක්ෂන මුල පිරිම් ව්‍යාපෘතියට, අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතියට, ආනමඩුව ඒකාබද්ධ ජලසම්පාදන යෝජනා ක්‍රමයට, විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතියට ලබාදුන් ණය මුදල්වල ප්‍රයෝජනයට නොගත් ශේෂයන් වෙනුවෙනි.
මේ බව සඳහන් වන්නේ 2021 වාර්ෂික විගණකාධිපති වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ව්‍යාපෘති සඳහා මුදල් ලබා දෙනවිට සියලු නිලධාරීන දැණුවත් කිරීම සහ රජය විසින් ඒවා සොයා බලන කමිටු පත් කළා නම් මෙවැනි උහුලන්න බැරි පාඩු වෙන්නෙ නැති වෙයි. එන එන රජය කරන්නෙ තමන්ගේ දේශපාලනය . විපක්ෂයේ ඉන්නකොට කරන්නෙ හැම දේටම විරුද්ධ වෙන එක..රතු හැට්ට කාරයන් කරන්නෙ බොරු කිය කියා ඉන්න එක. නිලධාරීන් කරන්නෙ අහුවුණු තැනින් හොරකම් කරන එක. ඉතින් රට ගොඩ එයිද ?
මේ අයගේ අම්මලාගේ, තාත්තලාගේ මුදල් නම් මෙව්වා මෙහෙම වෙයිද? මෙවැනි අපරාධවලට සම්බන්ධ අයගේ පවුල් පිටින්ම වන්දි ගෙවන්න ඕනේ...