
(යොහාන් භාසුර)
ජනවාරි මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට පියවර ගත්හොත් විදුලි බිල ගෙවීම පැහැර හරින නිවෙස්වලට විදුලි සැපයුම විසන්ධි කිරීමට විදුලිය සේවකයන් නොයන වන බව ලංකා විදුලිබල මණ්ඩල එක්සත් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසීය.
එවැනි විදුලි ගාස්තු ඉහළ දැමීමත් තිබියදී විදුලි සේවයන් විදුලි සැපයුම විසන්ධි කිරීමට ගිය හොත් ජනතාවගේ ප්‍රතිචාරය භයානක වියහැකි බවත් එසේ වුවහොත් විදුලි සේවකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳ ගැටලුවක් ඇති වන බවත් ජයලාල් මහතා වැඩි දුරටත් කීය.
ජනවාරි මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙරදින කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජයලාල් මහතා එසේ අද (28) පවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලාට ගහලා වැඩක් නැහැ... ගහන්න ඕනෑ මේ කාලකණ්ණි ආණ්ඩුවට...
ඉදිරි මැතිවරණයේදී වර්තමාන දේශපාලකයින් සහ වර්තමාන වෘත්තීය සමිති පිළිබඳ ජනතාව තීන්දුවක් දේවි...
ඔව් කතාව ඇත්ත . එන්න එපා ලයිට් කපන්න . බෙල්ල යන්න ඉඩ තිබෙනවා .
ඔය කයිවාරු ගැහුවට 82 ලයිට් කපන්න යන්නේ නෑ කියලා දන්නවා .විදුලියට පෙර ගෙවුම් ක්‍රමය හඳුන්වා දුන්නානම් ඔය කපන්න යන අයත් අයින් කරලා දාන්න තිබුනා
අන්න හරි .ඔයාලාගේ වෘර්තිය සමිති ක්‍රියා මාර්ග වලදී දුක් විඳින මිනිසුන්ගේ පැත්තේ හිටගෙන ක්‍රියා කරන්න .ජය වේවා