ත්‍රිරෝද රියට අත්තක් කඩා වැටී හතරක් රෝහලට ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයේ කොට්ටව ප්‍රදේශයේ දි ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් මතට වන රක්ෂිතයේ තිබු හොරගසක අත්තක් කඩාගෙන වැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ සිව්දෙනකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව යක්කලමුල්ල පොලිසිය පවසයි. 14 June 2022
වෙහෙර විහාරස්ථාන සුදුවතින් බැබලෙයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමකිරීම සිදුවූ පොසොන් පුර පසළොස්වක පෙහෝ දිනය අදට (14) යෙදී ඇත. 14 June 2022
අලුත් පරම්පරාවට අලුත් සංධානයක් රටේ තරුණ පරම්පරාව ඉල්ලා සිටින දේශපාලන සදාචාරයේ සහ සංස්කෘතියේ වෙනස ඉටුකර දීමට කැපවන බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 13 June 2022
ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ආලෝකමත් වෙයි සීමාසහිත විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත 19 වැනි වරටත් සංවිධානය කළ ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේ පොසොන් ආලෝක පූජාව අද (13) ආරම්භ කෙරිණි. 13 June 2022
ඇමරිකාවෙන් පොරොන්දුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකාවේ සහාය ලබාදෙන බව ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පවසා තිබේ. 13 June 2022
‘‘අගමැතිත් අරන් ගෙදර යන්න‘‘ එක් එක් කෙනාට බෝලය පාස්නොකර ජනාධිපති වගකීම බාරගෙන ධුරයෙන් යා යුතු බව උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පවසයි. 13 June 2022
සංවේදී නම් බලන්න එපා ජනතාව බඩගින්න නිවා ගන්නට ආහාරයට ගන්නා සුඛෝපභෝගී නොවන සාමාන්‍ය එළවළු මාළු සහ කරවල ආදියේ මිල අදහා ගන්නට බැරි තරමට වැඩි වී තිබෙන අයුරු වෙළඳපොලේ සංචාරයක දී දැකගත හැකි විය. 13 June 2022
පාසල් දරුවන් අවදානම් තැනක මත්කාරක ගුලිවර්ග භාවිතයට තරුණ පිරිස මෙන්ම පාසල් සිසුන්ට යොමුවීමේ ඉහළ ප්‍රවණතාවක් ඇතැයි ද එය පාලනය කිරීමට ඉක්මන් පියවරක් නොගතහොත් රටට බරපතළ සෞඛ්‍ය ප්‍රශ්න ඇති විය හැකි යැයිද මානසික සෞඛ්‍ය පදනමේ සභාපති සහ ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා පැවසීය. 13 June 2022
තැන තැන ලාෆ් ගෑස් බෙදයි ලාෆ් ගෑස් සමාගම අද (13) දිනයේ දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට ගෑස් සිලින්ඩර බෙදා හැරි බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිළධාරියෙකු පැවසීය. 13 June 2022
චෝදනාවට සුරා බදු දෙපාර්තමේන්තුවෙන් නීති පියවර සුරාබදු දෙපාර්තමේන්තුවට එරෙහිව අභූත චෝදනා එල්ල කළ මැත්පැන් අලෙවි බලපත්‍රලාභීන්ට එරෙහිව නීත්‍යාණුකූල පියවර ගන්නා බව සුරාබාදු කොමසාරිස් ජනරාල් එම්.ජී. ගුණසිරි මහතා පවසයි. 13 June 2022
ලංවීම සභාපති පුටුව උප සභාපතිට ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති වරයා ලෙස නලින්ද ඉලංගකෝන් මහතා පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 13 June 2022
’’ගෙදරින් එද්දි කෑම පාර්සලයක් ගේන්න’’ ගෑස්, සහල් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැතිවීමෙන් හෝටල් වලින් සියයට 60ක් පමණ වැසී ගොස් ඇතැයි සමස්ථ ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසීය. 13 June 2022
කොල්ලුපිටියේ දැඩි වාහන තදබදයක් කොළඹ මල් පාරේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට කොල්ලුපිටිය හංදිය ද පසුකර වාහන පෝලිම පැවතීමෙන් අද (13) පස්වරුවේ කොල්ලුපිටිය දක්වා දැඩි වාහන තදබදයක් පැවතුණි. 13 June 2022
තරුණයන්ට අලුත් රැකියාවක් ලිට්රෝ ගෑස් සමාගම අද (13) දිනයේ ද ගෑස් බෙදානොහැරීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියහ. 13 June 2022
ආපන ශාලා හෝටල් වැසීමෙන් ජනතාව පීඩාවට ගෑස් හිඟය මෙන්ම හාල්, පාන්පිටි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රටපුරා හෝටල්, ආපන ශාලා සහ බේකරි දහස් ගණනක් වසා දමා ඇතැයි ඒවායේ හිමිකරුවෝ පවසති. 13 June 2022
ඩීසල් නැවක් 16 වැනිදා අනිවාර්යෙන් එනවා ඩීසල් රැගත් නෞකාවක් ලබන 16 වැනිදා පෙරවරු 6.00 වන විට කොළඹ වරායට ළගාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ථයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 13 June 2022
ධම්මික පෙරේරා 21 දිවුරුම් දෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරනු ලැබ සිටින කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී ලබන 21 වැනිදා දිවුරුම් දෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 13 June 2022
’’මා ස්වාධීන අගමැතිවරයෙක්’’ ’’මා ස්වාධීන අගමැතිවරයෙක්’’යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් රූපවාහිනී ආයතනයක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය. 13 June 2022
රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කර ඇත. 13 June 2022
ශ්‍රී ලංකාවේ ඖෂධ හිගය ගැන ඩබ්ලිව්.එච්.ඕ. අවධානයෙන් ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟතාවයන් මොනවාදැයි හඳුනාගැනීමට සහ දැනට තිබෙන ඖෂධ තොග පිළිබඳ දත්ත එක්රැස් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය සමග එක්ව කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසිස් මහතා පැවසුවේය. 13 June 2022
විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. 13 June 2022
ශ්‍රී ලංකාවේ චීන තානාපති-ඇමෙරිකානු තානාපතිනි අතර හමුවක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය අතර හමුවක් චීන තානාපති කාර්යාලයේදී අද(13) පැවැත්විණ. 13 June 2022
බවුසර්වලට ලැබෙන ඉන්ධන ඇනවුම් ප්‍රමාණය අවමයි ඉන්ධන අර්බුධය හේතුවෙන් බවුසර්වලට ලැබෙන ඉන්ධන ඇනවුම් ප්‍රමාණය අවම වී ඇතැයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය. 13 June 2022
එ.ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිය ඇරැඹේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වෙනි සැසිවාරය අද(13) සිට ජූලි 8 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතය. 13 June 2022
‘‘ඇමතිගේ කතාවෙන් වී මිල ඉහළ ගියා‘‘ ඉදිරියේදී රට තුල සහල් හිගයක් ඇති වන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා කළ ප්‍රකාශය මත කැළඹීමට පත් ජනතාව වී තොග රැස් කිරීම හේතුවෙන් මේ වනවිට කිලෝ 64 ක වී මිටියක මිල රුපියල් 10,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණයේ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ.රංජිත් මහතා පවසයි. 13 June 2022
සී.ටී.බී.ය හිතුමතේ ගත්තු ණයක් ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන් පිරිසක් එහි කටයුතු සඳහා මුදල් අමාත්‍යවරයාගේ සහ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය නැතිව රුපියල් කෝටි 15 ක බැංකු ණයක් ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) එම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කර ඇත. 13 June 2022
දේශීය සහල් නැතිවීමෙන් සහල් කඩ වැසෙන ලකුණු දේශීය සහල් තොග නොමැතිවීමෙන් කොළඹ කොටුව සහල් තොග අළෙවිසල් වසා දැමීමට සිදුව ඇතැයි තොග අළෙවිසල් හිමියෝ පවසති. 13 June 2022
අයි.එම්.එෆ් ණය ලැබෙන කාලය හර්ෂ හෙළිකරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගැනීමට මේ අවුරුද්දේ අවසානය වන තුරු බලාසිටීමට සිදුවනු ඇතැයි සමගි ජන බලවේගයේ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 13 June 2022
පාකිස්තානය ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ දියුණුවටත් අත දෙයි පාකිස්තානය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව දියුණු කිරීමට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි. 13 June 2022
‘ඉවසිය යුතු හේතුවක් වජිර කියයි‘ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමටත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතා වැඩසටහනක් වහා ක්‍රියාත්මක කිරීමටත් අග්‍රාමාත්‍යවරයා සැලසුම්කර තිබෙන බැවින් එම වැඩකටයුතු සාර්ථක වන තෙක් ඉවසීමෙන් කටයුතු කරන ලෙස එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 13 June 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026