(යොහාන් භාසුර)
නීතිවිරෝධී අයුරින් ජෝර්දානයට පැමිණි සංචාරකයින් එරට අතරමංව ඇති නිසා එරට රැකියා ලබාදෙන බවට ජනතාව මුලාකරන ජාවාරම්කරුවන්ගේ වංචනික ක්‍රියාවන්ට හසු නොවන්නැයි ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
විදේශ රටවල් 10 කින් පමණ ජෝර්දානයට පැමිණි පුද්ගලයන් මෙසේ අතරමං වී ඇති බවත් සංචාරක වීසා මගින් ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් කෙටි සංචාර සඳහා ජෝර්දානයට යෑම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිලධාරීන්ගේ අවදානය යොමු වී ඇති බවත් එම කාර්යංශය කියයි.
විදේශ රැකියාවක් සඳහා යොමුවන තැනැත්තන්හට තමා රැකියාව කිරීමට අපේක්ෂිත රට, එම රටෙහි තමාට නීත්‍යානුකූලව රැඳී සිටීමට වලංගු රැකියා වීසා බලපත්‍රයක් සහ රැකියා ගිවිසුමක් සමග කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ නිරන්තරයෙන්ම දැනුවත් කළ ද විවිධ පුද්ගලයින්ගේ වංචනික ක්‍රියාවන්ට ඇතැම් පුද්ගලයින් දිගින් දිගටම හසුවීමෙන් ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව මෙන්ම ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට ද හානි වන බවත් එම කාර්යංශය සඳහන් කළේය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීමෙන් විදේශ රැකියාවලට අදාළ තොරතුරු විමසා නිවැරදි මාර්ගයන් තුළින් විදේශ ගතවීමේ වැදගත්කමත් එමගින් විදේශ රැකියා අපේක්ෂිතයින්ගේ බලාපොරොත්තු සාක්ෂාත් කර ගන්නා ලෙසත් එම කාර්යාංශය මහජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න හිතෙන රටක්... තාරුණ්‍යයට හොටක්... ඔක්කොම ටික හබක්. ඒකනේ හැම රටටම හොරෙන් හරි පැනගන්න බලන්නේ... අහෝ සංවර්ධනේ.
අපිට යන එන මං නැති රටක් හදලා ඔවුන් ඉන්න හිතෙන රටකට පැන ගන්නවා. අන්තිමට ගෝඨාභයත් ගියා... බැසිල්ට ඕනෑ වෙලාවක යන්න පුළුවන්. ඔවුන්ට හුරේ දාපු රැළ මෙහෙ හිඟන්නන් වෙලා ඉන්නවා.