පොහොර සමාගම් පොහොර වංචාවක සහනාධාර යටතේ ගොවීන්ට ලබාදීමට රජයේ පොහොර ලේකම් කාර්යාලය අවසර මත යූරියා පොහොර ආනයනය කළ පෞද්ගලික සමාගම් ගොවීන්ට පොහොර නොදී කර්මාන්ත කටයුතු සඳහා පෞද්ගලික සමාගම්වලට ව්‍යාජ ලේඛන සකසා වැඩි මිලට අලෙවි කර ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 16 November 2022
බොරලුගොඩ සිංහයොත් ජනපතිට අවනතයි බොරලුගොඩ සිංහයොත්, සමාජවාදී පක්ෂත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ අයවැයට අවනත වී ඇතැයි සමගි ජනබලවේගයේ පත් පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 16 November 2022
පෙර පාසල් දරුවන්ගේ උදෑසන ආහාර වේල මැයි මස දක්වා ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන පෙර පාසල් දරුවන්ට උදෑසන ආහාර වේල ලබාදීම සහ පන්ති සහන ගාස්තු කිරීමේ වැඩසටහන ලබන වසරේ මැයි මස දක්වා ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා ලබන වසරේ දෙසැම්බර් දක්වා අනුග්‍රහය දක්වන ලෙස ලෝක බැංකුවෙන් ඉල්ලා සිටි බවත් කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. 16 November 2022
දිස්ත්‍රික්ක හතරකට නොමිලේ යූරියා දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් 15,619කට නොමිලයේ ලබා දිමට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 780ක් එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දුන්නේය. 16 November 2022
’’මම කා එක්කවත් ගියේ නැහැ’’ තමා කිසිම පක්ෂයක් සමග සන්ධානගත වී කටයුතු කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසීය. 16 November 2022
රාජ්‍ය සංස්ථා 150ක් පාර්ලිමේන්තුවට වාර්තා එවා නෑ රාජ්‍ය සංස්ථා 150ක් තවමත් පාර්ලිමේන්තුවට තමන්ගේ වාර්තා එවා නැතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 16 November 2022
ජී 20 සමුළුවේදී ශ්‍රී ලංකාව නිදසුනකට ගනී සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දී සිටින ණය අර්බුදය බරපතල තත්ත්වයක් බවට පත්වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකාවද දරුණු ණය අර්බුදයකට මුහුණ දී සිටින බවත් ජී20 රටවල නායකයෝ පෙන්වා දෙති. 16 November 2022
පොහොර ගැන ගත්තේ මෝඩ තීරණයක් පොහොර තහනමට ගත් අමනෝඥ තීරණය නිසා තේ කර්මාන්තයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වූ බව පිළිගන්නේ යැයි වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසීය. 16 November 2022
අමනෝඥ වැඩ නිසා පොහොර නිෂ්පාදනය අඩු වෙලා පොහොර සම්බන්ධයෙන් ගත් අමනෝඥ තීරණය නිසා තේ කර්මාන්තයේ නිෂ්පාදනය සියයට 60 කින් පමණ අඩුවී ඇති හෙයින් තේ ගොවීන් වෙනුවෙන් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි රජයට යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසීය. 16 November 2022
පෝලන්තයට මිසයිල ප්‍රහාරයක් රුසියාවේ නිෂ්පාදිත මිසයිලයක් පෝලන්තයට එල්ල වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය බව පෝලන්ත මාධ්‍ය වාර්තා කළේය. මිසයිලය දියත් කළ ස්ථානය සහ පෝලන්තයට මිසයිලය එල්ල වූ හේතුව තවමත් පැහැදිලි නැතැයි පෝලන්ත මාධ්‍ය පෙන්වා දුන්නේය. 16 November 2022
කොම්පඤ්ඤවීදියේදී දුම්රියක් පීලි පනී පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසලදී අද (16) පෙරවරුවේ පීලි පැනීම කට ලක්විය. 16 November 2022
පළාත් 5කට සවස් කාලයේ වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල තැනින් තැන අද (16) සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 November 2022
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අලව්ව දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය. 16 November 2022
පවුලක් කපා කෙටු සැකකරුගේ නිවෙසට ගිනි තබයි මාතලේ උකුවෙල නිවසකට පැන මවත් දරුතිදෙනාත් කපා කොටා මහා අපරාධයක් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් දැනට රිමාන්ඩි බන්ධනාගාරයේ සිටින සැකකරැගේ නිවසට ,ත්‍රිරෝද රථයකට සහ යතුරැ පැදියකට කිසියමි පිරිසක් ගිනිතබා ඇතැයි මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි . 15 November 2022
රටේ ආර්ථිකය හොඳ තත්වයට ඇවිත් ඉතාම අනතුරුදායක තත්වයක තිබූ මෙරට ආර්ථිකය මහ බැංකුව හඳුන්වාදුන් මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් මේ වනවිට යම්කිසි ස්ථාවර තත්වයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. 15 November 2022
රජය පියවා නැති හිඟ බිල්පත් වටිනාකම කෝටි විසි දහසක් රජය දැනට පියවා නැති හිඟ බිල්පත් වල වටිනාකම රුපියල් කෝටි විසි දහසක්( බිලියන දෙසීයක්) බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය. 15 November 2022
ජැකලින් ෆර්නැන්ඩස්ට ඉන්දීය අධිකරණයෙන් ඇප සුකෙෂ් චන්ද්‍රශේකර්ට එරෙහිව ඉන්දීය මූල්‍ය අපරාධ අංශය ගොනුකර ඇති ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධි කරන නඩුවේ විත්තිකාරියක ලෙස නම් කර සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජනප්‍රිය ඉන්දියානු නිළි ජැකලින් ෆර්නැන්ඩස් මහත්මියට දිල්ලි අධිකරණය ඇප ලබා දුන්නේය. 15 November 2022
රුසියාවට එරෙහි යෝජනාවට ශ්‍රී ලංකාව මැද පිළිවෙතක රුසියානු හමුදා යුක්රේනයට සිදුකළ ජීවිත සහ දේපළ හානියට වන්දි ගෙවිය යුතු බවත් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකීම රුසියාව බාරගත යුතු යැයි පවසමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකී සිට ඇත. 15 November 2022
විදෙස් කතට අමතක වූ බෑගය ආපසු බාර දෙයි රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා මුදල් හා තවත් දෑ සහිත ගමන් බෑගයක් විදේශ කාන්තාවක අමතක කර දමා ගොස් තිබියදී එම බෑගයක් හිමි කාන්තාව සොයා බාර දීමට කටයුතු කළ බව යුද හමුදාව පවසයි. 15 November 2022
අග්නිදිග විශ්ව විද්‍යාලයේ නව උපකුලපති අග්නිදිග විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා පත් කරනු ලැබ තිබේ. 15 November 2022
සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනුවක් කැමති සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනුවක් විවෘත කර ගැනීමට කතානායකවරයාගේ අවසර ඇතිව වැඩපිළිවෙළක් ළඟදිම අරඹන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය. 15 November 2022
අත් බෝම්බයක් දී සිගරැට් බොන්න හදලා කැළයෙන් අහුලාත් ගත් බව කියමින් ජීව අත්බෝම්බයක් වෙළෙද සැලකට විකුණා සිගරට් සහ බීඩි මිලදී ගැනීමට ගොස් සිටියදී වැලිඔය පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 23 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් කසුන් කාංචන මහතා අද (15) නියෝග කළේය. 15 November 2022
රට කෑ අයට අච්චු කළොත් රට හදන්න සහය දෙනවා රට ගොඩනගන්න දායකත්වය ලබා දිය හැක්කේ රට විනාශ කළ අයට නීතිය ක්‍රියාත්මක කළ හොත් පමණක් යැයි සමගි ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 15 November 2022
කෑ ගසා ජාතික ගීය ගැයුවැයි සිසුවාගේ හිසට පහර පිට පහර උදෑසන රැස්වීම පැවැති අවස්ථාවේදී කෑ ගසා ජාතික ගීය ගායනා කළැයි උරණවී 09 වන ශ්‍රේණීයේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ හිසට පහර පිට පහර ගැසූ බව කියන හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ නැටුම් ගුරුවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි හංවැල්ල පොලීසිය පවසයි. 15 November 2022
වේදනාවෙන් අඳෝනා නැගූ ඇත් පැටවා අවසන් සුසුම් හෙළයි නවගත්තේගම මහමැද්දෑවේ කුඹුරට ගිය ගොවීන් පිරිසක් පසුපස පැමිණ අසල නිවසකට ගොස් මිදුලේ වැටී විලාප නැගූ අවුරුදු 7 පමණ වන අලි පැටවා අද උදෑසන ජීවිතක්ෂයට පත්වූ බව නවගත්තේගම වනජීවී අඩවිවන කාර්යාලය සදහන් කරයි. 15 November 2022
බිත්තර හිගය උග්‍ර වෙයි: හෝටල් වැසී යන ලකුණු බිත්තර ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ සියලුම හෝටල් වැසි යනු ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. 15 November 2022
මැණික් සොයා මාඑළිය රක්ෂිතය වනසති බගවන්තලාව මහඑලිය රක්ෂිතයට විශාල පරිසර හනියක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 19 දෙනෙක් අද අලුයම මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 15 November 2022
කිරිපිටි කිලෝ ලක්ෂ 4 ක් දින 25 ක් වරායේ හිරවෙලා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් නිදහස් කිරීමට අනුමැතිය නොලැබීම නිසා කිරිපිටි කිලෝග්රැම් ලක්ෂ 4 ක් අඩංගු කන්ටේනර් 17 ක් දින 25 ක කාලයක් කොළඹ වරායේ සිරවී ඇති බව කිරිපිටි ආනයන සමාගමේ හිටපු සභාපති ආචාර්ය ලක්ෂ්මන් විජේසූරිය මහතා අද (15) පැවසීය. 15 November 2022
කංසා වලට දුන් තැන රා වලටත් ඉල්ලයි කංසා වලට වගේම කිතුල් රා වලටත් සහය දෙන්නැයි ඉල්ලා සිටින බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 15 November 2022
දයාසිරි ලීක්වාන් යූ ට උත්තරයක් දෙයි ජනප්‍රිය තීරණ ගත්තේ බණ්ඩාරනායක ලා නොව ජේ.ආර් බව කුරුණෑගල දිස්ත්‍රික් පොදු පොදුජන පෙරමුණු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 15 November 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026