IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදුලි ඉල්ලුමෙන් සියයට 13ක් පෞද්ගලික අංශයෙන්

(යොහාන් භාසුර)

පෞද්ගලික පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබන වසරේ (2023) ජාතික විදුලිබල ඉල්ලුමෙන් සියයට 13ක් ලබාගැනීමට සැළසුම් කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම සැළසුමට අනුව වහළය මත සවිකරන සූර්ය පැනල සහ සූර්ය පැනලවලින් ජනනය කරන විදුලි ගබඩා කිරීමට බැටරි හදුන්වාදීම පිළිබඳව විශේෂ අවදානය යොමු කර ඇති බව කී එම නිලධාරියා ඒ සඳහා ජනතාව උනන්දු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.  

ලබන වසරේ ජාතික විදුලි ඉල්ලුමෙන් සියයට 28 ක් ගල්අඟුරුවලින් ද, සියයට 27 ක් ජල විදුලියෙන් ද, සියයට 13 ක් ඩීසල් සහ දැවීතෙල්වලින් ද, ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් පෞද්ගලික ඩීසල් සහ දැවීතෙල් බලාගාරවලින් සියයට 12 ක ප්‍රමාණයක් ලබාගැනීමට සිදුවන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය. 



අදහස් (2)

විදුලි ඉල්ලුමෙන් සියයට 13ක් පෞද්ගලික අංශයෙන්

sampath Friday, 30 December 2022 10:08 PM

ඉල්ලුමට සැපයුම තාක්ෂණික ක්‍රමයක් නොවෙයි. අනෙක ඒකකයක මිලයි වැදගත් වෙන්නේ. බැටරි චාජින් අසාර්ථක ක්‍රමයක්. demand side management පැත්ත ගැන සිතිය යුතුයි.

:       0       1

සුනිල් ක්‍රිෂාන් Saturday, 31 December 2022 08:22 AM

කටේ නරිවාදන් විතරනේ ඕව. Hybrid ක්‍රමයට සෝලාර් එකක් සමග බැටරියක් දානකොට 100% කම රාත්‍රී කාලයේදී බැටරියෙන් දුවන්න ඕන කියල තියෙන නීතිය දාල තියෙන්නෙත් ඔය විදුලි බල මණ්ඩලයම තමයි. රාත්‍රී කාලයේදී Grid current එක ගත්තොත් ඒකට අපිට බිල ගෙවන්න වෙනවා. දවල්ට සෝලාර් එකෙන් කොච්චර current එකක් හදලා දුන්නත් වැඩක් නැ. බිල හිලව් කරන්නේ නැ. Hybrid battery system එකක් ගන්න ඉන්න අයට ඒක එපා කරවන එකනේ එකෙන් වෙන්නේ. කියන්නේ නම් "ඒ සඳහා ජනතාව උනන්දු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා" කියල. එහෙම නම් ඉස්සෙල්ලම කරන්න ඕන Solar Hybrid Battery System ගන්න අයට තමන්ට පුළුවන් ප්‍රමාණයේ බැටරියක් දාල එකෙන් හැකි පමණ රාත්‍රී කාලයේදී දුවන්න දීල මදි වෙන විදුලිය grid එකෙන් ගන්න දෙන්න ඕන. දවල්ට සෝලාර් එකෙන් හැදෙන විදුලියට ඒක හිලව් කල යුතුයි. දැනටමත් මේ ක්‍රමය බැටරි නොමැති ඒවට කරනවනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site