(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය පරිපාලන සේවයේ කාර්යක්ෂමතාවය පවත්වාගෙන යාම වෙනුවෙන් ජනාධිපති ලේකම් සමන් ඒකානායක මහතා හා සියලු අමාත්‍යාංශ ලේකම්වරුත් අතර එකඟතා ගිවිසුමක් ලබන වසරේදී අත්සන් කිරීමට කටයුතු යොදා ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.
තමන් ලේකම් ධූරය දරන අමාත්‍යාංශයන්හි කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම වෙනුවෙන් ලබන වසරට අදාලව ඉලක්කයක් ජනාධිපති ලේකම් විසින් ලබා දෙන අතර එම ඉලක්කය ඔස්සේ ගමන් කරන්නේ දැයි මාස තුනෙන් තුනට ප්‍රගතිය පරික්ෂා කිරීමට ද නියමිතය.
එලෙස ප්‍රගතිය පරික්ෂා කරද්දී සිය ඉලක්ක අවශ්‍ය ප්‍රමාණයට සම්පූර්ණ කර නොමැති අමාත්‍යංශ ලේකම්වරුන් මාස 06 කදී රාජකාරියෙන් ඉවත් කිරීමට ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා තීන්දු කර තිබේ.
ලබන වසරේදී වයස අවුරුදු 60 සම්පූර්ණ වන අමාත්‍යාංශ ලේකම්වරුන් සැලකිය යුතු ප්‍රමාණයක් විශ්‍රාම යන බැවින් අලුතින් පත් කරනු ලබන අමාත්‍යාංශ ලේකම්වරුන් ද එම ගිවිසුමට ඇතුළත් වනු ඇත.
එම එකඟතා ගිවිසුම අනුව රාජ්‍ය සේවයේ වියදම් 25% කින් අඩු කිරීම, අනවශ්‍ය වියදම් කපා හැරීම මෙන්ම චක්‍රලේඛ අනුව නිසි කටයුතු කිරීම ආදී රාජ්‍ය සේවයේ ඵලදායිතාවයට අදාලව එකඟතාවයන් රැසක් ඇතුලත්ව මෙම ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
153
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමාත්‍යාංශ ලේකම්වරුන් වැඩ නොකළොත් මාස හයෙන් ගෙදර
beau Friday, 30 December 2022 11:17 PM
එතකොට ඇමතියෝ. මුන් එකෙක්වත් වැඩකරන උන්ද?
ravin Saturday, 31 December 2022 07:03 AM
බොහොම හොඳයි. පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ අර 225 හේ ප්‍රගතියත් ඔය ආකාරයටම මාස දෙකෙන් දෙකට මැන බලන්න ක්‍රමයක් හදන්න බැරදි කියන එක තමා. වැඩ බැරිනම් ගෙදර පලයන් කියන එක ඉස්ස ඉස්සෙල්ලාම නාසිකාර තැනින්ම පටන් ගත්තොත් තමා හරි.
චන්දන Saturday, 31 December 2022 07:06 AM
සියලු රාජ්‍ය සේවකයන් ට මේ නීතිය ක්‍රියාත්මක කරන්න .
වැඩබැරිවර්දන Saturday, 31 December 2022 07:43 AM
මේ කියන විදියටම වැඩේ වෙනවානම් හොදයි. ලේකම්ලා විතරක් නොවෙයි, රජයේ මුදලින් පඩී ගන්න ඔක්කොටම මේක අදාල කරන්න.
Prase Saturday, 31 December 2022 10:24 AM
රනිල් වැඩ්ඩා.
Perera Saturday, 31 December 2022 03:48 PM
ඒතකොට අවුරුදු 45ක දේශපාලන ජීවිතයේ දී කිසිම ඵලදායී වැඩක් නොකරපු ජනතාවත් ප්‍රතික්ෂේප කරපු පිනාට මොකද කරන්නේ?