(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර ද සිල්වා)
පානදුර සහ කටුබැද්ද ප්‍රදේශවලදී වෙඩිතබා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කිරීමට සහ මත්කුඩු ජාවාරමක් සදහා යොදාගත් යතුරුපැදි 4 ක් සහ සුඛෝපභෝගී මෝටර් රථ 3 ක් සමග පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර සහ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 25 ත් 30 ත් අතර වයසේ පසුවන පුද්ගලයන් බව පොලිසිය කීය.
පානදුර නිර්මල මාවතේ යතුරුපැදියකින් ගමන්කළ දෙදරු පියකු වෙඩිතබා ඝාතනය කිරීම, කටුබැද්ද 255 බස් මාර්ගයේ වෑන් රථයක් තුළදී පින්වත්තේ සහ කළුදෑවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු වෙඩිතබා ඝාතනය කිරීම සහ කළුතර උතුර පොලිසියේ විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයාගේ වැලිපැන්න ප්‍රදේශයේ නිවසට ගිනි අවි රැගෙන පැමිණ කොල්ලකෑමට භාවිතා කළ යතුරුපැදියක්ද ඒ අතර වන බව පොලිසිය කීය.
සැකකරුවන්ගේ නිවෙස්වල තිබී යතුරුපැදි සොයාගෙන ඇති අතර , සුඛෝපභෝගී මෝටර් රථ පානදුර ප්‍රදේශයේ ස්ථාන තුනක සගවා තිබියදී සොයාගෙන ඇතැයිද පොලිසිය කීය.
වාහන තුන තීරුබදු රහිතව කොටස් වශයෙන් ගෙන්වා එකලස් කර ඇති බවත්, ව්‍යාජ අංක තහඩු, ව්‍යාජ ආදායම් බලපත් යොදා පාවිච්චි කර තිබු බවද පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 18
153
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මනුෂ්‍ය ඝාතන සහා අපරාධවලට සම්බන්ත තුනක් මාට්ටු