IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිස් ස්ථාන මාරුවෙන් ස්ථානාධිපති ධුර 30ක් අහිමි කරලා

(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිස්  ස්ථානාධිපතිවරුන් 260 දෙනකුට  ස්ථාන මාරුවීම් ලබා දීමේ දී මෙතෙක් ස්ථානාධිපති ධුර  දැරූ නිලධාරීන් 30 දෙනකුට  එම තනතුරු  අහිමි කර  ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මෙම පිරිස අතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා  ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන් සිටින බවත්,ඔවුන් දැරු ධුර වලින්  ඉවත්තර සාමාන්‍ය රාජකාරි  සදහා අනුයුක්ත කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

පානදුර, ජාඇල, නවගමුව, ග්‍රෑන්ඩ්පාස්, අලුත්ගම, දුම්මලසූරිය, ආණමඩුව, කොස්ගොඩ, කඹුක්ගැටේ, පොතුපිටිය, රංගල, පල්ලෙවෙල, රාජාංගනය, ඊච්චලන්පත්තුව ඌරුබොක්ක, ඇලපාත, කවරක්කුලම, මහකුඹුක්කඩවල, ගලපිටමඩ, වාකරේ, කනංකේ, හිනිදුම, නෙ`ථව, ඕපාත, ඉගුරුවත්ත , ගිරානේගම,මධුරාගොඩ,මීටියාගොඩ, අඹන්පොළ, ආගරපතන යන පොලිස් ස්ථානවල රාජකාරි කළ  පොලිස්  ස්ථානාධිපතිවරුන්ට මෙලෙස තනතුරු අහිමි වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

පසුගියදා පානදුර නගරයේ දී  විරෝධතාවක් අතරතුර  කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු බෙල්ලෙන් අල්ලා තල්ලුකර හිංසනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල ව සිටින පානදුර  මුලස්ථානය පොලිස් පරීක්ෂකවරයා ද  තණතුර අහිමි වීම විශේෂ සිද්ධියක් විය.

ඔහු සාමාන්‍ය රාජකාරි සදහා ගම්පහ කොට්ඨාසයට අනුයුක්ත කර ඇත.

මෙම ස්ථාන මාරුවීම්  සම්බන්ධ  පොලිස් පණිවිඩය නියෝජ්‍ය පොලිස්පති  මානව  සම්පත් කළමනාකරණ හා  ජාත්‍යන්තර  සබඳතා දිසාව එම්.එන්.සිසිර කුමාර මහතා ගේ අත්සනින් ඉකුත් 23 දින නිකුත් කර තිබුණ.

සේවා අවශ්‍යතා මත මෙම ස්ථානමාරුවීම් සිදුකළ බව එම නිවේදනයේ සදහන් වේ.



අදහස් (1)

පොලිස් ස්ථාන මාරුවෙන් ස්ථානාධිපති ධුර 30ක් අහිමි කරලා

sena Saturday, 31 December 2022 11:09 AM

සේවා අවශ්‍යතා කියන්නේ ඡන්ද රාජපකාරි වෙන්නැති මගේ හිතේ.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site