ඩයනාගේ විදෙස් තහනම දික් කරයි ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වන ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම ලබන 15 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (17) නියෝග කළේය. 17 November 2022
සංශෝධන එන නිසා දේශීය ආදායම් බදු පනත ගැටළුවක් නැහැ දේශිය ආදායම් බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඇතුළත් කෙරෙන බව දැනුම්දී ඇති හෙයින් එම සංශෝධනවලට යටත්ව පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) පැවසීය. 17 November 2022
වසර අවසන් වන විට ඩොලර් බිලියන 3ක ආදායමක් මේ වසර අවසන් වන විට ඩොලර් බිලියන තුනක ,හතරක ආදායමක් විදේශ ප්‍රේෂණ වලින් ලැබෙනු ඇතැයි වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 17 November 2022
මන්ත්‍රී වත්කම් ප්‍රදර්ශනය ගැන කිරිඇල්ලගෙන් යෝජනාවක් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාවට බලාගන්න පුළුවන් තැනක තම වත්කම් ප්‍රදර්ශනය කරමු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් කළේය. 17 November 2022
ඇමැති පැටවු ගැස්සවීමට වැය කරන මුදල් ඖෂධ ගේන්න වැය කරන්න ඇමැති පැටව් ගැස්සවීම වෙනුවෙන් වැය කරන මුදල් ජනතාවට ඖෂධ වර්ග සහන මිලට ලබාදීම වෙනුවෙන් වැය කරන්නැයි ඉල්ලීමක් කරන බව විපක්ෂනායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. 17 November 2022
2023 වසරේ අලි සංගණනයක් 2023 වසරේ දී මෙරට අලි සංගණනයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 17 November 2022
පෝලන්තයට ආවේ යුක්රේන මිසයිලයක් පෝලන්තයේ ප්‍රෙස්වෝඩෝව් ගම්මානයට එල්ල වුණේ යුක්රේන හමුදාවේ මිසයිලයක් බව, ‘නේටෝ’ සංවිධානය කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත. පසුගිය 12 වැනිදා එල්ල වුණු එම ප්‍රහාරයෙන් පෝලන්ත වැසියෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප්‍රෙස්වෝඩෝව් ගම්මානය පිහිටා ඇත්තේ පෝලන්ත යුක්රේන දේශසීමාවේය. 17 November 2022
කුඩු අල්ලන්න ගිය පොලිසියට ගල්මුල් ප්‍රහාරයක් අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ දි, අන්ත්‍රාදායක මත්ද්‍රව්‍ය හෙවත් හෙරොයින් සොයා සිදු කළ වැටලීමකදී එම ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් පොලිස් නිලධාරීන්ට ගල්වලින් පහරදීම හේතුවෙන් එක් පොලිස් නිලධාරියකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 17 November 2022
ධනුෂ්කට ඇප ලැබේ ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ දෙවන ඇප අයැදුම් පත්‍රය සිඩ්නිහී උපරිමාධිකරණයේදී අද (17) කැඳවූ අවස්ථාවේදී ඇප අයැදුම් පත්‍රය සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා ඇප ලබා දුන් බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය. 17 November 2022
වැඩිමිලට විකුණන්න ගිය ඩීසල් ලීටර් 13200ක් මාට්ටු ව්‍යාජ බලපත්‍රයක් සකසා පෞද්ගලික කර්මාන්ත ශාලාවකට රැගෙන යමින් තිබූ ඩීසල් ලීටර් 13200 ක් රැගත් බව්සරයක් සමග රියදුරු සහ සහයකයා අද අලුයම අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි . 17 November 2022
වාහන ලියාපදිංචි ගාස්තුත් ඉහළට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 17 November 2022
ත්රිවිලය ගේට්ටුවත් කඩාගෙන ගොස් දුම්රියේ හැපේ මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බලපිටිය දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද(17)අලුයම් කාලයේදී වසා තිබූ දුම්රිය ගේට්ටුවත් කඩාගෙන ගිය තීරෝදක් රථයක ගැටී තීරෝද රථ රියදුරු මියගොස් ඇති බව අහුන්ගල්ල පොලීසිය කියයි. 17 November 2022
සෙල්ලම ලෙල්ලම වි වෙඩි වැදී දරුවා රෝහලේ කතරගම දෙටගමුවේ තරුණයකු විහිළුවට වායු රයිපලයක් එල්ල කිරීමෙිදී එය පත්තුවී පස් හැවිරිදි පිරිමි දරුවකුගේ හිසට වැදීම එම දරුවා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කළ බව කතරගම පොලිසිය කියයි. 17 November 2022
යූරියා බෙදීමේදී ගොවීන්ට බැන්නොත් වැඩ වරදී ගොවිජන සේවා මධ්‍යස්ථානවල යුරියා පොහොර බෙදාහැරීමෙි දී නිලධාරින්ගෙන් හෝ සේවකයින්ගෙන් ගොවීන්ට යම් යම් හිරිහැර හා සිත් රිදවීම් මෙන්ම සේවය පැහැර හැරීම් සිදුවන්නේ නම් පැමිණිලි කිරීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. 17 November 2022
බෝ රුක්ෂයේ අතු කැපූ හතරක් අල්ලයි දර්ගා නගරය අඹගහ හන්දිය බුද්ධ මන්දිරය සමීපයේ වසර 28කට පෙර රෝපණය කරන ලද බෝ ගසක අතු කොටස් මහා සංඝරත්නයේ අවසරය කින් තොරව කපා දැමූ බව කියන හය දෙනකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කීය. 17 November 2022
අද දවස ගැන කාලගුණය කියූ දේ සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක අද (17) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 November 2022
අදත් උදෙන්ම දුම්රියක් පීලි පනී මහනුවර සිට කොළඹ කොටුව බලා අද (17) අළුයම 4.30 ට ගමන් ආරම්භ කළ අංක 1038 දරණ සීඝ්‍රගාමී දුම්රිය පේරාදෙණිය සහ පිළිමතලාව දුම්රිය ස්ථානයන් අතර දී පැනීමකට ලක් ව ඇත. 17 November 2022
කිතුලටත් හොඳ කලක් යන හැඩ ස්විස්ටර්ලන්තයට මසකට කිතුල් පැණි ලීටර 10,000 ක් අපනයන කිරීමට පසුගියදා ගිවිසුමට අස්සන් තැබූ බවත් ශ්‍රී ලංකාවෙන් මේ වන විට ප්‍රධාන රටවල් හතරකට කිතුල් පැණි අපනයනය කරන බවත් ශ්‍රී ලංකාවේ කිතුල් කර්මාන්තය පිළිබඳ ප්‍රධාන ක්‍රියාකාරිකයා වන ප්‍රියන්ත කුමාර මහතා අද (16) පැවසීය. 16 November 2022
දකුණු අප්‍රිකා ජනපති ලංකාවට එයි දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. 16 November 2022
වසන්තගෙන් - සිරිධම්ම හිමියන්ගෙන් ප්‍රකාශ ගන්න අවසර දෙන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ගෙන් ප්‍රකාශ ලබාගැනීම සදහා කොම්පඤ්ඤවීදිය පොලීසියට අවසර ලබා දෙන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්යක්ෂවරයාට අද (16) නියෝගයක් නිකුත් කළේය. 16 November 2022
සිසුවාගේ කනට ගැසූ ගුරුවරයාට ඇප සිය නමින් කතා කළැයි උරණ වී 6 වන ශ්‍රේණීයේ ඉගෙනුම ලබන සිසුවකුට කනේ පහර ගසා තරප්පුපෙළින් තල්ලු කළැයි කියන සිද්ධියට අදාළව බම්බලපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් ලුම්බිණී විද්‍යාලයේ ගණීත ගුරුවරයකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය අද (16) නියෝග කළාය. 16 November 2022
ධනුෂ්කගේ නඩුවට අදාල වීඩියෝ බලන් නීතිඥයන්ට අවසර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතාගේ නඩුවට අදාල සිඩ්නි දුම්රිය ස්ථානයේ වීඩියෝ දර්ශන සහ වෙනත් තොරතුරු පරික්ෂා කිරීමට ඔහුගේ නීතීඥවරුන්ට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නේය. 16 November 2022
කෝටි 300ක මුදල් ආයෝජනය කළ තවත් දෙකක් රිමාන්ඩ් ‘ඇතෑන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර්’ නමින් ආයතනයක් පවත්වාගෙන යමින් මුදල් ආයෝජන අවස්ථා සදහා යැයි පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 300කට අධික මුදලක් වංචා කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එම ආයතනයේ සම්බන්ධීකරණ ලේකම්වරයා සහ ගිණුම් ලිපිකාරිනියක ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළේය. 16 November 2022
කුඹුරට වැටි සිසුවෙක් මරුට කුඹුරු ලියැද්දකට වැටි ජලය පෙවි හුස්ම හිරවීම නිසා පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු අද පෙරවරුවේ මරණයට පත්ව ඇතැයි ඇහැටුවැව පොලිසිය කියයි . 16 November 2022
රිලවුන්ට තැබූ වෙඩිල්ලෙන් දියණිය රෝහලට ගෙවත්තට ආ රිලව් රංචුවක් එළවීමට වායු රයිෆලයකින් තැබූ වෙඩිල්ලක් ඔහුගේ 17 හැවිරිදි දියණියට වැදීමෙන් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පිංදෙනිය පොලිසිය කීය. 16 November 2022
සභාපති හිමිගේ සෙරෙප්පු පහරින් උප සභාපති රෝහලේ බණ්ඩාරවෙළ ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය අවසානයේ සභාපති කරගහවෙළ නන්දවිමල හිමි සිදු කළ බව කියන පහරදීමකින් උප සභාපති රෝහල් ගත කර තිබෙන බව පොලිසිය කියයි. 16 November 2022
පරිඝනකයේ චාජරය පිපිරි සිසුවා මරුට බටපොල කොබෙයිතුඩුව පරිගණක යන්ත්‍රයක චාජර් එක පුපුරා ගොස් එය ක්‍රියාකළ දාහතර හැවිරිදි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි බලපිටිය රෝහල් පොලීසිය කියයි. 16 November 2022
ගම්පහ දැරියක ඝාතනයේ සැකකරුගේ මවත් පියාත් අත්අඩංගුවට වයස අවුරුදු 15 ක බාල වයස්කාර දැරිවියක් අඹුකමට තබාගෙන සිටියදී ඇය ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අඹුකමට තබාගෙන සිටි බව කියන පුද්ගලයාගේ මව සහ පියා අද (16) අත් අඩංගුවට ගනු ලැබූ බව බෙම්මුල්ල පොලීසිය සදහන් කරයි. 16 November 2022
අයවැය ගැන ශ්‍රීලනිප මතය ශාන් කියයි දුප්පත් මිනිස්සුන් පිළිබඳ අබමල් රේණුවකවත් සැලකිල්ලක් අයවැයේ නැතැයි පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 16 November 2022
සතොස තවදුරටත් මිල අඩු කරයි ලංකා සතොස අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. 16 November 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026