
(සුජිත් හේවාජුලිගේ)
රජයේ නිලධාරින් ඇතුළු 147 දෙනකුට පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලා හැදෑරීම සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය ලබා දුන් රුපියල් එක්කෝටි විසි හය ලක්ෂයකට වැඩි මුදලක් අයකර ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ මුදල අය කර ගැනීම අවිනිශ්චිත වී ඇත්තේ අයදුම්කරුවන් පාඨමාලා සම්පූර්ණ නොකර අතහැර දැමීම නිසා බවද එම වාර්තාවේ දැක්වේ.
මේ අතර දේශන පැය ගණන ආවරණය නොකරන ලද දේශකවරුන්ගෙන් 2015 ජූලි මාසයේ සිට 2020 දෙසැම්බර් 31 වැනි දින දක්වා අයකරගත යුතු රුපියල් කෝටියකට ආසන්න මුදලක් අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බව විගණන කාර්යාලය පවසයි.
ආයතනයේ කාර්ය මණ්ඩලයට මහ භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව 2020 වර්ෂයේදී රුපියල් තිස් දෙලක්ෂයකට වැඩි මුදලක් ගෙවා ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.
චක්‍රලේඛ ප්‍රකාරව ස්ථාවර වත්කම් ලේඛනයක් යාවත්කාලීනව පවත්වාගෙන ගොස් නොතිබූ බවද විගණන අංශ පවසයි.
මේ තොරතුරු සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උපාධිය හැදෑරීමට දුන් කෝටියක් වතුරේ
Perera Monday, 02 January 2023 08:46 PM
කල යුතු වන්නේ මුදල පෞද්ගලික මුදලින් ධරා පාඨමාලාව සාර්ථකව නිම කලොත් එම මුදල රජය එම තැනැත්තාට ලබාදීමයි .නැත්නම් ඕවයේ අගයක් නැහැ .ඒවත් අපේ කර පිට